"මෙන්න ජ්‍යොතිෂලංකා කුණුහරුප කියනෝ..."
"මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න"
"මේ සයිට් එක බලන පුංචි ළමයි ඉන්නවනම් බ්ලොක් කරන්න"
මා විසින් මිට පෙර "ටැබූ සබ්ජෙක්ට්" මාතෘකාව යටතේ පළමු ලිපිය දැමූ විට බ්ලොග් මිතුරන් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්විය.සත්‍ය ලෙස මා එහිදී කතා කලේ කුණුහරුප නොව ජ්‍යොතිෂ ශාස්ත්‍රය හා පුද්ගල විවාහ දිවිය සමඟ බැදී ඇති ශාස්ත්‍රීය කරුණු කිහිපයක් පිළිබඳවය.
විවාහ යෝජනාවකදී දෙදෙනාගේ වත් පොහොසත් කම් අධ්‍යාපන දැන උගත්කම් වයස උස මහත කුළ ගොත් ගැලපීම් මෙන්ම බාහිර ස්වරූපය ගැලපීම ගැන කතා බහ කිරීම් සිදු වුවත් විවාහ දිවිය සාර්ථක වීමට වඩාත් වැඩි වශයෙන් බලපාන "යහන් සුවය" ගැන ප්‍රසිද්ධියේ කතා බහ කිරීම් ඉතා අල්පය.පැරන්නන් විසින් විවාහ අපේක්ෂකයන්ගේ ලින්ගේන්ද්රයන් අතර ගැලපීම් නොගැලපීම් ජ්‍යොතිෂ හා දේහ ලක්ෂණයෙන් විමසා බැලූ ආකාරය ගැන ලියූ පෙර ලිපියට අදහස් දැක්වූ සයිබර් තරුණයකු පැවසූයේ
විවාහ යුවලකගේ යහන් සුවය තීරණය කිරීට සත්‍යලෙසම ලිංගේන්ද්රයන්වල ප්‍රමාණයන් වැඩි බලපෑමක් කරන්නේ නැත.ජ්‍යොතිෂයේ හා දේහ ලක්ෂණ විද්‍යාවේ අදාළ සංකේත හා නාම යොදා ඇත්තේ ලිංගික ශක්තිය හැකියාව ආදිය මෙන්ම වෙනත් බලපෑම් හැදින්වීමට මිස ලිංගේන්ද්‍රයන් ප්‍රමාණයන් දැක්වීමට නොවේ.සාමාන්‍ය ජනයා අතර මේ පිළිබදව ඇති වැරදි අවබෝදය දැක්වීමට මා හමුවට පැමිනි කිහිප දෙනෙකු පැවසූ සිද්ධි කිහිපයක් දක්වමි.
ප්‍රේම සම්බන්ධයක් ඇති තම දියණියගේ පොරොන්දම් පරීක්ෂාවට පැමිනි මවක් පොරොන්දම් පරීක්ෂාවේ යෙදෙන යෝනි පොරොන්දම් ගැලපීම පිළිබද අදහසක් දැක්වූවාය.ස්ත්‍රිය මූෂික(මීයා) යෝනියේය පුරුෂයා ඇත් යෝනියේය.
"පිරිමි ළමයගේ ඇත් යෝනියත් එක්ක අපේ දුවගේ මී යෝනියට හැප්පෙන්න පුළුවන් වෙයිද?"
තවත් අවස්ථාවක බලු යෝනිය යෙදී තිබුනු පුරුෂ කේන්ද්‍රයකට සිය දියණියගේ කේන්ද්‍රය ගැලපීමට එක් මවක් ප්‍රතික්ෂේප කළාය.එම කේන්ද්‍ර දෙකේ පොරොන්දම් ගැලපීම ඉතා හොදින් පැවතියත් ඇයගේ මතය වෙනස් කරවීම අසීරු වූයේ සංවාස කාල සීමාවේදී බල්ලන් සමූහ වශයෙන් රංචු ගැසී එක් ගැහුනු සතෙකු හබාගොස් ලිංගික ක්රියාවේ යෙදීමේ ලක්ෂණය බලු යෝනිය යෙදෙන ස්ත්‍රී පුරුෂයන්ට ආදේශ කිරීමක් එම මව මනෝමයෙන් සිදු කරගෙන තිබූ බැවිනි.
