කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
*නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට
" කාලය පරම සත්‍යයකි.එය වෙනත් කිසිවක් සමඟ සම්බන්ධව නොපවතී.එහි පැවැත්මට වෙනත් කිසිවක ආධාරයක් උවමනා නොවේ.අවකාශයද මෙවැනිම ආකරයකි.පරම අවකාශය එහිම ස්වභාවයෙන්ම මිස වෙනත් කිසිදු බාහිරත්වයක් සමඟ සම්බන්ධ නොවේ.අවකාශය සෑම විටම ඒකාකාරව හා නිශ්චලව පවතී."
නිව්ටන් විසදන් ඉදිරිපත් කල "ගුරුත්වාකර්ෂණය පිළදබද සාර්වත්‍ර නියමය" හා "චලිතය පිළිබද නියම" ඉදිරිපත් වී ඇත්තේ මෙම කාල අවකාශ නිරපේක්‍ෂ සංකල්පය ඇසුරෙනි.කාලය අවකාශය පිළිබද මෙම සංකල්පයෙන් බැහැර වන විට මෙම සාර්වත්‍ර නියම හා චලිත නියම බිද වැටේ.කාලය අවකාශය පිළදබද නිරපේක්‍ෂ මතය අනුව බලන විට
1) කාලය හා අවකාශය යනු මිනිසාගෙන් පරිභාහිරව පවත්නා දෙයකි.
2) කාලය සම්පූර්ණයෙන් නිරපේක්‍ෂය.මිනිස් සිතුවිලි සංවේදන හෝ ක්‍රියාකාරකම් වලින් ස්වායක්තව මෙම කාලය දතීතයේ සිට අනාගතයට විහදේ.(ගලායන ගඟක් ඉදිරියට ගමන් කරන ඊතලයක් මෙන්) වස්තූන්ගේ චලනය සිදුවන්නේ මෙම නිරපේක්‍ෂ කාලය තුළය.
3) කාලය මෙන්ම අවකාශයද නිරපේක්‍ෂය.මෙම අවකාශය තුල වස්තූන්(ඝන,දුව,වායු) විසිරී ඇත.මෙම අවකාශයේ දිග පළළ නිශ්චිතය.නිරීක්‍ෂකයකු සිටියද නොසිටියද එය එම නිභ්චිත තත්ත්වයේම ඇත.
4) වස්තූන්ගේ චලනයට හා වෙනස් වීමට බලපාන විවිධ හේතූන් ඇත.ඒවාද නිරපේක්‍ෂය.ඒ නිරපේක්‍ෂ සිද්ධාන්ත විද්‍යාවෙන් හා ගණිතයෙන් අවබෝධ කර ගත හැක.
5)විශ්වයත් පරමානු ලෝකයත් යාන්ත්‍රික ක්‍රියාවලියක් හා බැදී ඇත.මෙම යාන්ත්‍රණයට අවශ්‍ය ආරම්භක චලනය ලබා දුන්නේ දෙවියන් වහන්සේ විසිනි.
ලෙස නිව්ටන් අදහස් පල කලේය.
ලෙස නිව්ටන් අදහස් පල කලේය.
නිව්ටෝනියානු යාන්ත්‍රිකයට පලමු ප්‍රහාරය එල්ල වූයේ මයිකල්සන් මෝලිගේ ඊතර් මාධ්‍ය පර්යේෂණයත් සමඟය.මාධ්‍යයක් තුලදී වස්තුවක චලිතය දිශානුරූපීව ඒකාකාරී නොවන බව මෙම පරීක්‍ෂණයත් සමඟ සාධක ලැබුනි.
කාලය හා අවකාශය පිළිබද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයෙන් දැක්වෙන සංකල්පය
* සාපේක්‍ෂතාවාදය අනුව විශ්වයේ සියළු සංසිද්ධි නිරපේක්‍ෂ නොවේ.එනම් ස්වයං සංසිද්ධි කිසිවක් නැත.සියල්ල පැවතීම ක්‍රියාත්මක වීම අනොන්‍ය සාපේක්‍ෂතාව මත රදා පවතී.ඒ අනුව "දිග පලල ,වම දකුණ,රැ දවල්,ලොකු පොඩි ආදී වචන හා එම වචන වලින් විස්තර කෙරෙන තත්ත්වයන්ද සාපේක්‍ෂය.අවකාශය මෙන්ම කාලයද සාපේක්‍ෂය.කාලය හා අවකාශය ඒ ඒ නිරීක්‍ෂකයාට අනුව සාපේක්‍ෂවේ
* අයින්ස්ටයින් මතය අනුව නිරපේක්‍ෂ ලෙස සැලකිය හැක්කේ අවකාශ කාල පද්ධතියක් පමණි.නමුත් වස්තුවක සිට තවත් වස්තුවකට ඇති සබදතාව තවත් මානයක මත රදා පවතී.ඒ අනුව දිග,පළල,උස ත්‍රිමාණයට අමතරව කාලයද සම්බන්ධ වූ චතුර් මානයක් නිර්මාණයවේ.දිග පලල හා උස මගින් අවකාශය තීරණය වන විට කාලය විසින් එය පවත්නා අවස්ථාව නිරූපනයවේ.මෙම කාල අවකාශ සන්නතිය මගින් සියල්ල නියෝජනයවේ.

කාලය හා අවකාශය පිළිබද ක්වොන්ටම් වාදයෙන් දැක්වෙන සංකල්පය.
* ක්වොන්ටම් වාදය අනුව ශක්තිය "ක්වොන්ටීකරණය" වී ඇත.එනම් ශක්තිය පිටවන්නේ "කුට්ටි කුට්ටි" වශයෙනි.මෙම කොටස්(කුට්ටි) පෝටෝන් ලෙස හැදිනවේ.ඒ අනුව අවකාශය මෙම ක්වොන්ටම්කරණය වූ ශක්ති පුංජ වලින් පිරී ඇත.ඉලෙක්ට්‍රෝනයක කාලය සමඟ පිහිටීම ඛන්ඩාංක ගත කිරීම කළ නොහැකි පරිදි මෙම "ශක්ති පුංජ" කාලය තුල ක්‍රියාත්මක වන ආකාරය ඉන්ද්‍රිය ඝොචර අයුරින් විස්තර කළ නොහැකිය.මේ අනුව ක්වොන්ටම් විද්‍යාව තුල ස්ථාවර අවකාශ කාල සංකල්පයක් නැත.ඒ ඒ අවස්ථාවට හා නිරීක්‍ෂකයාට අනුව අවකාශ කාලය සාපේක්‍ෂව නිර්මානය වේ. උදාහරණයකට විකිරණ ශීලි ද්‍රව්‍යයකින් විකිරණ පිටවීම සලකන්න ඔබ මෙය නිරීක්‍ෂණය කිරීමට යාමද විකිරණ පිටවීමේ සීඝ්‍රතාව ත්‍රීව්‍ර හෝ මන්දනය වීමට හේතු විය හැකිය.

No comments:
Post a Comment