වෙශි යෝගය
යෙදෙන ආකාරයසදු ,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙවැන්නේ වීම
විපාක
වෙශි යෝගය සුභඵල දෙන යෝගයක් ලෙස සදහන්ව ඇතත් නියම සුභඵල දීමට රවිගෙන් දෙකේ සිටින ග්‍රහයා සුභ ග්‍රහයකු වී බලවත්ව සිටිය යුතුය.සුභ ග්‍රහයකු වීම හොදයි.යහපත් ගති පැවතුම්ය.වාසනාවන්තය.ගුණවත්ය ප්‍රසිද්ධය,අභිමානවත්ය.පාපී ග්‍රහයකු (ශනි,කුජ) වන විට දුෂ්ඨ ගතිවේ.පාප මිත්‍ර සේවණයට යොමුවේ.
රවිගෙන් දෙවැනනේ සුභ ග්‍රහයකු යෙදී සුභඵල වෙශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
* හිටපු ඇමෙරිකා ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1809.02.12 කුම්භ ලග්නය) රවිගෙන් දෙවැන්නේ ගුරු සිකුරු ග්‍රහයන් දෙදෙනාම පිහිටා ඇත.
* හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු.රවිගෙන් දෙකේ ගුරු පිහිටීම
* ෆ්ලෝරන්ස් නයිටින්ගේල්(රවිගෙන් දෙකේ සිකුරු)
* රෝහණ විජේවීර (1943.7.14 වෘශ්චික ලග්නය)රවිගෙන් දෙකේ ගුරු
රවිගෙන් දෙකේ පාපී ග්‍රහයන් ඉදිමින් බලයෙන් අඩු වෙශි යෝගය පිහිටි ප්‍රසිද්ධා පුද්ගලයන් කිහිප දෙනෙක්.
* චාල්ස් කුමරු (රවිගෙන් දෙකේ කුජ)
* එහ්.ආර් ජෝතිපාල (1936.2.12 කන්‍යා ලග්නය රවිගෙන් දෙකේ ශනි,කුජ ග්‍රහයන් දෙදෙනාම සිටී.
* ගීතා කුමරසිංහ (1955.07.05 කටක ලග්නය) රවිගෙන් දෙදෙක් කුජ නීචව ඇත.උච්ච ගුරුද රවිගෙන් දෙකේ නිසා අසුභ හා සුභ වෙෂි යෝග දෙකම පිහිටා ඇත.
වොශි යෝගය
යෙදෙන ආකාරයසදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු රවිගෙන් දොලොස්වැන්නේ යෙදීමයි.
විපාක
වෙශි යෝගය මෙන්ම වොෂි යෝගයද වඩාත් සුභඵල දෙන්නේ රවිගෙන් දොලහේ පිහිටි ග්‍රහයා සුභ ග්‍රහයකු වනවිටය.සුභ ග්‍රහයකුගෙන් යෙදී ඇති විට නිදහස් මතධාරී ප්‍රීතිමත් අයෙකි.පාලකයන්ට ප්‍රියවේ.කුජ ශනි වැනි පාපී ග්‍රහයකුගෙන් යෙදී ඇති විටඑතරම් සුභ නැත.පටු අදහස්ය.චිත්ත සන්තුෂ්ටියට බාධා තමන් විසින්ම ඇති කර ගනී.
සුභ ග්‍රහයකු රවිගෙන් දොලොස් වැන්නේ යෙදී සුභ වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
* ඇල්බට් අයින්ස්ටයින් (1879.3.14 මිථුන ලග්නය) රවිගෙන් 12 ගුරු
* බ්‍රිට්නි ස්පියර්ස් (1981.12.21 ධනු ලග්නය) රවිගෙන් 12 ගුරු
*දෙවන එළිසබෙත් රැජින(1926.4.21 වෘෂභ ලග්නය) රවිගෙන් 12 බුධ
* ඩයනා කුමරිය (1961.7.1 කටක ලග්නය)රවිගෙන් 12 සිකුරු
* විලියම් කුමරු (1982.6.21 කටක ලග්නය) රවිගෙන් 12 වැන්නේ බුධ සිකුරු
රවිගෙන් 12 වැන්නේ පාපියකු යෙදී බල අඩු වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්
* එඩී ජයමාන්න(1915.2.15 තුලා ලග්නය )රවිගෙන් 12 කුජ
* පකිස්ථානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලිභූට්ටෝ (මිථුන ලග්නය) රවිගෙන් 12 කුජ ශනි
* මාඕ සේතුං (1893.12.26 මකර ලග්නය) රවිගෙන් 12 වැන්නේ කුජ
උභයචාරී යෝගය
යෙදෙන ආකරයසදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු (හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙපස රාශිවල තැන්පත් වීමයි.දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගය තුන් ආකරයකට බෙදේ
1) සුභ උභයචාරී යෝගය - රවිගෙන් දෙපස සුභ ග්‍රහයන් පමනක් සිටීම
2) මිශ්‍ර උභයචාරී යෝගය - රවිගෙන් දෙපස සුභ හා පාපී ග්‍රහයන් සිටීම
3) අසුභ උභයචාරී යෝගය - රවිගෙන් දෙපස ශනි කුජ වැනි පාප ග්‍රහයන් පමනක් සිටීම.
විපාක
1) සුභ උභයචාරී යෝගය
මනා අංගෝපාංගයන් සහිතවේ.සෑම දෙනාම ප්‍රිය කරයි. ධනය හා ප්‍රසිද්ධිය ඇත්තෙක්වේ.අන්‍යයන් ප්‍රය කරයි.
2) මිශ්‍ර උභයචාරී යෝගය
දියුණුව කලින් කලට වෙනස්වේ.ධනය ඇතත් යම්යම් කාලවලදී ධන හීනතා ඇතිවේ.එක් කාලයකදී ලාභ ප්‍රශංසා මෙන්ම තවත් කාලයකදී නින්දා පාඩු විදීමට සිදුවේ.
3) අසුභ උභයචාරී යෝගය
නපුරුය.දුර්ගුණ ඇත.රෝගපීඩා ආදියෙන් කලින් කලට පීඩා ඇතිවේ.
උදාහරණ
1) සුභ උභයචාරී යෝගය
* ජවහර්ලාල් නේරු(රවිගෙන් 12 සිකුරු බුධ හා රවිගෙන් දෙකේ ගුරු)
* ෆ්ලෝරන්ස් නයිටින්ගේල් (කන්‍යා ලග්නය රවිගෙන් 12 බුධ හා රවිගෙන් 2 සිකුරු.සදුද රවි සමඟ නිසා ධුරාධුර යෝගයද ඇත.
2) මිශ්‍ර උභයචාරී යෝගය
* චාල්ස් කුමරු(රවිගෙන් 12 සිකුරු හා රවිගෙන් දෙකේ කුජ)
* සදාම් හුසේන් (1937.4.28 වෘෂභ ලග්නය (රවිගෙන් දෙකේ බුධ හා රවිගෙන් 12 ශනි)
* ජේ ආර් ජයවර්ධන (1906.9.17 කන්‍යා ලග්නය රවිගෙන් 2 සිකුරු හා රවිගෙන් 12 කුජ හා බුධ)
3) අසුභ උභයචාරී යෝගය
No comments:
Post a Comment