Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න

Friday, January 13, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව


                                          
  "අලි බැලිල්ල හා  බලි බැලිල්ල කොච්ර කලත් එපා වෙන්නේ නෑ "  යනුවෙන් වචන මෙන්ම අදහසද විකෘති කරන ලද කතාවක් අප අතර ඇත.ඇත්තෙන්ම මින් අලි බැලීම හා බලි බැලීම ඇසට ප්‍රිය දසුනක් යන්න අදහස් කිරීමක් නිරූපනයවේ.සාහිත්‍ය විචිත්‍රභාවය අනුව සලකන විට මෙහි සත්‍යතාවක් ඇතත් නියම වචනය "අලි බැලිල්ල හා බලි ඇරිල්ල ප්‍රවේශමෙන් කල යුතුය." යන්නයි.ඇත් ගොව්වකු විසින් අලියා බලා කියා ගැනීම හෙවත් අලි බැලීම හා  බලි ඇදුරකු විසින් කඩතුරාවෙන් වසන ලද බලි රූපයේ කඩතිරය විවෘත කිරීම හෙවත් "බලි ඇරීම"  ප්‍රවේශමෙන් කල යුතු බව මින් අදහස් කෙරේ.දස්‌කොන් අදිකාරම හා රාජ දේය අතර පැවතුන ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ද සෙංකඩගල බලියාගය පිළිබඳ තොරතුරු සපයයි. රජ කුමරිය වෙනුවෙන් කෙරුණු බලි ශාන්තිකර්මයක්‌ සඳහා තනන ලද ප්‍රතිරූප බලි රුවෙහි කිසියම් අඩුපාඩුවක්‌((( (උපන්ලපයක්) පෙන්වීම නිසා රාජ උදහසට ලක්‌ වූ අදිකාරම රජු වෙතින් මැරුම් කෑමේ සිද්ධියත් සමඟ මෙම කියමන මිනිසුන් අතර ප්‍රචලිත වූ බව ඉතිහාසයේ සදහන්ය. 
    "බලි" යන ශබ්දය වැඩිපුර භාවිතා කෙරෙන්නේ දෙවියන්ට හා යකුන්ට දෙන පිදේනිය යන්න අර්ථ දීමටය.ඒ අනුව "බලිය" යනු ග්‍රහ දෙවියන් යකුන් ආදියට ආරාධනා කොට පවත්වන පුද පූජා යාග කර්මයයි.රෙදි කඩම ලේඛනයක පින්තාරු කරන හා මැටියෙන් මුර්ති කෙරෙන ග්‍රහ දේවතා රූප වලටද "බලි" යන වචනය භාවිතාවේ.
       ලෝකයේ සෑම රටකම විවිධ ජාතින් පුරාතන කාලයේ සිටම තමන් මුහුණදුන් උවදුරු ලෙඩදුක් ව්‍යසන ආදියෙන් ආරක්‍ෂා ප්‍රවේශමක් ලබා ගැනීමට ග්‍රහ දෙවියන් වෙනුවෙන් පුද සත්කාර යාග හෝම සිදුකරණ ලදී මෙම පුද සත්කාර කිරීම් වලට ඔවුනොවුන්ගේ සංස්කෘතික අංග එක්වීම නිසා මෙම ශාන්ති කර්ම ක්‍රම වල සාහිත්‍යමය විචිත්‍රත්වයක් ඇති විය.
  තමන්ට මුහුණ දීමට සිදුවෙතැයි සිතෙන "ඇස්වහ කටවහ,හෝවහ,අදෝ වැඩියා,තූර්තු ,මූර්තු,පිනුම්,ඇව්ලුම්,පෙරලුම්,වෙව්ලුම්,ග්‍රහදෝෂ, යක්‍ෂ ,ප්‍රේත,කුම්භාණ්ඩ ගිරි දෝෂ " ඇතිකරවන ගුප්ත බලවේග වලින් ආරක්‍ෂා වීමට මෙන්ම බව බෝග වගාව සරු වීමට රක්‍ෂා කිරීමට මෙන්ම වැස්ස ආදීය කලට වේලාවට ලබා ගැනීමට පුරාතනයේ සිට සිදු කරන ලද ශාන්ති කරාම විශේෂයක් ලෙස මෙම "බලි ශාන්ති කර්ම" හැදින්විය හැක.


