මෙහි පළමු ලිපිය මෙතනින් බලන්න
* ජය මංගල ගාථා කීම
බාලිකාවියන් 3,5,7 ආදී ලෙස ඔත්තේ ගණනකින් සෑදුනු කණ්ඩායමක් විසින් නව යුවලට සෙත් පතා ජය මංගල ගාථා පැවසීම සිදු කරයි.
* අෂ්ඨක කීම
පෝරුවේ චාරිත්‍ර සදහා නියම කර ඇති කල්වේලාව අනුව නව යුවලට සෙත් පතා විෂ්ණු අෂ්ඨක,බහිරව අෂ්ඨක,නවග්රහ හා ලක්ෂමී අෂ්ඨක වලින් කිහිපයක් කීම සිදු කරයි.
ආරක්ෂා සෙත් පැතීම
මෙහිදී නව යුවලට සෙත් පැතීම සඳහා ජය පිරිත සජ්ජායනා කොට තෙරුවන් ගුණ සිහි කරමින් සත්‍ය ක්‍රියා කිරීමක් සිදු කොට පෝරුවෙන් බැස්සවීමට සූදානම් කරයි.
පෝරුවෙන් බැසීම
මනාල යුවල පෝරුවෙන් බැස්සවීමද ක්රමවත්ව සිදුකල යුතු කාර්්යයකි.පෝරුවෙන් බැස්සවීමට සුදුසු සුභ නැකැත් වේලාව පැමිනෙන තුරු චාරිත්‍ර සඳහා කල්වේලා සකස් කර ගැනීම අෂ්ඨක කියන්නා සතු වගකීමකි.මනාල යුවල පෝරුවෙන් බැස්සවීම කල යුත්ෙත් මනාලයාගේ පියා හෝ මාමා විසිනි.
වස් දොස් ඉවත් කිරීමේ චාරිත්‍ර
යුවළ පෝරුවෙන් බැසීමට විනාඩි කීපයකට පෙර පෝරුව පාමුළ ඇස්ස සහිත පොල් ගෙඩියක් තබා ඒ බුලත් කොළයක් තබා එම බුලත් කොළය උඩ කපුරු දල්වා මනාළ යුවළට අත ගස්වා සරස්වතී ගණ දෙවි දැහැනෙන් වස් දොස් හැර යුවළගේ හිස වටේ කරකවා සුභ පැතුම් කොට පෝරුවෙන් බහින විට දෙකට පැළිමට මනාලියගේ පාර්ශ්වයේ පිරිමි වැඩිහිටියෙකුට භාරදිය යුතුයි.
පෝරුවෙන් බැසීමෙන් පසු කරන ප්‍රථම කාර්යය වන්නේ පොල්තෙල් පහන දැල්වීමයි.දෙදෙනා පහන් තිර 3ක් දැල්විය යුතුය.
පහන් දැල්වීමෙන් පසු ඉපැරණි චාරිත්‍ර අනුව විවාහය ලියා පදිංචි කිරීම සිදු කරයි.(ඇතැම් විට නැකැත් දිනයේ ස්වභාවය අනුව පෝරුවේ නැගීමට පෙර සුභ දිනයක හෝ එදිනම පෝරුවේ නැගීමට ප්‍රථම අත්සන් කිරීම සිදු කරයි.
කේක් කැපීමක් අපේ ඉපුරණි චාරිත්‍ර වල නැති අතර එය බටහිර ක්‍රමයෙන් පුරුදු වූවකි.පෝරුවෙන් බැසීමෙන් පසු කිරිබත් වැනි කිරි ආහාරයක් දෙදෙනා එකිනෙකාට කවා ගැනීමක් සිදු කිරීමක් පුරණි චාරිත්‍ර අතර තිබූ අතර අද එය කේක් කවා ගැනීම බවට පත්වී ඇත.
No comments:
Post a Comment