ඉතා ඈත අතීතයේ සිට විවාහපේෂිත යුවලකගේ ගැලපීම පිළිබදව ජ්‍යොතිෂමය සලකා බැලීම් උසස් ශාස්ත්‍රීය ක්‍රම ඇසුරින් සලකා බැලිනි.නමුත් වසර දහස් ගනනක් තිස්සේ පරම්පරාගතව මෙම ජ්‍යොතිෂ ක්‍රම විකාශනය වීමේදී ඇතැම් ශාස්ත්‍රීය ක්‍රම වල ආරම්භක අවධියේ පැවති ගුණාත්මක භාවය ක්‍රමයෙන් අඩුවී ඇති බවට සාක්ෂි ඇත.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ලිංගික සතුටු වීම ගැන සලකා බලන පොරොන්දමක් වන ස්ත්‍රී දීර්ඝ පොරොන්දම පිළිබදව විමසා බැලීමේදී ලංකාවේ අපි භාවිතා කරන ක්‍රමයත් ඉන්දියාවේ ජ්‍යොතිෂඥයන් භාවිතා කරන ක්‍රමයත් සලකා බැලීමේදී මෙම තත්ත්වය පැහැදිළිව දැක ගත හැකිය.ලංකාවේ ජ්‍යොතිෂවේදීන් භාවිතා කරන ක්‍රමය අනුව ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකත ඈතින් තිබීම පුරුෂයාට ස්ත්‍රිය සතුටු කළ හැකි වීමේ තත්ත්වයකි.ඒ අනුව බැලුවහොත් ස්ත්‍රී නැකතේ සිට ආසන්න නැකතක් ඇති පුරුෂයකුට එම ස්ත්‍රිය ලිංගික වශයෙන් සංතර්පනය කළ නොහැක.ඇත්තටම මෙහි ප්‍රායෝගික වශයෙන් සත්‍යතාවක් නැති බව ජ්‍යොතිෂවේදීන් වන අපද පිළිගත යුතුය.පැරණි ජ්‍යොතිෂ ග්රන්ථ වල මෙම ස්ත්‍රී දීර්ඝ පොරොනදම සලකා බලන ආකාරය දක්වා ඇත්තේ මීට සංකීර්ණ ආකාරයකටය.එහිදී දෙදෙනාගේ නැකැත් වල ගතවී ඇති ප්‍රමාණය ඉතා සියුම් ලෙස සලකා බලා ඇති අතර දෙදෙනාගේ උපන් නැකැත්(සදු පිහිටි නැකැත්) වලට අමතරව රවි පිහිටි නැකැත්ද සලකා බලා ඇත.සුභ නැකැත් තේරීමේදී ගෙවල් භූමි චක්‍ර ආදී චක්‍ර වලට අනුරූප ක්‍රමයකට ඇති මෙම සංකීර්ණ සිද්ධාන්ත ක්‍රමය භාවිතය අපේ රටේ දක්නට නැත.
වර්තමානයේ ලංකාවේ වැඩි වශයෙන් භාවිතා කැරෙන "ඈපා" හා "ලංකා" පඤ්චාංග ලිත් වල පොරොන්දම් පරීක්ෂාව දක්වා ඇති විස්තරවල "ස්ත්‍රී දීර්ඝ පොරොන්දම" ගැන දක්වා ඇත්තේද මෙම සංකීර්ණ සියුම් ක්රමයන් ගැන කිසිදු සදහනක් නොමැතිවය.
පුරාතනයේ උපන් කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම(රවි,සදුකු,කුජ,බුධ ආදී ග්‍රහ පිහිටීම හත,අට අධිපති ග්‍රහ බල දුබලතා සරාගී හා කාම යෝග) මෙන්ම දේහ ලක්ෂණයන් අනුව ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංගික බල දුබලකම් ලිංගේන්ද්‍ර ප්‍රමාණයන් තීරණය කිරීමට පැරැන්නේ පුරුදුවී සිටියහ.ඔවුන් එම ශාස්ත්‍ර වලින් උපරිම ඵල ප්‍රයෝජන ලැබුවෝය.නමුත් වර්තමානයේ තරුණ තරුණියන් මේවා සලකන්නේ "හණමිටි ශාස්ත්‍ර" ලෙසය.ඔවුන් ඒවා දැන උගෙනුමට උනන්දුවක් නැත.
No comments:
Post a Comment