යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.
ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.
ලග්නය හත අධිපති ග්‍රහයා
මේෂ සිකුරු(ශුක්‍ර)
(ජන්ම කේන්ද්‍රයේ මෙම සිකුරු ග්‍රහයා දක්වා ඇත්තේ "ශු" යනුවෙනි)
වෘෂභ කුජ(අඟහරු)
මිථුන ගුරු(බ්‍රහස්පති)
කටක ශනි(සෙනසුරු)
සිංහ ශනි(සෙනසුරු)
කන්‍යා ගුරු(බ්‍රහස්පති)
තුලා කුජ(අඟහරු)
වෘශ්චික සිකුරු(ශුක්‍ර)
ධනු බුධ
මකර සදු
කුම්භ රවි
මීන බුධ
හත අධිපතියා,
1) ලග්නයේ නම් තමන්ගේ අදහස් වලට ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබේ.කුජ ,ශනි වැනි පාප ග්‍රහයෙකු නම් විවාහය පමා විය හැකියි.
2) දෙවැන්නේ නම් ධනවත් සැමියෙකු හෝ බිරිදක් ලබයි.විවාහයෙන් පසු පෙර සිටි තත්ත්වයට වඩා දියුණු වේ.නමුත් සැමියා බිරිදගේ ආදරය කල්ගතවන විට අඩුවන බව කියයි.
3) තුනේ නම් ප්‍රසිද්ධ වික්‍රමාන්විත අයෙක් සමඟ විවාහය යෙදේ.විවාහයෙන් පසු බොහෝ වෙනස්කම් යෙදේ.
4) හතරේ නම් ගේ දොර ඉඩකඩම් දේපළ ඇති අයෙක් ලැබේ.විවාහයෙන් පසු දෙදෙනාගේ සම්බන්ධය වඩාත් වැඩිවේ.
5) පහේ නම් අධ්‍යාපනය ලබන ස්ථානයෙන් ඇතිවුනු ප්‍රේම සම්බන්ධයකින් විවාහය සිදුවේ.උගත් අයෙක් ලැබේ.දෙපාර්ශ්වයේ ඥාතීන් අතර ප්‍රශ්ණ ගැටළු ඉස්මතු විය හැකියි.
6) හයේ නම් වැඩි තොරතුරු නොදන්නා දුරබැහැර අයෙක් සමඟ විවාහය යෙදේ.සහකරුගේ හෝ සහකාරියගේ අසනීප වංචා වැනි දුර්වලතා පසුව හෙලිවේ.කල්ගත වන විට දෙදෙනා අතර යම් යම් විරුද්ධ කම් මතුවේ.
7) හතේ නම් තමන්ගේ සිතට ගැලපෙන අයෙක් ලැබේ.දෙදෙනා තුලම එකිනෙකාට ගෞරවයක් බැදීමක් ඇත.විවාහ දිවිය ගැන අවධානය වැඩිය.කුජ ,ශනි වැනි පාපී ග්‍රහයෙකු වන විට මෙම සුභදායක තත්ත්වය අඩුවේ.
8) අටේ නම් ශරීර ශක්තිය අඩු ධෛර්ය උත්සාහය අඩු අයෙක් විවාහයට ලැබේ.කෙසේ වුවත් ඔහුග් හෝ ඇයගේ ධනයෙන් තමාට යැපීමක් ඇත.
9) නවයේ නම් ගුණ යහපත් වාසනාවන්ත අයෙක් විවාහයට ලැබේ.නමුත දෙදෙනාග ලිංගික ඇසුර බොහෝ දුරට අඩුවිය හැකියි.
10) දහයේ නම් රැකියාව හේතුවෙන් විවාහය යෙදීමට වැඩි ඉඩකඩයි.රැකියාවක නියුතු කාර්්‍යක්‍ෂම කෙනෙකු ලැබීමට ඉඩ තිබේ.
11) එකොලහේ නම් නිතර ආදායම් ලබන අයෙක් සමඟ කලක් ඇසුරින් විවාහය යෙදේ සහකරු සහකාරිය නිරායාසයෙන් තමා සොයා පැමිනේ.පෙර ආත්ම වල බැදීම් වැඩි අයෙකි.
12) දොලහේ නම් දියුණුවෙන් හෝ තත්ත්වයෙන් අඩු දුර බැහැර අයෙක් සමඟ විවාහය යෙදේ තමා නිසා ඔහු හෝ ඇයට අධික වියදම් යෙදේ.
No comments:
Post a Comment