"ඩුං..... ඩුං .....ඩුං....."
"අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."
අඩබෙර කරුවෙක් හඩබෙර නගමින් මුළු රටේම සංචාරය කළේය.අඩබෙර කරු රුහුණු පුරයටද ආවේය.හඩබෙර කරුගේ පණිවිඩය ඇසී එක් ගමක වැසියන් අඩබෙර කරුට දැන්වූයේ තමන්ගේ ගමේ සිටන් "මනු" නම් ගොවි තරුනයා කාය හා බුද්ධි ශක්තියෙන් මෙම අංග සපුරණ බවයි.
"කෝ දැන් මනු කොහේද ඉන්නේ"
"මනු දැන් ඇත්තේ කුඹුරේ වැඩ කරමින්.මඩ සෝදා ගත්කල ඔහු රජකමට සුදුස්සෙක්"
"ම්... හොදයි යමු බලන්න.මටත් දැන් මේ අඩබෙර ගැහිල්ල එපාවෙලා තියෙන්නේ.හැබැයි රජකමට පත්වීමට එහෙම ලේසියෙන් බැහැ රට වැසියා ඉදිරියේ ශිල්ප පෙන්නන්න වේවි."
කෙසේ හෝ මනු විසින් රජකමට පත්වීමට කෙරුණු අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය.මඩ සෝදාගෙන පැමිණි හේ උස් දැවැන්ත කණුවක් තමා විසින්ම ඔසවා සිටුවා ඒ මත තනි කකුලෙන් හිදිමින් බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි.
මෙලෙස අභීත ලෙස දස්කම් දැක්වූ "මනු" ගොවි තරුණයා "මහා සම්මත මනු" ලෙස හෙලයේ පළමු රජ බවට පත්විය.සියළු දෙනාගේ සම්මතයෙන් තෝරා ගැනීම නිසා "මහා සම්මත" යන්න ආදේශ වී ඇත.
මහා සම්මත මනු රජු පිළිබද ඇති සමහර ලේඛන වල ඔහු දඹදිව පාලනය කල රජෙක් බව සදහන් වෙතත් ලංකාවේ පලමු රජතුමා මහා සම්මත මනු රජු බවට ලේඛන සාධක එමට ඇත.මහා සම්මත රජ සම්බන්ධ සමහර කතාන්දර වලට හින්දු දේව සංකල්ප සම්බන්ධ කොට ඇති ප්‍රබන්දාකාර පුරාවෘත්ත (මහා සම්මත රජුගේ බිසව මැණික්පාල දේවිය විශ්ණු දෙවිගේ සොහොයුරියක් බවත් විශ්ණු සමඟ ඇති කරගත් ගිවිසුමක් කඩ වීම නිසා වසවර්තී මාරයා මැණික්පාල දේවියට හූණියම් කොට සර්පයෙකුගෙන් දමා ගැසීම ආදී කතා)නිසා මහා සම්මත රජු මනඃකල්පිත රජ කෙනෙකු බවට පත්ව ඇතත් සීගිරිය පොලොන්නරුව ආදී ස්ථාන වල ශිලා ලේඛන හා ඉතිහාස තොරතුරු අනුව මහා සම්මත රජු ප්‍රබන්ධයක් නොවන බව පැහැදිලිය.
මනු රජුගේ රාජධානිය වූයේ මන්නාරමයි. "මනු +ආ +අරම =මනු අරම =මන්නාරම වී ඇත.(මන් හෙවත් හිරු ඇරඹීම මන්නාරම වී ඇති බවට තවත් මතයකි.)
මනු රජුගේ බිසව මැණික්පාල දේවියයි.මනු රජුගෙන් ඇරඹි මනු රාජ වංශයේ සියළුම රජවරුන්ට එක් බිසවක් පමනක් සිටි බවට "වර්ගපුර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ සදහන්ව ඇත.රාජ්‍යය පාලනය කරන්නා අන්තඃපුරයක් පවත්වා ගෙන යෑම අසාධාරණ දෙයක් ලෙස මනු රාජ වංශිකයන් සලකා ඇත.එමෙන්ම ලේ ඥාතීන් අතර විවාහයද මනු රාජ වංශිකයන් ප්‍රතික්ෂේප කොට ඇත.මැණික්පාල දේවිය විශ්ණු දෙවිදුගේ නැගණියක්ය යන්නද ප්‍රබන්ධයකි."කවේරී" නම් යක්‍ෂ ගෝත්‍රිකයාගේ දියණිය මැනික්පාල දේවියයි.මනු රජුගේ රාජඅභිෂේකය සමඟම විවාහ මංගල්‍යයද සිදුවී ඇත.