 බලියේ උපත
      බලියේ උපත පිළිබදව විවිධාකර මත ඇත.ඉන් එක් මතයක් අනුව මුල්ම බලියෙහි උපත දැක්‌වෙන කවි වලින් එය විශාලානුවර ලිච්චවි රාජ පරම්පරාම දක්‌වා ඈත ඉතිහාසයකට දිවයයි.

ලිච්චවි රජ උපත
ඔවුන් කුමරුන් සිය වෙත
පන්සිය කුමරු වෙත
ගියෝ වැලි කෙලි උනුන් සියවෙත

ඉන් එක්‌ කුමරු හට
ගොස්‌ වැඳ වැටී එම විට
තනා වැලි රුව කොට
දමා මල් පැන් පන්සියක්‌ කොට


එවිට දොස්‌ යන්නේ
කුමරා නැගි සිටින් නේ
බුදු අනුහසින් නේ
එදා සිට බලි පැවන එන්නේ

විශාලා නුවර උපත ලද මෙම බලි ශාන්ති කර්මයේදී පුද ලබන දෙවියන් මෙසේ දක්‌වා ඇත.

විසල්පුර එම සඳ
ඇතිවිය මෙමල් බලියද
මෙහි රඟ සිත් පැහැද
ඇසුවන් හට වේය සැප සොඳ

හිං හතර රකුසුද
අට විසි නැකැත් දෙවිඳුද
ශනිශක ත්‍රි මොහොත ද
අෂ්ඨ රකුසත්දේවතාවොද

දොළොස්‌ රුස්‌ දෙවිඳුද
සේනාධිපති දෙවිඳුද
තිපස්‌වක්‌ දෙවිඳුද
නවග්‍රහ දේවතා සමගද

එක සූවක්‌ පමණ
දේවතාවුන් සමඟින
බුදුන් අනු මැති යෙන
එදා දොලපුද දුන්නු මෙලෙසින

උන් උන්ඩ වෙන වෙන
වර්ණ කර රස බෝජන
සුවඳ දුම් සමඟින
දුන්නු බලිපුද සරා වෙනවෙන

එදා තෙක්‌ පටන් සොඳ
පැවතෙන මෙමල් බලියද
කල උන්ඩ නිවරද
වේය නිති සුබ යාග මනනද

    ඉතිහාස පොත්වල සදහන් තවත් මතයක් අනුව බලි ශාන්ති කර්ම අප රටට ලැබී ඇත්තේ සංක්‍රමණීය ඉන්දීය බ්‍රාහ්මණයන්ගෙනි. එම  කරුණුවලට අනුව, තහවුරු වන්නේ කෝට්‌ටේ යුගය දක්‌වාම එය බ්‍රාහ්මණ ඇදුරන්ගේ අභිචාර ක්‍රමයක්‌ ලෙස මෙරට ක්‍රියාත්මක වූ බවයි. කෝට්‌ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ හා වීදාගම හිමියන්ගේ ද මැදිහත් වීමෙන් බලි යාගය සම්බන්ධ බෞද්ධාගමික ක්‍රමවේදයන් ගොඩනැඟුණු බව ද සඳහන් වෙයි.

