Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා බැදුනු රස කතා. Show all posts
Showing posts with label තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා බැදුනු රස කතා. Show all posts

Tuesday, April 2, 2013

පුල කච්චන්නා..

 “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “

 මීට ස්වල්ප වේලාවකට පෙර තමන් පසු කරමින් පාර දිගේ දුව ගිය කොලුවා  කියමින් ගිය වචනය විදාගම මෛත්‍රී හිමිගේ සිතට තදින් වැදුනි.පිටුපස බලමින් කාටදෝ කියමින් දුවගිය කොළුවා පැවසූ වචනයට සමාන වචන කිහිපයක්ම තමා උගත් පෙරදිග භාෂාවන් කිහිපයකම යෙදෙන බව වහා මතකයට ආවත් කොලුවා පැවසූ වදන හුරු පුරුදු බවක් සමඟම නුහුරු ආගන්තුක බවක්ද උන්වහන්සේට ඇති කල සේක.

    වයස අවු හත අටක් පමණ වූ කොලුවා පැවසූ වචනයට සමාන වදනක් හෙල භාෂාවේ නොමැති නිසා ඒකාන්තයෙන්ම කොලුවාගේ දෙමාපියන් භාරතයෙන් හෝ වෙනත් දේශයකින් මෙරටට පැමිනියන් විය හැක.ඉන්දියානුවන් භාවිතා කරන සෑම භාෂාවක්ම වාගේ දැන සිටි තමාට කොළුවා විසින් පැවසූ දේ නොවැටහීම පිළිබඳ සියුම් ලජ්ජාවක්ද උන් වහන්සේට ඇති විය.ඇතැම් විට ඔවුන්ගේ භාෂාව තමා මීට පෙර හසුරුවා තිබීමටද බැරි නැත.කොලුවා පැවසූ වචනයේ යම් හුරු පුරුදු බවක් තමාට දැනෙන්න ඇත්තේද එනිසාම විය හැක.තවත් ටිකක් කල්පනා කලහොත් එම මතකයන් අවදි කල හැක.විජයබා පිරිවෙනට පැමිනෙන විදෙස් සිසුන් අතරද මීට සමාන භාෂාවක් කතා කරන අය සිටින බවද යම්තම් මතකයේ ඇත.

 “ නායක හාමුදුරුවනේ අපි යන්න ආපු දානේ ගෙදර පහු වුනා නේද?“

 තමා සමඟ පසුපසින් පැමිණි තම ගෝල හිමි නම වූ රාහුල හිමියන්ගේ හඩින් ව්දාගම හිමියන් කලබල විය.ඇත්ත නේන්නම් තමා ගෝල නම සමඟ දනකට වඩින අතරතුරදී මහමඟදී ඇසුනු කොළුවාගේ නුහුරු වචනය ගැන සිතමින්ම ගමන් කිරීම නිසා දාන ගෙදර පසු වන තුරුම ව්දාගම හිමියන්ට ඒ බව නොදැනුනි.

 රාහුල හිමි සමඟ නැවත ආපසු හැරී දාන ගෙදරට ගිය නමුත් විදාගම හිමිගේ සිත යොමුවී තිබුනේ අතරමඟදී හමුවූ කොළුවා පැවසූ වචනය පිළිබඳවය.දානය පිළිගන්වන විටත් විදාගම හිමියන්කල්පනා කරමින් සිටිනු ගෘහ මූලික දායක මහතාද දුටුවේය.

“ ඇයි නායක හාමුදුරුවනේ අසනීපයක් වත්ද?“

දායක මහතුන් කිහිප දෙනෙකුම ඇසු එකම ගැටළුවට උන්වහන්සේ සිනහවක් පාමින් තමා අසනීපයෙන් නොවන බව පෙන්වීය.

 “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “   දන් වලදින විටත් කෙළුවාගේ වචනය උන් වහන්සේගේ සිත තුල රැව් දෙන්නට විය.