-----------------------------------------------------------------------------------------------------------------------------
මනු රජතුමා මෙන්ම ඉන් පසු හෙළ රාජ්‍යයේ රජවූ පළමු රජවරුන් අට දෙනාම මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්ත අනුව තීරණය විය.එම පළමු මහා සම්මත ක්‍රමයට රජකමට තේරුණු පළමු රජවරුන් අට දෙනා
1 මහා සම්මත මනු
2 රෝජ
3 වරරෝජ
4 කල්‍යාණ
5 වරකල්‍යාණ
6 උපෝසථ
7 මහා මන්දාතු
8 හිරණ්‍ය කාශ්‍යප
මින් අටවන මහා සම්මත රජු වන හිරණ්‍ය කාශ්‍යප රජතුමා මනු රජතුමාටත් වඩා බලගතු චක්‍රවර්තී රජ කෙනෙකු බව සදහන්වේ හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත කලේය.හෙළයන් සතුවූ අහසින් යන විමාන නිර්මාණය හිරණ්‍ය කාශ්‍යප රජුගේ කාලයේ සිටම පැවති බවට සාධක ඇත.ගොඩබිමින් හා මුහුදු මාර්ගවලින් ලගා විය නොහැකි යුරෝපයේ ඇතැම් කදු නිම්න (කොකේසස් කදු වැටි)දක්වා හෙළ රාජ්‍යය ව්‍යාප්ත වීමෙන් මෙම අහස් ගමනට සාක්‍ෂි ලැබේ.කැස්පියන් මුහුද නිර්මාණය කිරීමද හිරණ්‍ය කාශ්‍යප රජුගේ අනුග්‍රහයෙන් සිදුවී ඇත.මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි.
හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යයය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමේදී ඔහුට විශාල සතුරන් ප්‍රමාණයක් නිර්මාණය විය.අහසින් යන හෙළයන් ඉන්දියානු මිත්‍යා දෘෂ්ඨික බමුනන්ගේ සතත්ත බිලි පූජා කඩාකප්පල් කරමින් අසරණ සතුන් හා මිනිසුන්ගේ ජීවිත බේරා ගත්හ.මෙනිසා හෙළයන් ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ වෛරයට ලක්විය.එමෙන්ම හිරණ්‍ය කාශ්‍යප රජතුමා ආක්‍රමණකාරී අයුරින් හෙළ රාජ්‍යය ලොව පුරා පතුරවීම මහා සම්මත ක්‍රමයේ නීතිරීති වලට පටහැණි විමක්ද විය.පුරාණ ග්‍රන්ථවල සදහන් ආකාරයට මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්තට හෙළ රජු පත්කර ගැනීමේදී රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් මෙන්ම ඔහු රාජ්‍යයට පත්වූ පසු අනුගමනය කල යුතු පිළිපැදිය යුතු නීති රීතී පද්ධතියක් විය.ඉන් කිහිපයක් සැකෙවින් දැක්වුවහොත්.
හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යයය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමේදී ඔහුට විශාල සතුරන් ප්‍රමාණයක් නිර්මාණය විය.අහසින් යන හෙළයන් ඉන්දියානු මිත්‍යා දෘෂ්ඨික බමුනන්ගේ සතත්ත බිලි පූජා කඩාකප්පල් කරමින් අසරණ සතුන් හා මිනිසුන්ගේ ජීවිත බේරා ගත්හ.මෙනිසා හෙළයන් ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ වෛරයට ලක්විය.එමෙන්ම හිරණ්‍ය කාශ්‍යප රජතුමා ආක්‍රමණකාරී අයුරින් හෙළ රාජ්‍යය ලොව පුරා පතුරවීම මහා සම්මත ක්‍රමයේ නීතිරීති වලට පටහැණි විමක්ද විය.පුරාණ ග්‍රන්ථවල සදහන් ආකාරයට මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්තට හෙළ රජු පත්කර ගැනීමේදී රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් මෙන්ම ඔහු රාජ්‍යයට පත්වූ පසු අනුගමනය කල යුතු පිළිපැදිය යුතු නීති රීතී පද්ධතියක් විය.ඉන් කිහිපයක් සැකෙවින් දැක්වුවහොත්.
රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් හා පිළිපැදිය යුතු අනුගමනය කල යුතු නිතිරීති කීපයක්
* රාජාක්‍ෂේක්‍ෂකයා යක්,රකුස් හා නාග යන හෙළ ජන කොට්ඨාශයකට අයත් පුරුෂයෙකු විය යුතුය.(මෙහිදී යක් රකුස් නාග ලෙස දක්වා ඇති අමනුෂ්‍යයන් තිරිසනුන් නොව යක්(යාන්ත්‍රික වැඩ කරන්නන්) රකුස්(ගොවියන්) ආදී ජීවනෝපා ක්‍රමවලට අයත් වූවන්ය)
* හොද නිරෝගී සවිශක්තිය යුතු අයෙක් විය යුතු අතර උස මහත හා බර යම් මිම්මක් සපුරාලිය යුතුය.
* සියළු අංගම් සටන් ක්‍රම මෙන්ම ගණිත විද්‍යා ආයුර්වේදය ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රයන් ගැන දැනුවත් විය යුතු අතර තම හැකියාවන් ජනතාවට පෙන්විය යුතුය.
* සතුරු කරදර ආදී අවස්ථ්වලදී දිවි පරදුවට තබා හෙළ රාජ්‍යය ආරක්‍ෂා කර ගත යුතුය.
* දැහැමි ගුණගරුක කම මූලික කල යුතුය.ජනතාවට මැති ඇමති ආදීන්ට ඇහුණ්කම් දිය යුතුය.
* වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය නොකළ යුතුය.
හිරණ්‍ය කාශ්‍යප රජතුමා පිට දේශයන් ආක්‍රමනය කිරීම මහා සම්මත නීති කැඩීමක් විය.සතුරන් අධික වීම නිසා තම රජ වාසලේම සිටි "නරසිංහ" නැමැත්තකු අතින් කුමන්ත්‍රණ කාරී අයුරින් හිරණ්‍ය කාශ්‍යප රජු ඝාතනය විය.හිරණ්‍ය කාශ්‍යප රජුගේ කුඩා පුත් "ප්‍රලාද" කුමරුව සූක්‍ෂම ලෙස භාවිතා කරමින් "නරසිංහ" නැමැත්තා රජමාළිගයේ කණුවකට මුවා වී සැගවී සිට කළ ප්‍රහාරයකින් මෙම ඝාතනය සිදු විය."හිරණය කාශ්‍යප" රජු ඝාතනය වීමෙන් පසු "හෙළ රාජ්‍යය" බිද වැටුනි යැයි සතුටු වූ ඉන්දියානු හින්දු බමුනණ් විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් රජු මරා දැමූ බවට ප්‍රවාදයක් සෑදුහ.
මෙලෙස නිර්මානය කල හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක් විය හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල අතර මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී කණුවකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන ප්‍රවාදය හින්දූන් විසින් ගොතන ලදී.
හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණින් පසු හෙළ රාජ්‍යයේ බලය යම්තාක් දුරට ඇද වැටුණු නමුත් හෙළ රාජධානිය බිඳ නොවැටුනි.
හිරණ්‍ය කාශ්‍යප රජුගෙන් පසු මහා සම්මත ක්‍රමය හෙවත් ජනතා කැමැත්තට රජු පත්වීමේ ක්‍රමය නතර වූ අතර හිරණ්‍ය කාශ්‍යප රජුගේ ආවේගීශීලි හා ආක්‍රමණකාරී ස්වභාවය හෙළ රාජධානිය පිරිහීමට හේතී වූ බව වටහා ගත් හෙළයෝ තම රජු පත් කර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළේය.එම විශේෂී ක්‍රමය කුමක්ද?
-------------- මතු සම්බන්ධයි -----------------
No comments:
Post a Comment