මජීඩ් මගේ පාසැල් මිතුරකු විය.අප ප්‍රද්ශයේ මුස්ලිම් ගමක විසූ ඔහු තුලින් මුස්ලිම් මිනිසුන් තුල ජානමය වශයෙන් පැවතෙන කපටිකම් විද්‍යාමාන වුවත් ඉගෙනීමට ක්‍රීඩාවට ඔහු සැබෑ දක්‍ෂයෙකු විය.දැනට වසර හතකට පමණ පෙර ඔහුගේ මාමා කෙනෙකු නිවසකට අත්තිවාරමක් දැමීමට සූදානම්ව සිටින බව මා සමඟ පැවසීය.මුස්ලිම් මිනිසුන් ගෙවල් අත්තිවාරම් දැමීමේදී අනුගමනය කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබදව දැන ගැනීමේ උවමනාවක් මා හට කලක් තිස්සේ තිබූ නිසා එම අවස්ථාවට සහභාගී වීමට මජීඩ් මාර්ගයෙන් මටද ඉඩකඩ සැලසුනි.
නියමිත දිනයේ මම මජීඩ් සමඟ අත්තිවාරම දමන තැනට ගියෙමි.හිස් අතින් යාම මදි කමක් නිසා අත්තිවාරමේ නිධන් වස්තු ලෙස තැන්පත් කිරීමට නවරත්න ගල් කිහිපයක් මගේ සාක්කුවේ විය.
අත්තිවාරම් දැමීමේ ක්‍රියාපාටිපාටිය මා සිතා සිටි අයුරින් නොවුනි.කිසිදු ආකාරයක නැකැත් ගැනීමක් නොවුනු අතර වේලාවද හවස් කාලයේ විය.ලණු ඇදීම අත්තිවාරම් කැපීම ආදිය නැකතකට සිදු නොකලේය.
"මේකට නිධන් ගලක් තියන්නේ නැද්ද?"
මා පණ්ඩිතයෙකු මෙන් මජීඩ්ගෙන් ඇසුවත් ඔහුගෙන් පිළිතුරක් නොවුනි.
බාස් උන්නැහේලා අත්තිවාරම් දැමීම ආරම්භ කරන ආකාරයක් දිස්විය.මා මැණික් ගල් රැගෙන ආවේ නිධන් වස්තු ලෙස තැන්පත් කිරීමට දීමටය.නිධන් ගලක් තැබීමක් කරන පාටක් නැති නිසා මා සෙමින් ලේන්සුවක ඔතා සාක්කුවේ දමාගෙන සිටි නවරත්න මැණික් ගල් මජිඩ් අත තබා
"මේ මැණික් ගල් ටික අත්තිවාරමට දාන්න මජීඩ්."
මා විසින් දුන් මැණික් ගල් දෙස තත්පර දෙකක් වැනි කාලයක් බලා සිටි මජීඩ් නැවත එම මැනික් ගල් සහිත ලේනූුව මා අත තැබීය.
"චුට්ටක් හිටපන් මචං"
මගේ සිත දැඩි ලෙස බිදුණි.මා විසින් දුන් තෑග්ග ඔහු ප්‍රතික්ෂේප කිරීම මා හට ලැජ්ජාවක් සමඟ දුකක් ඇති කලේය.
මාදුන් මැණික් ගල් අත්තිවාරමට නොදැමීම ගැන මගේ හිත නරක් වූ බව මජීඩ්ට තේරුණි.හේ වහා මගේ අතින් අල්ලාගෙන මාව පසෙකට රැගෙන ගියේය.
"මචං චන්දන,මැණික් කියන්නේ අපි බොහොම අමාරුවෙන් පොලොවෙන් ගන්න දෙයක්.අපි ඒවා එහෙම අමාරුවෙන් පොලොවෙන් ගොඩට අරන් නැවත පොලොවට දැමීම හරි නෑ.ඒකයි මම මැණික් ගල් අත්තිවාරමට දාන්න කැමති වුනේ නැත්තේ.ඔයා ඒකට තරහ වෙන්න එපා.ඇත්තටම අපි අත්තිවාරමට යටකරන්න ඕන මැණික් වගේ දේවල් නෙවෙයි පොලොව සාරවත් වෙන දෙයක්."