----------------------------------------------------------------------------------

  "මොකද රාහුල හාමුදුරුවනේ මෙදා පෝය ලඟටම ඇවිල්ලත් ගමේ උදවිය පන්සල පැත්තේ ඇවිල්ල නැත්තේ වෙනදා පෝය ලංවෙන කොට ගමේ දරු දැරියොත් පින්කම් වලට සූදානම් වෙන්න පන්සල පැත්තට එනවනේ." 
      විදාගම නා හිමියන් තම ප්‍රධාන ගෝල නම වූ තොටගමු ශ්‍රී රාහුල හිමිගෙන් විමසූවේ වෙනදා පන්සල වෙත එන ගම්මුන්ගේ අඩුවක් මහ නාහිමියන්ට පෙනුන බැවිනි.
   "අර ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මනයෝ කට්ටියක් රජ වාසලට ඇවිල්ල රජතුමාටයි ඇමති ගොල්ලන්ටයි සෙත් පතල බලි යාග මාලවක් කරනවා කියන්නේ.ගමේ මිනිස්සු ඒව බලන්න හරි ආසාවෙන් යනවා කියලා ආරංචියි අපේ හාමුදුරුවනේ.ගමේ අය දවස් ගනන් නිදි මරාගෙන ඒව බලන්න යනවලු."
 රාහුල හිමි තම ගුරු හිමියන්ට පිළිතුරු බැන්දෝය.
  කිසිවක් නොකී විදාගම හිමි කල්පනා කරමින් ආවාස ගෙට වැඩියේය.
 "පොඩි නම ඔය කවුරුහරි අතේ පණිවිඩයක් අරින්න ඔය බලි යාගය කරන නායක බ්‍රාහ්මණයට පන්සල පැත්තට එන්න කියලා.රාහුල හාමුදුරුවොත් ආවාස ගෙට ආවනම් පොඩි රහසක් කියන්න."

  විදාගම හිමි වැනි රටේ ප්‍රසිද්ධ උගත් හිමිනමක් තමාට ආරාධනය කිරීම පිළිබද ප්‍රධාන බ්‍රාහ්මනයාට මහත් සතුටක් ආඩම්භරයක් ඇති විය හේ ආරාධනාව පිළිගෙන  ඔහු රජගෙයි යාගය අවසන් වී ආපසු යාමට පෙර විදාගම හිමියන් බැහැ දැකීමට පන්සලට ගියේය.
   "හාමුදුරුවො මට මේ පැත්තට එන්න කියල පණිවුඩයක් ඇරල තිබුනේ ඇයිද දන්නේ නැහැ."
 "මම මේ බ්‍රාහ්මන මහත්තයට එන්න කියල කතා කලේ ටිකක් කතාබහ කරන්න.මට ආරංචියි බ්‍රාග්මන ඇත්තොල බොහොම අපූරුවට බලි ශාන්ති කරාම කරනව කියලා.මිනිස්සුත් හරි ආසාවෙන් ඒව බලන්න යනවා කියල මට කීප දෙනෙක්ම කිව්වා.මම කැමතියි බ්‍රාහ්මන මහත්තයත් එක්ක ටිකක් ශාන්ති කර්ම ගැන කතා බහ කරන්න.ලංකාවේ අපෙත් ඔයවගේ ශාන්ති කර්ම ශාස්ත්‍ර ක්‍රම තියෙනවා."
  යාග කර්මය පිළිබද තොරතුරු බමුණාගෙන් විදාගම හිමියන් විමසූ කල වේදයාගයේ "ශ්ලෝක,යන්ත්‍ර,මන්ත්‍ර" ආදිය බමුණා විසින් මුල සිට අග දක්වාම නොවළහා බමුනා විසින්  විදාගම හිමියන්ට පැවසුවේය.කලින් සැලසුම් කරගෙන තිබූ පරිදි තොටගමු හිමියන් විසින් තිරයකින් වසන ලද ඇතුල් පෙදසෙක පුස්කොළ පොත් පන්හිද සූදානම් කරගෙන හිදිමින් බමුණා පැවසූ දේවල් පුස්කොලේ ලිව්වේය.තොටගමු හිමියන්ට පුස්කොල පොතේ විස්තර ලියා ගැනීමට කාලය සකසා ගත හැකි පරිදි කඩඉම් ප්‍රශ්ණ ඇසීම විදාගම හිමියන් විසින් සිදු කලේය.සරස්වතී තෛලය බීමෙන් ලද අසාමාන්‍ය ධාරණ ශක්තියෙන් යුක්තවූ තොටගමු හිමියන් බමුණා කිවූ ශිල්පීය ක්‍රම සියල්ල පුස්කොළ පොතේ ලියා නිම කලේය.සියල්ල ලියා අවසන් කල පසු විදාගම හිමියන් බමුණා අමතා
  "බ්‍රාහ්මණ මහත්තයා ඔය කිව්ව ඔබලාගේ ශිල්ප ක්‍රම ඔයිටත් වැඩිය විස්තරාත්මකව අපේ පුස්කොළ පොත්වල තියෙනවා.මම හිතුවේ බ්‍රාහ්මන ඇත්තො ගාව අලුත් දෙයක් ඇති කියලා.ඔය කියන බලි යාගය තියෙන පුස්කොළ පොතක් අපි ගාවත් තියෙනවා."
   යැයි පැවසූ විදාගම හිමියන් තොටගමු හිමියන් ලවා පුස්කොළ පොත ගෙන්වා කලුමැද බමුණාට පෙන්වීය.තමා පැවසූ සියල්ල එලෙසම පුස්කොළ පොතේ සටහන් වී ඇති බව දුටු නායක බමුණා පුදුමයටත් ලැජ්ජාවටත් පත්වී කෝපයෙන් මෙන් පන්සල් භූමියෙන් පමනක් නොව ලංකාවෙන්ද පිටවී ගියේය.

