දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත් නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ නම් වල සිට ඉතා විශ්මිත අයුරින් තමන්ට නාඩි වාක්‍ය පැවසූ බව මා සමඟ පැවසීමත් නිසාමය
. මේ සටහන ලියන මාගේ ඇඟිලි සලකුණු හා උපන් දිනය අනුව ඉන්දියානු නාඩි වාක්‍ය පවසන්නන් විසින් නාඩි වාක්‍ය ඇසීමට ගිය මොහොත දක්වා ජීවිතයේ පසුගිය තොරතුරු 100%ක් වාගේ සාර්ථකව පැවසූ බව පෙර ලිපියෙන් දක්වන ලදී.පැරණි අනාවැකි 100%ක්ම වාගේ සාර්ථක වීම නිසා හා අනාගතයේ රැකියාව විවාහය සම්බන්ධව දැක්වුනු තොරතුරු එතරම් සුභදායක නොවීම පිළිබදව එකළ සුළු වශයෙන් හෝ මානසික තිගැස්මක් ඇතිවූ බව අවංකව පවසමි.
නාඩි වාක්‍ය පවසන්නන් එකවර මව පියාගේ නම් පැවසීම පිළිබදව මා තවමත් වික්ශිප්තව සිටිමි.නාඩි වාක්‍ය ඇසූ අය කිහිප දෙනෙකුම තමන්ගේ මව පියාගේ නම් එකවර දැක්වූ බව පැවසූ නමුත් කිහිප දෙනෙකු තමන්ගේ මව පියාගේ නමේ මුලකුරු තමන්ගෙන් අසා ඉන්පසු ඔවුන් තම මව පියාගේ සම්පූර්ණ නම පැවසූ බව මා සමඟ පැවසීය.
නාඩි වාක්‍ය අනාවැකි පැවසීමේදී පසුගිය විස්තර දැක්වීම ඉතා වේගයෙන් කියාගෙන කියාගෙන යාමත් අනාගත විස්තර පැවසීමේදී ඇතැම් විට නාඩි වාක්‍ය පවසන්න තල්පතෙන් ඉවතට දෑස් යොමු වීමත් කුතුහලදායකය.
මා වෙත දැක්වූ පටිගත විස්තරය කිහිප වරක්ම වරින් වර ඈසූ විට නාඩි වාක්‍යය අසන වෙලාවේ නොදැනුනු දෙයක් දැනුනි.එනම් අනාගතය පිළිබදව කිසිදු ආකාරයේ වැදගත් දෙයක් නිශ්චිතව දකවා නැති බවයි.විවාහ වී නැති බොහෝ දෙනෙකුට අනාගත සහකරු/සහකාරිය ලෙස නම් වැලක් පවසන අතර එම නම් වැල අනුව එවැනි නමක් මුල මැද අගට යෙදෙන්නන් බොහෝය.
මා නාඩි වාක්‍ය අසා දැනට වසරකටත් වැඩිය.එහි මේ කාලයේදී සිදුවිය හැකි යැයි දැක්වූ විස්තර වලින් වැඩි ප්‍රමාණයක් සත්‍ය නොවූ බව අවංකව පවසමි.විවාහය කෙසේ වෙතත් මේ කාලයේ රැකියාව ගැන පැවසූ දේවල් සපූර්ණයෙන්ම වැරදිය.
නාඩි වාක්‍ය කරුවන් තමන් වෙත පැමිනෙන්නන්ගේ දෙමාපියන්ගේ නම් ගම් හා පැරණි විස්තර තල්පත අනුව පවසන බව පිළිගැනීමට හෝ නොපිළිගැනීමට මා හට තවමත් නොහැකි නමුත් ඇතැම් පැරණි විස්තර ලබා ගන්නේ කිසියම් භූත බලවේගයකින් බව පිළිගැනීමට සිදුවී ඇත.ඇතැම් විදේශිකයන්ගේ නිවෙස් වල අංක ලිපින පවා පැවසීමත් අතීත විස්තර ඉතා නිවැරදිව පැවසීම හා අනාගත විස්තර කණා මුට්ටි ගහන්නාසේ ඉදිරිපත් කිරීමත් මේ සදහා හේතු කාරණාවේ.
පෙර ආත්මය ගැන කියූ මගේ විස්තර සත්‍ය යැයි පිළිගැනීමටද මා සූදානම් නැත.බොහෝ දෙනාගේ පටිගත නාඩිවාක්ය වල දැක්වෙන පෙර ආත්ම වල මෙන් මාද පෙර මින්ස් ආත්මය ගතකොට ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩුවේ "සන්ජාවෝ" නම් ප්රාන්තයකය.නාඩි වාක්‍ය පවසන්නන් බොහෝ දෙනා ඉන්දීය ජාතිකයන්ය.ඔවුන් දකුණු ඉන්දියාව ගැන හොදින් දනී.එනිසා ඔවුන්ට කටට එන දෙයක් පැවසිය හැකිය.මගේ පෙර ආත්ම විස්තර පිළිගැනීමට මා විසින් මැළිකමක් දක්වන්නේ ඉන් දැක්වූ ආකරයට මා පෙර භවයේ ද්‍රවිඩ ජාතිකයකු වීම නොව එම ආත්මයේ ගති ලක්ෂණ මගේ මේ ආත්මයට කිසිසේත් සම්බන්ධ නොවීම හා නොගැලපීමය.මගේ පවුලේ අයට අසන්නට පවා සැලැස්වීම ලජ්ජා නිසා මා විසින් නාඩි වාක්‍යයෙන් දැක්වුනු මගේ පෙර ආත්මයේ "සින්න තම්බි" සම්බන්ධ ඇතැම් විස්තර හඩ පටයෙන් ඉවත් කලේ ඉතා නිවැරදිව පැරණි විස්තර දැක්වෙමින් ඉදිරියට යන නාඩි වාක්‍ය විස්තරයේ මගේ මේ දක්වා විස්තර ඉතා නිවැරදිනම් "සින්න තම්බි" විස්තරද සත්‍ය නොවේදැයි හඩ පටය අසන්නෙකුට සිතිය හැකි බැවිනි.
නාඩි වාක්‍ය පිළිබදව මේ දක්වා ඇසූ දුටු හා විමසූ කරුණු අනුව පෙනී යන්නේ නාඩි වාක්‍ය පවසන්නන් ඇතැම් කරුණු දැක්වීම සිදු කරන්නේ අනුමාන කිරීමෙන් බවයි.ඉන්දියාවේ නාඩි වාක්‍ය පවසන ස්ථාන ඉතා රාශියකි.මැණික්හින්නේ රොඩී ශාස්ත්‍ර ගම්මාන මෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත වල නාඩි වාක්‍ය පවසන ස්ථාන ගම්මාන පුරාම ඇත.ලංකාවේ අපිට හමුවන්නේ නියම ශාස්ත්‍රීය නාඩි වාක්‍ය පවසන්නන් දැයිද සැකයක් ඇත.
No comments:
Post a Comment