මජීඩ් මා හට කරුණු දැක්වීය.මා සිනහවක් පා ඔහුගේ මතය පිළිගත් බවක් පෙන්වූයෙමි
බාස්උන්නැහේලා අත්තිවාරම් ගල් බැදීමට ප්‍රථම බෞද්ධයන් වන අපට පිළිකුල් සහගත දෙයක් සිදු වුනි.පනපිටින් සිටි එළුවෙකු එවෙලේම ඝාතනය කොට උගේ ආහාරයට ගත නොහැකි හම,බොකු .. ආදිය එලෙසම අත්තිවාරමට යට කළේය.අනිත් කොටස් අත්තිවාරම් දැමීමේ උත්සවයට ආහාර පිණිස වෙන් කෙරුණි.
"පොලාවට දාන්න ඕන පොලොව සාරවත් කෙරෙන දෙයක්" මජීඩ් පැවසූ දෙය මෙය බව මා හට වැටහුණි.
ආහාර ගැනීමට එක් වන ලෙස මජීඩ් දැඩි ලෙස පෙරත්ත කළත් මා හට එතනින් ආහාර ගැනීමට ප්‍රියක් නොවුනි.හිත නරක් නොවන සේ හදිසි අවශ්‍යතාවක් ඇති බව පවසා මා නැවත පැමිණියෙමි.
ජාතීන් අතර සංස්කෘතික වශයෙන් ඇති වෙනස්කම් ඉවසීමට පුරුදු වීමේ පාඩම මා එදා ඉගෙන ගත්තෙමි.
---------------------------------------------------------------------------------
මා ලඟට කේන්ද බැලීමට එන පවුලක තරුණයෙකු ඩෙංගු රෝගයෙන් හදිසියේ මිය ගියේය.ඔහුගේ අවමංග්‍යයට සහභාගී වූ මා හට ජීවිතයේ අමතක නොවන අත්දැකීමකට මුහුණ දීමට සිදු විය.
මිය යාමට සති කීපයකට පෙර ඔහුගේ ජන්ම කේන්ද්‍රය මා විසින් පරීක්‍ෂා කොට තිබුණි.එතරම් තද අපල නැති බව මා විසින් ප්‍රකාශ කළ බව මටද මතකයේ තිබුණි.
තරුණයාගේ මව තරමක් පාරම්පරික ගති ඇත්තියකි.ගහක් ගලක් මෙන් සිටි තමාගේ පුතු මිය යෑම ගැන ඈ සිටියේ බලවත් කම්පාවෙනි.මා දුටු විගස ඇය නෝක්කාඩුවට මෙන්
"අනේ පුතේ අපේ පුතාගේ කේන්දරේ මාරක අපල තියෙන බව ඔයා කිව්වේ නෑනේ"
සෙනඟ මධ්‍යයේ පොල්ලෙන් ගැහුවාක් මෙන් ඈ මා වෙත චෝදනා කළාය.
සත්‍ය වශයෙන්ම කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රයේ තදබල ඒරාශ්ඨක අපල වැනි අපල පැහැදිළිව නොපෙනෙන අවස්ථාවලදී වුවත් මාරක අපල ඉස්මතු විය හැක.එය කිසියම් ආකරයක ඉතා සුළු කාලයක් තුල බල පැවැත්වෙන මාරක අපලයක් විය හැක.මෙවැනි මාරක අපල කේන්ද්‍රබලන්නාගෙන් නොකියවෙන්නේ ජ්‍යොතිෂවේදියාගේ වරදකින් මිස ශාස්ත්‍රයේ වරදකින් නොවන බව පැවසිය යුතුය.
එදා මට දැඩි ලැජ්ජාවක් ඇති වුවත් එයද මා ශක්තිමත් කිරීමට ධෛර්ය ඇති කිරීමට සමත් වූ අත්දැකීමක් විය. (ජන්ම කේන්ද්‍රය බලා මැරෙන දිනය නිවැරදිව පැවසීම ජ්‍යොතිෂවේදදයාගෙන් බලාපොරොත්තු වීම පිළිබදව සිතා බැලීම පාඨකයාට අයත් දෙයකි.)
බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙවැනි සත්‍ය අත්දැකීම් වසන් කොට තමන් සාර්ථක වූ අවස්ථා පමනක් දක්වති.මා මේ කතාව ඔබ සමඟ පැවසූවේ ජ්‍යොතිෂය සමඟ ඇති මගේ බැදීම හා එහි ප්‍රවීනයෙකු වීමට මා තුල ඇති උනන්දුව හා ඒ සදහා ඉදිරියට යාමේදී යම් යම් පඹගාල් වල පැටලීමට සිදු වන බව මේ ක්‍ෂෙත්‍රය පිළිබද උනන්දුවක් ඇත්තන්ට දන්වනු පිණිසය.

No comments:
Post a Comment