   මෙලෙස බමුණන්ගෙන් ලබාගත් "බලි ශාන්ති කර්ම ක්‍රමය විදාගම හිමියන්ගේ මූලිකත්වයෙන් ගායනය වාදනය මුර්ති.. ආදී සකල විදි සංස්කෘතික අංග මෙන්ම අපගේ බෞද්ධාගමට ගැලපෙන පරිදි බුදු ගුණ කියවෙන කවි එකතු කරමින් ලංකාවේ විවිධ පලාත් වලට විකාශණය වූ බව සදහන්ය.
----------------------------------------------------------------------------------
      ලංකාවේ විවිධ ප්‍රදේශවල භාවිතා කෙරෙන සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම අනුව බලි ශාන්ති කර්මයන් කොටස් පහකි.
    * උඩරට සම්ප්‍රදාය
    * පහතරට සම්ප්‍රදාය
    * සබරගමු සම්ප්‍රදාය
    * ඌව සම්ප්‍රදාය
    * නුවර කලාවිය සම්ප්‍රදාය

 මෙම බලි සම්ප්‍රදායන් අතර බොහෝ දුරට සමානකම් ඇතත් වාද්‍ය භාණ්ඩ,ඇදුම් පැළදුම්,ගායන නර්ථන රටා ශෛලිය සැරසිලි හා මුරති ක්‍රම අතර විවිධත්වයෙන් ඒ ඒ සම්ප්‍රදාය ඔවුනොවුන්ගේ අනන්‍යතාව පළ කරති.උඩරට පහතරට ඌව බලි  ප්‍රධාන වශයෙන් ග්‍රහ දෝෂ අපල දුරුකර ගැනීම සදහා සිදු කලත් නුවරකලාවියේ බලි මෙම අවශ්‍යතාවන්ට අමතරව වර්ෂාව ලබා ගැනීම අස්වනු සරුසාර කර ගැනීම සදහාත් අරමුණු කර ගැනීම විශේෂත්වයකි.

 මෙම බලි සම්ප්‍රධායන් අතීතයේ සිට පවත්වාගෙන පැමිණි බලි ඇදුරු පරම්පරාවන් පිළිබද කෙටියෙන් හෝ සදහන් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.වර්තමානයේ බලි යාගයන් පාරම්පරිකව ඉදිරියට යාම අඩුවී මෙම සංස්කෘතික අංගයන් විනාශ වෙමින් ඇතත් පැරණි ඇදුරන් මේ දක්වා අපගේ බලි සම්ප්‍රධාය රැක ගෙන පැමිණිම ගරු කලයුතු කටයුත්තකි.

