Pages

Sunday, November 20, 2011

ලක්‍ෂ්මී යෝගය

  ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්වා ඇතත් ඒ සියල්ලේ ආසන්න සමාන තත්ත්වයක් දැකිය හැකිය.
 හින්දු ආගමික විශ්වාසය අනුව ලක්‍ෂමි දෙවඟන ධනයට අධිපති ලෙස සලකයි.ධනය දියුණුව සැලසීම ලක්‍ෂ්මී දෙවඟන විසින් සිදු කරන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි."ලක්‍ෂ්මී" යන හින්දු දෙවඟනගේ නාමය භාවිතා කර ඇත්තේ යෝගයේ ස්වභාවය දැක්වීමටය.එසේ නොමැතිව එම යෝගය යෙදෙන ආකාරය වටහා ගැනීම අධ්‍යනය කිරීම අන්‍ය ආගමිකයන්ට අකැප වීමක් නොවේ.ආගමික විශ්වාස හා ජ්‍යොතිෂ සිද්ධාන්ත පටලැවීමක් කර ගත යුතු නැත.


 
     http://www.karmicastro.com/import_yogas.htm

     http://www.findyourfate.com/indianastro/yogas.html

     http://www.barbarapijan.com/bpa/Yogas/b_yoga.htm

ඉහත දැක්වෙන සබැදි අනුව "ලක්‍ෂ්මී යෝගය" යෙදෙන ආකරය පහත පරිදි සරලව දැක්විය හැක.

ලක්‍ෂ්මී යෝගය
යෙදෙන ආකරය :
                 ලග්නාධිපති ග්‍රහයා බලවත්ව පිහිටා නවය අධිපති ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9) සිටීද ඒ ලක්‍ෂ්මී යෝගයයි.


 ඵල විපාක
           දැකුම්කළු සිත්ගන්නා ප්‍රසන්න පෙනුමකි.සැප සම්පත් නිරතුරුව ලැබේ.අවංකය,උදාර ගති පැවතුම් ඇත.උගත්ය.වාසය කරන ස්ථානයට පවා වාසනාව ධනය දියුණුව ලඟාකර දේ.


 විශේෂ සටහන්
         ලක්‍ෂ්මී යෝගය පිහිටීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එකසේ සුභඵල දෙන අතර කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ සුභ පිහිටමක් ලෙස පුරාතන ග්‍රන්ථ වල දක්වා ඇත.ලක්‍ෂ්මී යෝගය පිහිටි කාන්තාවන් සරණපා ගැනීමෙන් ධනය දියුණුව අතින් ඉතා පහල මට්ටමේ සිටින පුරුෂයන් ඉහළ ධනවතුන් බවට පත්වන බවට අදහසක් ඇත.ඒ හා බැදුනු පුරාවෘත්තාන්තද ඇත.
    ලක්‍ෂ්මී යෝගය කේන්ද්‍රයක පිහිටන ආකාරය විමසිල්ලෙන් බැලිය යුතුය.ලග්නාධිපතියා බලවත් වූ පමනින් හෝ නවය අධිපතියා කේන්ද්‍රස්ථානයක උච්ච ක්‍ෂෙත්‍ර බලයෙන් සිටද පමනින්ම ලක්‍ෂ්මී යෝගය උදා නොවේ.අදාළ පිහිටීම් ඒ ආකාරයෙන් තිබිය යුතුය.
 ලක්‍ෂ්මී යෝගයේ සුභඵල මතුවීම ලග්නාධිපති හා නවය අධිපති ග්‍රහයන්ගේ මහදශා කාල වලදී හොදින් ඉස්මතුවේ.
ලක්‍ෂ්මී යෝගය පිහිටි ප්‍රසිද්ධ පුද්ගයන් කිහිප දෙනකු පිළිබද විස්තර පහත දැක්වේ

     1) හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි.
      
     2) ඉන්දීය සුපිරි හින්දි නළු ෂාරුක් ඛාන්
           (2 -Nov- 1965   2.30AM)

     3) බිල් ගේට්ස් (මයික්‍රොසොප්ට් ආයතනය)
           (28 -Oct- 1955   9.15PM )

No comments:

Post a Comment