වස්කවි ලිවීම හා කියවීම යහපත් දෙයක් නොවේ.වස්කවි භාවිතා කරන්නේ වෙනත් අයකුට අයහපතක් කිරීමටය.මේ නිසාම වස් කවි යන වචනය පවා යමෙකුට බියක් චකිතයක් අප්‍රියතාවක් ඇති කරයි.වස් කවි වලින් සොරුන් දරුණු සතුරන් විනාශ කල ආකාර පිළිබඳව අතීත තොරතුරු වාර්තා වන අතරම ඉන් පරි බාහිරව ඉරිසියාව තරහ මත අහිංසක පුද්ගලයන්ගේ විනාශය සැලසීමටද වස්‌කවි යොදාගත් අවස්‌ථා ගැනද තොරතුරු ඇත.
වස්කවි රචකයන් ලංකාවේ මේ වන විටත් විශාල පිරිසක් සිටියත් ඔවුන් ප්‍රසිද්ධියේ වස්කවි ලිවීම නොකරයි.අතීතයේ සිටි ප්‍රබල වස්‌කවි රචකයන් ඒවා රචනා කර ඇත්තේ තම බලය ශක්‌තිය ප්‍රදර්ශනය කිරීමට හා අසරණයකුට සාධාරණය ඉටු කිරීමට මිසක මිල මුදල් ලාභ ප්‍රයෝජන සඳහා නොවේ. එහෙත් මෑත අතීතයේ මුදලට වස්‌කවි තැනූ දක්‍ෂ කවියන්ද සිටි බවට සත්‍ය තොරතුරු ඇත.
වස්කවියේ ඉතිහාසය ඉතා දිගුය.රාවණා රජුගේ කාලයේ පවා වස් කවි භාවිතා කර ඇති බවට “වර්ගපූර්ණිකාව“ වැනි පුරාණ ග්‍රන්ථවලින් දක්වා ඇත.කුවේණිය විසින් විජය රජු ප්‍රමුඛ සිංහලයන් වෙත සිදුකල සාප කිරීමද වස් කවියක් ආකාරයට සිදු කොට ඇත.
ස්‌වකීය බලය ශක්‌තිය පෙන්වීමට වස්‌කවි භාවිත කළ අයගෙන් ප්‍රමුඛ ස්‌ථානයක් කුංකුනාවේ හාමුදුරුවන්ට හා බරණ ගණිතයාට හිමිවේ.කුංකුනාවේ හිමියෝ ඉතා ප්‍රබල ක්‍ෂණික ප්‍රතිඵල ලබාදෙන වස්‌කවි නිර්මාණයේ අති දක්‍ෂයකු ලෙස ප්‍රසිද්ධව ඇත.බෞද්ධ භික්ෂුවක් සතු විය යුතු කරුණා මෛත්‍රී කිසිදු ගුණ දහමක් මෙම හිමියන්ට තිබී නැත.කිසිදු අනක් ගුනක් නොමැතිව සුළු දේට පවා වස් කවි කීම නිසා මෙම හිමියන්ගෙන් සිදුවූ කරදර නොඉවසූ විශාල පිරිසක් ඒ පිළිබඳව එකල රට පාලනය කල කීර්ති ශ්‍රී රාජසිංහ රජුට පැමිණිලි කලහ.මේ නිසා කුංකුනාවේ හිමි රජතුමාට හිරිහැරයක් වූ බවද පැවසේ. මේ හිරිහැරයෙන් මිදීමට බොරු වරදකට පටලවා ඒ හිමියන්ගේ හිස ගසා දැමීමට රජු සූදානම් වූ විට ක්‍ෂණිකව කියූ වස්‌කවියක් නිසා රජ මාළිගය ඉදිරිපස තිබූ විශාල කොස් ගසේ අතු එකින් එක කඩා වැටී කවියේ අවසන් පදය සමග මුළු කොස් ගසම කඩා වැටුණි. ඊළඟ කවිය රජතුමාට කීමට සැරසෙන විට රජතුමා හාමුදුරුවන්ට වැඳ සමාවගෙන මිතුරු බවට පත්වී තෑගි බෝග පිරිනැමීය.මෙම සිද්ධියෙන් පසු කුංකුනාවේ හාමුදුරුවන්ද වස් කවි කියා අන් අයට හිරිහැර කිරීම අඩු කල බව සදහන්ය.
කුංකුනාවේ හිමියන් විවිධ අවස්‌ථාවල කියන ලද වස්‌කවි රැසක් ගැන තොරතුරු ඇත. වරක් නාථ දේවාලයේ වහළට අවහිරයක් ලෙසට වැඩී ගිය බෝ අත්තක් ඉවත් කිරීමට කී වස් කවියක් මෙසේය.
රම්රද විමන බෝ අත්තෙන් වැසී ගි යා
පව්කල උළු සෙවිලි පලවල් දිරා ගි යා
අන් බසකට නොනැමෙන ගෝර චන්ඩි යා
සුන්කර හරින් තෙදබල වීර මුණ්‌ඩ යා
කවිය අවසන් වන විට මහ සුළඟක් පැමිණ බෝ අත්ත කැඩී කිසිදු හානියක් නොමැතිව පසෙකට වැටී ඇත.