ආපසු එන අතරමඟදීත් උන්වහන්සේගේ සිහිය තිබුනේ කොළුවා පැවසූ වදනේ අරුත දැන ගැනීම පිළිබදවය.තම ගුරු හිමියන්ගේ වෙනස රාහුල හිමිටද පෙනුනු නමුත් ගුරු හිමියන්ගෙන් විමසීමක් නොකර දෙදෙනාම නැවත පන්සලට ආහ.

 පන්සලට පැමිනි විගස පොත් ගුලට වැදුනු විදාගම හිමියන් පාලි සංස්කෘත හා වෙනත් ආර්්‍ය භාෂා ශබ්ද කෝෂ පොත් පෙරලමින් “පුල කච්චන්නා.“ වචනයේ අරුත සොයන්නට විය.මුළු පොත් ගුලේම පොත් පරීක්ෂා කල නමුත් එම වචනය අයත් භාෂාව හෝ එහි තේරුම සොයා ගැනීමට නොහැකි විය.

එදා රාත්‍රියද විදාගම හිමියන්ට නින්දක් නොවුනි.පොත් පත් ලේඛන බලා වචනයේ තේරුම සෙවීම අතහැර එම අවස්ථාව මෙනෙහි කරමින් කොලුවා පැවසූ වචනයේ අර්ථය සොයා ගැනීමට උත්සාහ කලහ.

  කොලුවා ඇඳ සිටියේ යටි කයට ඇදුමක් පමනි.එම ඇදුම හෙල දරුවන් අදිනා ඇදුම් වලට සමාන වීම නිසා එමගින් ඔහුගේ සම්භවය දැන ගැනීම අසීරුය.  “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ යනුවෙන් කෑ ගසමින් පිටුපස බලමින් දුවමින් පැවසූ නිසා එය නිවසේ සිටි මව හෝ වෙනත් වැඩිහිටියකුට කල ආමන්ත්‍රණයක් විය හැකිය.වචනයෙහි තේරුම සඳහා අනුමාන කීපයක්ම නාහිමිගේ සිතට ආහ.

“මම යනවා“  , “ඉක්මනට එන්නම්“  ..... කොලුවාගේ එවෙලේ හැසිරීම අනුව එහි අර්ථය එවැන්නක් විය හැකියි.

ඇතැම් විට කොලුවාට ගොත ගැසීමක් හෝ වචන හරිහැටි උච්චාරනය කල නොහැකි වීමක් තිබෙන්නට ඇත.කොලුගේ කටින් පිටවූ  වචනයේ අරුත පොත් පත් වලින් ලබා ගත නොහැකි වීමටද හේතුව එය විය හැක.

කොලුවාගේ දෙමාපියන් මෙරටට පැමිණ ස්වදේශිකයන් සමඟ වාසය කිරීමේදී මව් භාෂාවේ යම් යම් වෙනස්වීම් ලොප් වීම් එකතු වීම් සිදුවන නිසා “පුල කච්චන්නා..“ වචනයද එලෙස භාෂා කීපයක සංකලනයකින් සෑදුනු වචනයක් විය හැක.කෙසේ වුවත් ප්‍රකාශයේ මුල් වචනය වූ “පුල“ යන්න ලඝු අක්ෂර දෙකකින් සෑදීම හා දෙවන පර්යන්තයේ මුල් ශබ්දය “කච්“ යන්නෙන් ස්වරය මන්දනය වීමක් ඒ සමඟම නැවත “චන්නා“ සමගින් එක්වරම උච්ච විමෙන් ඝන පූරණය හොදින් සිදුවීමත් හදවතට හා ආශ්වාස ප්‍රාශ්වාසයට පහසු වීමත් නිසා මෙම භාෂාව අනිවාර්යෙන් පෞඩත්වයක් තිබූ ජනතාවක් භාවිතා කල එකක් විය යුතුමය.