 උඩරට බලි පරම්පරා
  * කොටඹේ රංගා බලි ඇදුරා(අස්ගිරිය තල්ගහගොඩ පදිංචිව සිටි, 18 වන සියවස)
   * වැලිගංවෙල පුංචිගිරා බලි ඇදුරා (19 වැනි සියවස)
   *ඇටිපොල රංබරණා හෙවත් ලැහැබ උක්කුවා බලි ඇදුරා (1891 -1974)
  * ඊ.එම්.ජී සිරිසේන,සිරිනාම,සිරිපාල බලි ඇදුරන් තිදෙනා(සහෝදරයන්)


 පහත රට බලි පරම්පරා
    මාතර ගුරු කුලයේ බලි ඇදුරන් කිහිප දෙනෙක්
       * සිටිනමළුව ගණිතගේ සමාරිස්,කෝට්ටේගොඩ
  *දේවාලගණිතගේ පියසිරි හා නන්දසිරි බලි ඇදුරන් දෙදෙනා(ඥාති සොයුරන්) ,රන්න
       * පණිඩිත නැකතිගේ අයෝනිස්,අකුරු බැබිල,දික්වැල්ල
       * සුද්දනාද සිංගක්කර නැකතිගේ තෙලෙනිස්,මාතර
       * වාදසිංහගේ ශාන්තිපාල,යටියන

  බෙන්තර ගුරු කුලයේ බලි ඇදුරන් කිහිපදෙනෙක්.
       * බෙන්තර අමරසේ ගුරුතුමා
       * බලි පොඩි මහත්තයා,ගොළුවාමුල්ල
       * දූපින් ඇළබඩආරච්ඡි ,වළල්ලාවිට
       * වීරසංගලිගේ ඒඩින් ,තුන්දූව
       * ගම්මාචාරිගේ ප්‍රේමීන් ,වතුගෙදර

 බලි ශාන්ති කර්මය සිදුකිරීමේ පිළිවෙත් අනුපිළිවෙල (එක් එක් සම්ප්‍රධායන් වල මෙම පිළිවෙත් වල වෙනස්කම් යම් තරමින් ඇති අතර පහත දැක්වෙන්නේ ආතුරයකු වෙනුවෙන් සිදුකරන(ග්‍රහ අපල දුරු වීමට) පහත රට බලියක පිළිවෙත්ය.
   1) ආතුරයාගේ ජන්ම කේන්ද්‍රය බැලීම හා කලයුතු බලිය නියම කිරීම
   2) බලි කප හෙවත් ඇප කණුව සිටුවීම
   3)තුඹස පේ කර බලි ඇඹීම සදහා මැටි ගැනීම
   4)බලි මැසි බැද බලි ඇඹීම සදහා මැටද ගැනීම
   5) අදුන් ජිවම් කර බලි නේත්‍රා තැබීම
   6)බලි කෙලින් කිරීම
   7) බලි පාමුළ සැරසීම
  8) ආතුරයා පන්දලමට කැදවීම
  9) පහන් දැල්වීම හා තුණුරුවන් සරණ යාම
10) මඟුල් බෙර වාදනය
11) ආතුරයාගේ හිස නානු ගැල්වීම
12) දොළ බත් කැප කිරීම
13)ශ්ලෝක හා සන්න කීම
14)පිරිත් හුයේ කියමන් කියා පිරිත්හූය ආතුරයා අතට දීම
15) බලි කඩතුරාව හැරීම
16)කහ දිය වැඩීම
17)බලි දැක්වීම
18)අටමඟල වස්තු ආතුර පය ගැස්වීම
19) දේවාරාධනාව පිණිස ශ්ලෝක හා සන්න කීම
20) කවි බැදීමේ කියමන් හා බලි මඩුපුරය
21)බලි පාවා දීම
22) විසාලා ශාන්තිය රතන සූත්‍රය ගයා ඌණ වීදිය පැවැත්වීම
23)) බලි වලට පඩුරු දමා සෙත් පැතීම
24)පන්තිස් බලි හෙවත් පොත් තිස්පහේ කියමන් කීම
25) ආරක්‍ෂා යන්ත්‍ර බැදීම
26) ආතුරයා නිවසට යැවීම
27) බලි ඉදිරීම
28) පිං දීම හා පිං බෙර වැයීම