පව්කල උළු සෙවිලි පලවල් දිරා ගි යා
අන් බසකට නොනැමෙන ගෝර චන්ඩි යා
සුන්කර හරින් තෙදබල වීර මුණ්‌ඩ යා
කවිය අවසන් වන විට මහ සුළඟක් පැමිණ බෝ අත්ත කැඩී කිසිදු හානියක් නොමැතිව පසෙකට වැටී ඇත.
පන්සලේ තිබුණ පැදුරක් කෑ මීයකුට කී වස් කවියක් පහත දැක්වේ
මදමත් රූසිරි අඟනක් දුන්නා පැදුරක් එය තිබුවෙමි ආනේ
බැඳගත් වාදේ දොa මට නොදැනෙයි මීයා පැදුරට කල මානේ
තෙදලත් දේවතා බණ්‌ඩර සුරිඳුට කවියක් කීවෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන පලයන් තින්නාදො පූනේ
මදමත් රූසිරි අඟනක් දුන්නා පැදුරක් එය තිබුවෙමි ආනේ
බැඳගත් වාදේ දොa මට නොදැනෙයි මීයා පැදුරට කල මානේ
තෙදලත් දේවතා බණ්‌ඩර සුරිඳුට කවියක් කීවෙමි මේ මානේ
අදවත් මීයගෙ තල්ල කඩාගෙන පලයන් තින්නාදො පූනේ
වස් කවියේ පරිදි පැදුර කැපූ මීයා බළලකුට ගොදුරු විය.
පන්සලේ තිබූ බඩු සොරකම් කළ සොරකුට කී වස් කවියකි මේ
නිගාලෙසට සොරු මට කල කාරිය
පිඟනාවත් බත් කන්නට නෑරිය
ගගා කෙඳිරි සිටිනට සුත බාරිය
වගා නොවන ලෙස දෙවුන් වසූරිය
පිඟනාවත් බත් කන්නට නෑරිය
ගගා කෙඳිරි සිටිනට සුත බාරිය
වගා නොවන ලෙස දෙවුන් වසූරිය
වස් කවියෙන් සාප කල ලෙසටම වසූරිය සැදී සොරා මළේය. මෙවැනි බරපතළ දඬුවම් පැමිණෙන ප්‍රබල වස් කවි කියා ක්‍ෂණික ප්‍රතිඵල ගැනීමේ හැකියාවක් තිබුණ වස්‌කවියට අති දක්‍ෂයකු වූ කුංකුනාවේ හිමියන් වැඩි උගත් කමක් හෝ සිල්වත්කමක් ඉවසීමක් නොතිබුණ නිසා බොහෝ පවු සිදුවන වස් කවි කියවී ඇත. එහි විපාකයක් ලෙස ඒ හිමියන්ද බරපතළ ලෙස රෝගීව එක් තැන්වී දුක්‌විඳ මියගොස් තිබේ.
අතීතයේ විසූ දක්ෂ රාජකීය දෛවඥයකු වූ කොත්මලේ ගණිතයාගේ අවසානය සිදුවී ඇත්තේද තමා විසින්ම තමාට වස් කවියක් කියා ගැනීමෙනි. රාජ නියමයෙන් වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා තමාටම කියා ගත් වස් කවියෙන් ඉල්ලීමක් කරයි.
“සත් අවුරුද්දක් වසිනා වැස්සේ
බිංදු ගණන් කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ
කකුල් ගණන් කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නත්
පියලි ගණන් කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා සිටියොත්
මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”
කවිය අවසන්වනවාත් සමඟ කොත්මලේ ගණිතයා මැරී වැටුනේය.
ෂඩ් භාෂා පරමේශ්වර,මහා කවි,සංඝරාජ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් පිට දේශයක සිට පැමිණි සන්නාසියකුගේ මාන්නය බිදීමට වස් කවියක් කියා ඇත.දිනෙක සන්නාසියකු කතරගම දෙවිඳු රුවක් සහිත කරඬුවක්‌ද රැගෙන විජයබා පිරිවෙනට පැමිණුනි. එහි අනුහස ගැන පුරසාරම් කතා කළ ඔහු තිරය ඉවත් කර දෙව්රුව දැක්‌වීම ප්‍රතික්‌ෂේප කළේය. එවිට රාහුල හිමියන් පහත කවිය ක්‍ෂණිකව කියූ අතර තිරය දෙපලුවී දෙව්රුව වහා දිස්‌විය.
පනිඳු රුපු නැඟී දද බැඳ තඹර සිළුව
විරිදු දන අරණ තෙද නලිනි කළ අළුව
දලිඳු නද නිඳුනි හිමිවත තෙදිය මුළුව
පසිඳු ඔබ සරණ දැකුමට මසිත ඇළුව
විරිදු දන අරණ තෙද නලිනි කළ අළුව
දලිඳු නද නිඳුනි හිමිවත තෙදිය මුළුව
පසිඳු ඔබ සරණ දැකුමට මසිත ඇළුව
වස්‌කවි තැනීමේ විශිෂ්ටයකු වූ බරණ ගණිතයා විසින් විවිධ කරුණු අරබයා තැනූ වස්‌කවි රාශියක් ඇත. ඔහුගේ හේන පාළු කළ හාවකු නැසීමට මේ කවිය කියා ඇත.