මෙවැනි විවිධාකාරයේ තර්කයන් ඔස්සේ සිතමින් මුළු රාත්‍රියම නිදි වර්ජිතව ගතකල විදාගම හිමි අවසානයේ තීරණය කලේ හෙට උදයේම කොළුවා සිටි ස්ථානයට ගොස් ඔහුගේ දෙමාපියන් හමුවී කතා බස් කර ඔවුන්ගේ භාෂාව පිළිබඳ වැටහීමක් ලබා ගත යුතු බවයි.

පසුදින උදයේදී රාහුල ගෝල හිමියන් දුටුවේ නිදි වර්ජිතව තඩිස්සි වී ගිය ඇස් ඇතිව අපහසුවෙන් සිටින තම ගුරු හිමියන්ය.

“ මොකද අපේ හාමුදුරුවනේ මේ ඇස් දෙකත් තඩිස්සි වෙලා.අසනීපයක්වත්ද?“

තමාගේ සිතට වදදුන් කාරණාව පිළිබඳව  තම ගෝල රාහුල හිමිට පැවසීමට විදාගම හිමිගේ සිත අදිමදි කලත් තම ගෝලයාද භාෂා කීපයක් දැන සිටි අයෙක් නිසා හා තම ගෝල නමගෙන්  බොහෝ අවස්ථාවල තමාටද ගුරු හරුකම් ලැබී ඇති නිසා ගෝල නමටද තමා පෙලු අපහසුවට හේතුව කීහ.

“ රාහුලට මතකද අපි අර ඊයේ දානෙ ගෙදර වඩිද්දි අතර මඟදි පොඩි ළමයෙක් පිටිපස්ස හැරිහැරි  “පුල කච්චන්නා....පුල කච්චන්නා.... “ කිය කිය අපි දෙන්නවත් පහු කරගෙන දුවගෙන ගියා.ඒ ළමයා කිව්ව ඒ වචනෙ තේරුම මොකක්ද කියල මම ඊයේ ඉදන්ම හොයනවා තාම මට ඒ වචනෙ තේරුම හොයා ගන්න බැරි වුනානෙ රාහුල..“

 “අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෙච්චර වෙලා හෙව්වෙ ඕක ගැනද? අපේ හාමුදුරුවනේ දන්නව ඇතිනෙ, ඒ හරියෙ පාරෙ එක පැත්තක ඉන්නෙ රදා කුලේ උදවිය, අනිත් පැත්තෙ කුඹල් කුලේ උදවිය. ඉතින් ඔය දෙපැත්තෙ කොල්ලො දෙන්නෙක් රණ්ඩුවක පැටලෙන්ට ඇති. ඔය දුවපු කොල්ල රදා කුළේ එකෙක් වෙන්න ඕනෙ. ඉතින් ඒ කොල්ල ගහයි කියන බයට වෙන්න ඕනෙ බැන බැන දිව්වෙ.”

“ඉතින් රාහුල,මොකද්ද එතකොට ඒ කිය කියා ගිය වචනෙ තේරුම?”

“අපේ හාමුදුරුවනේ කොල්ල බයට වචනෙ නොපිට හරවලයි කිය කියා ගියේ, කල පුච්චන්නා කියන එක.”


ප.ලි. “තොටගමුවේ ශ්‍රී රාහුල හිමි හා බැදුනු රස කතා “ ලේබලය යටතේ ඇති  ලිපි වෙනත් අඩවියක හෝ ලේඛනයකට යොදා ගන්නේ නම් ලිපියට මෙම අඩවියේ සබැදියක්ද එකතු කල යුතුය.නැත්නම් එය නිර්මාණ මංකොල්ලයකි.

Tuesday, February 26, 2013

තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි

    පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂ‍කම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම පුතුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ පරිවෙණාධිපතිත්වයෙන් යුක්ත වූ "විජයබා"පිරිවෙනට ඇතුලත් කලේය. ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වූ අප්පුහාම් වැඩි කල් නොගොස් රාහුල හිමියන්ගේ ප්‍රධානම ගිහි ගෝලයන් කිහිප දෙනා අතරට එක් විය.අනතුරුව රාහුල හිමිගේ ගුරු තත්ත්වයෙන් පැවිදි විය.පැවිදි වීමෙන් පසු "වෑත්තෑවේ හිමි" නාමය ලැබ රාහුල ගුරු හිමිගේ සමීපතම ගෝලයා බවට පත් විය. 

