තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්‍රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ගෝලනමට ජයග්‍රහන ලබා දීමක් සිදුකොට රාහුල හිමිට ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්ත ආශාව හා බුද්ධිය වැඩි කරවීමට පෙළඹවීමක් මෛත්‍රී හිමියන් විසින් සිදු කොට ඇති බවට දෛනා අතර වාද විවාද සිදුවී ඇති ආකරය දෙස බැලූ විට පෙනී යයි.(නමුත් බොහෝ අවස්ථාවල රාහුල හිමියන් ජයග්‍රහණ කරන්නේ නියම ලෙස බුද්ධි ශක්තිය පෙන්වමිනි.)
තත්ත්වය මෙසේ වුවත් රාහුල හිමියන් තුල වූ අන් අයට දෙවුනි වීමේ අකැමැති ලක්‍ෂණය නිසා අගතියට පැමිනි අවස්ථාද රාහුල චරිතයේ ඇත.තමාගේ ප්‍රධානම ගෝලයා වූ වෑත්තෑවේ හිමියන්ට වරක් තම නොසතුට පළ කිරීම පිණිස වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර බෙදා ඉඟියක් කල බව පැවසේ.මෙම සිද්ධියෙන් සිත් බිදුනු වෑත්තෑවේ හිමියන් කෙටි කලකට උපැවිදි වූ බවත් තමන් කිසි විටෙක ගුරු වසන්සේට ද්‍රොහී නොවන බවත් එහි ආදීනව තමා දන්නා බවත් ගුරු හිමියන්ට දන්වනු පිණිස "ගුත්තිල කාව්‍යය" ලියූ බවත් ඉතිහාසයේ සදහන්ය.
තොටගමු හිමියන් රාහුල හිමි යටතේ ජ්‍යොතිෂය උගන්නා අවධියේ සිදුවූ රසවත් කතාවක් ඇත.දිනක් විදාගම රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය.නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය.
ඔන්න ඉතින් දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය.සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය.
ඔන්න ඉතින් ගුරු ගොල දෙනමම තම තමන්ගේ පැල ඉණි දෙක තියාගෙන තමන් තොරාගත් ගල් දෙබලට ඉන්න දාන්න ලෑස්ති වෙලා ඉන්නවා.නැකැත් වේලාව උදාවුනා. හරියටම නැකැත් වේලාවට විදාගම හිමි තමන් අතින් අල්ලන් හිටිය පැළ ඉන්න ගල් සිදුර තුලට අතෑරියා.හැබැයි රාහුල හාමුදුරුවෝ මෙතනදී අනුගමනය කලේ ටිකක් වෙනස් ක්‍රමයක්.රාහුල හාමුදුරුවෝ කලේ තමන්ගේ එක් පාදයක් ගල් සිදුර මත තබා කකුලේ මාපැටගිල්ල හා දබරගිල්ල අතර ඉන්නේ අග උල රදවා ඉන්නේ ඉහල කෙලවර අතින් අල්ලා ගෙන හරියටම නැකැත් වේලාවට පා ඇගිළි හා ඉහළින් ඉන්න අල්ලා සිටිම අතැහැර එකවර ඉන්න ගල් සිදුර මතට වැටීමට සැලැස්වීමයි.මෛත්‍රී හිමියන් ඉන්න අතින් අල්ලා උඩ සිට අතහරින ඉන්න සිදුර මතට වැටීමට වඩා ඉක්මනට රාහුල හිමිගේ ඉන්න ගල් සිදුර මතට වැටුනි.ගුරු හිමියන්ගේ ඉන්න සිදුරට වැටෙන විට තත්පර ගානක් වූ නැකැත් වේලාව ඉක්මවී තිබුනා.නමුත් රාහුල හිමිගේ පැළ ඉන්න නියම නැකැත් වේලාවටම ගල් සිදුරට ඇතුල් වීම නිසා ගල් සිදුර හාවී ඉන්න ගලේ නොගැලවිය හැකි පරිදි සවිවී කිහිප දිනකට පසු දළු ලෑවේය.
-------------------------- මතු සම්බන්ධයි. ----------------------------
No comments:
Post a Comment