යාම් බොලං අපි හේන් බලන්නට
මේම් බලං හාවුන් කල වින මට
කීම් බොලං මම කලු වැදි රාලට
මාම් බලං පලයං මගෙ උගුලට
එදින හාවුන් කිහිප දෙනෙක්‌ම උගුලට අසුවිය.
ඕලු මුවෙක් මරා ගැනීමට ඔහු කී කවියක් මෙසේය.
යාළුවේ මෙමට කල අව මාන්නෙටඔ
වේලුවේ තිත්ත කඩයින් බදින්නට
මාලුවේ දෙයක් නැත මුසු කරන්නට
ඕලුවේ නොගොස් හිටපන්න මගුලට
යාළුවේ මෙමට කල අව මාන්නෙටඔ
වේලුවේ තිත්ත කඩයින් බදින්නට
මාලුවේ දෙයක් නැත මුසු කරන්නට
ඕලුවේ නොගොස් හිටපන්න මගුලට
තමාගේ බල්ලා වෙනත් බල්ලකු විසින් සපා කෑ විට කී කවියක් මෙසේය.
අද්දර ගමගෙයි බඩගෙඩි බල්ලා
මාගේ බල්ලගෙ තුනටිය අල්ලා
අද්දර පඳුරේ උන් දිවි පොල්ලා
අල්ලන් කාපිය එම හොර බල්ලා
අද්දර ගමගෙයි බඩගෙඩි බල්ලා
මාගේ බල්ලගෙ තුනටිය අල්ලා
අද්දර පඳුරේ උන් දිවි පොල්ලා
අල්ලන් කාපිය එම හොර බල්ලා
පත්තායමේ ලේකම් සමඟ රහසේ පැන ගිය තම බිරිඳ නැවත තමා වෙතට ගෙන්වා දෙන ලෙස කතරගම දෙවියන්ගෙන් කිහිප වරක් කල ඉල්ලීම් අසාර්ථක වීම නිසා කතරගම දෙවියන් හා උරන වී කතරගම දෙවියන්ට සාප කොට වස් කවි කීවේය.
රට කදිරා පුර නායක දෙවි කතරා
මට නිතරා පැමුණුන දුක කී අතරා
මට උදුරා නුදුනිනම් මගෙ පිය සොඳුරා
තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා
ගුණ රනා කතරගම දෙවිඳු තෙද යස
දැන ගනා කීමි ඔබහට මසිතු ලෙස
අනයෙනා ඔබගෙ සිදු නොකළොත් මෙලෙස
කන උනා වෙන්ඩ ඇන නුඹෙ නෙත දොළස
මට නිතරා පැමුණුන දුක කී අතරා
මට උදුරා නුදුනිනම් මගෙ පිය සොඳුරා
තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා
ගුණ රනා කතරගම දෙවිඳු තෙද යස
දැන ගනා කීමි ඔබහට මසිතු ලෙස
අනයෙනා ඔබගෙ සිදු නොකළොත් මෙලෙස
කන උනා වෙන්ඩ ඇන නුඹෙ නෙත දොළස
මෙම කවිවල බලයෙන් බිරිඳ ඔහු වෙතට පැමිනිණි. නමුත් කදිර දෙවි රදුගේ උදහසට ලක්‌වීමෙන් බලවත් කුෂ්ට රෝගයක් හටගෙන බරණ ගණිතයා ඔත්පල විය. කතා කිරීමද අපහසු විය.කිසිදු බේතකින් සුව නොවූ අතර දෙවිඳුගේ ආශීර්වාදය පතා නීල කොබෝ සංදේශය රචනා කරන ලදී.
රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ
සිඳ හැරලමින් දී ඔහුට කට හඬ
යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ
හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ
සිඳ හැරලමින් දී ඔහුට කට හඬ
යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ
හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ
එහෙත් දෙවිඳු කිසිම සමාවක් නොදුනි. බොහෝ දුක් විඳ බරණ ගණිතයා මළේය.
එ අනුව අතීතයේ සිටම අනුන් නැසීමට විනාශයට වස් කවි කියූ කිසිවෙකුට යහපතක් සුගතියක් වූ බවට වාර්තා නැත.අනුන් විනාශයට වස් කවි කියූ සෑම දෙනාගේම වාගේ අවසානය දුක්ඛිත තත්ත්වයක්ම වී ඇත.
මූලාශ්‍ර - අමල් යශෝමන් ජයසිංහ (සිළුමිණ)
දෛවඥ ආර්.ඩී.ආනන්ද වීරසිංහ (සුබසෙත)
පී. සී. පතිරණ (දිවයින)
දෛවඥ ආර්.ඩී.ආනන්ද වීරසිංහ (සුබසෙත)
පී. සී. පතිරණ (දිවයින)
No comments:
Post a Comment