 
1) ආතුරයාගේ ජන්ම කේන්ද්‍රය බැලීම හා කලයුතු බලිය නියම කිරීම

         බලි ශාන්ති කර්මයේදී ආතුරයාට කල යුතු බලිය නියම කෙරෙන්නේ ජ්‍යොතිෂශාස්ත්‍රාණුකුලව ජන්මියාගේ කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමෙන් පසුය.මෙහිදී ජන්මියාගතකරන මහදශාව හා එහි මුල මැද අග කොටස අනුව මෙන්ම ජන්මියාට  අපල කරන ග්‍රහයා අනුව සුදුසු බලිය නියම කරයි.
 ලංකා පඤ්චාංග ග්‍රහස්ඵුථ ලිතේ සදහන්ව ඇති ආකාරයට ඒ ඒ මහ දශාවන් හා එම මහ දශාවන් වල මුල මැද අග කොටස් ගත කිරීම අනුව නියම කොට ඇති බලි

1. රවි වර්ෂ 06
මුල් කොටසේ ඇතිවන අපල සඳහා සිරිකොත් බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය

2. චන්ද්‍ර වර්ෂ 10
මුල් කොටසේ ඇතිවන අපල සඳහා කාලමෘත්‍යු බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා ශාන්ති මංගල බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය

3. කුජ වර්ෂ 07
මුල් කොටසේ ඇතිවන අපල සඳහා භූම නාග බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා මහසොප් මංගල බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා මේෂ රකුසු බලිය

4. රාහු වර්ෂ 18
මුල් කොටසේ ඇතිවන අපල සඳහා අසුරගිරි රාක්‍ෂ බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා නාග රාක්‍ෂ බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා සුට රකුසු බලිය

5. ගුරු වර්ෂ 16
මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා අභය කළ්‍යාණ බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා විෂ්ණු රූප බලිය

6. ශනි වර්ෂ 19
මුල් කොටසේ ඇතිවන අපල සඳහා දශ ක්‍රෝධ බලිය බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා ගෞඩි රාක්‍ෂ බලිය

7. බුධ වර්ෂ 17
මුල් කොටසේ ඇතිවන අපල සඳහා වර්ෂාධිපති බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා පඤ්චයන්ත‍්‍ර බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා දේව කළ්‍යාණ බලිය

8. කේතු වර්ෂ 07
මුල් කොටසේ ඇතිවන අපල සඳහා බ‍්‍රහ්මරූප බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා පක්‍ෂුවන් රාක්‍ෂ බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා නිළඟ රාක්‍ෂ බලිය

9. ශුක‍්‍ර වර්ෂ 20
මුල් කොටසේ ඇතිවන අපල සඳහා දේව මංගල බලිය
මැද කොටසේ ඇතිවන අපල සඳහා ශුභ මංගල බලිය
අග කොටසේ ඇතිවන අපල සඳහා අත්ත කළ්‍යාණ බලිය

  ධර්මසිරි පියසේන මහතා විසින් රචිත "ඌවේ බලි යාග ශාන්තිය" පොතො සදහන් ආකාරයට එක්එක් ග්‍රහයාට හා එම මහදශාවලට නියමිත බලි පහත දැකවේ.

 රවිට - කාලමූර්ති,සූර්යය අෂ්ඨක,මහා කාලමූර්ති,ජල රක්‍ෂ බලි
 සදුට - වායු රාක්‍ෂ,යහපත් මංගල්‍ය,සූර්යය මණ්ඩල,සූර්යය රාක්‍ෂ,ජයසිරි මංගල්‍යය බලි
 කුජට -අභය කල්‍යාණ ,රතග කාලය,පංචාංශතය,ශ්‍රමණ රාක්‍ෂ බලි
 රාහුට - අසුර මංගල්‍ය,ශ්‍රී විශ්ණු කල්‍යාණ,අසුරගිරි රාක්‍ෂ,පඩුවන් රාක්‍ෂ බලි
 ගුරුට - ගුරුළු රාක්‍ෂ,සුරගුරු වර්ණය,ශාන්ති මංගල්‍යය,නරේන්ද්‍ර සැන්දෑව බලි
 ශනිට - වේධ  ඒරාශ්ඨක,මහ නිලග රාක්‍ෂ,ශනි ඒරාශ්ඨක,කුඩා නිලග ,ශනි දිෂ්ටි මංගල්‍යය බලි
 බුධට - දේවි කන්‍යාව ,මාංශ රාක්‍ෂ,නාග කල්‍යාණ බලි
 කේතුට - අංගම් මඩුල්ල,ක්‍රිෂ්ණා රාක්‍ෂ,බ්‍රහ්ම රූපය බලි
 සිකුරුට - මාලාසුර,බදමිබා රාක්‍ෂ බලි

 * ඇප ආරාධනයෙන් බලි කප සිටුවීම පහත රට සම්ප්‍රදායට පමනක් විශේෂය

 * බලිය ඇඹීම සදහා මැටි ගන්නේ ආතුරයා පදිංචි නිවසට උතුරු දිගින් වූ තුඹසක් පේකිරිම මගිනි.පෙර දිනයො සිටම මසා මාංශ වලින් හා පස් පවින් පේවී සිටින බලි ඇදුරන් තුඹස තේරීම රහසිගතව සිදු කරන අතර තුඹස පේකිරීමේදී ආතුරයාගේ සතුරන් බලියේ සන්න බල බිදීමට තුඹසට කළහැකි යාග වලින් ආරක්‍ෂා කිරීමට තුඹස වටා කහ නූලක් ඇද පේවීම් කරයි.
   තුඹසෙන් ගන්න පළමු මැටි ගුලියෙන් බලියො හිස කොටස අඹන අතර මෙම පලමු මැටි කොටසද පෙනේරෙන් හලා ඉන්පසු තවදුරටත් පේවීමක් සිදු කරයි.

 * ඉන්පසු බලි මැස්ස සාදන අතර බලිය ඇඹීම සිදු කරන්නේ මෙම මැස්ස මතය.බොහෝ පලාත් වල මෙම මැස්ස සෑදීම පුවක් පතුරු බට ලී යොදා ගන්නා අතර නුවරකලාවියේ තල් පිති යොදා ගැනිම විශේෂය.
---------------------------------------------------------------------------------

  බලිය ඈඹීමේ ශිල්පීය ක්‍රම හා බලි ශාන්තිකර්මයේදී භාවිතා කෙරෙන ශාස්ත්‍රීය හා සංස්කෘතික අංග පිළිබදව මෙහි ඊලඟ(අවසන්) ලිපියෙන් බලාපොරොත්තු වන්න.







මූලාශ්‍ර
      "බලියාග පිළිවෙළ" ,තිස්ස කාරියවසම්,සමයවර්ධන
      "ලංකාවේ බලි ශාන්ති කර්ම" ජයන්ත අමරසිංහ, ගොඩගේ 
      " බලි ඇඹුම් කවි පොත" මනෝජ් පුෂ්ප කුමාර ජිනදාස, ගොඩගේ 
       "ලංකාවේ බලි උපත" ජේ.ඊ.සේදරමන්, එම්.ඩී.ගුණසේන
       "ඌවේ බලි යාග ශාන්තිය",ගොඩගේ 




 http://kendaralk.wordpress.com/2010/03/23/%E0%B6%9C%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84-%E0%B6%85%E0%B6%B4%E0%B6%BD-%E0%B7%84%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B7%92-%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A/


http://www.divaina.com/2011/08/17/badada02.html
http://www.silumina.lk/punkalasa/20101121/_art.asp?fn=ar1011211
  

No comments:

Post a Comment