      රාහුල වෑත්තෑ ගුරු ගෝල සම්බන්ධය, වෑත්තෑ හිමිගේ සාමනේර අවධියේ සිටම ඉතා ප්‍රබලව පැවතුනි.එය විදාගම මෛත්‍රී හා රාහුල ගුරු ගෝල සම්බන්ධය තරම්ම දැඩි විය.තම ගෝලයා දිනෙන් දින ශාස්ත්‍ර දියුණුවට පත් වන අයුරු දුටු රාහුල හිමිද මහත් සතුටට පත් විය. විජයබා පිරිවෙනේ අධිපති තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ප්‍රධාන ගෝලයා බවට වෑත්තෑවේ හිමි නිරායාසයෙන්ම පත්වීම පිළිබදව රාහුල හිමිගේ අනෙකුත් ගෝලබාලයන්ගේ ඉරිසියාවට හේතු විය.රාහුල හිමි හා වෑත්තෑවේ හිමියන් අතර තිබූ අන්‍යොන්‍ය ගුරු ගෝල බන්ධනය බිඳ දැමීමට අනෙකුත් ගෝලයන් නිතර උත්සාහ කලහ.අවසානයේ ඉරිසියා කරුවන්ගේ උත්සාහය සාර්ථකවී රාහුල හිමියන්ගේ හා වෑත්තෑවේ හිමියන් අතර භේදයක් ඇති විය. විජයබා පිරිවෙනේ ඉගෙනුම ලැබූ රාජ කුමාරවරු පැවිදි සිසුන් හා තොටගමු හිමියන් අතර මත ගැටුමක් නිර්මාණය කොට එය වෑත්තෑවේ හිමියන් විසින් සිදුකල දෙයක් ලෙස තොටගමු හිමියන් තුල වැරදි වැටහීමක් කුමන්ත්‍රණ කාරී ලෙස සිදු විය.තොටගමු හිමියන්(ගිහි දෙමටාන කුමරු) හා අම්බුළුගල කුමරු සමඟ සවැනි පැරකුම් රජු සෙවනේ එකට හැදී වැඩී පසු කලෙක තොටගමු හිමිගේ ප්‍රධාන සතුරකු වූ සපුමල් කුමරුගේ සහයද ඇතිව සිදුවූ මෙම කුමන්ත්‍රණයෙන් පසු රාජ කුමාරවරු විශාල පිරිසක් විජයබා පිරිවෙන හැර ගියහ. රාජ කුමාරවරු විජයබා පිරිවෙන හැර යාම වෑත්තෑවේ හිමියන් නිසා සිදුවූවක් බව වැරදියට වටහා ගත් තොටගමු හිමියන් වෑත්තෑවේ හිමියන්ට දැඩි ‍ලෙස දොස් පැවරීය.වෑත්තෑවේ හිමියන් විසින් ගුරු ගෞරවය නැසූ බවට තොටගමු හිමිගේ චෝදනාවට ලක් විය.රජුගෙන් තොටගමු හිමියන්ට හිමිවිය යුතු සම්මානයක් අහිමි වීමද මේ සමඟම සුදුවීම නිසා දෙදෙනා අතර හිත් අමනාපය තවත් වැඩි විය.තොටගමු හිමියන් විසින් වරක් තම නොසතුට පළ කිරීම පිණිස වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර බෙදා ඉඟියක් කල බව පැවසේ.(තවත් තැනෙක මෙය බදුනේ ස්ථාන කීපයකට පලා ව්‍යංජනය බෙදූ ඉව සදයන්ය.මෙම සිද්ධියෙන් සිත් බිදුනු වෑත්තෑවේ හිමියන් කෙටි කලකට උපැවිදි වූ බවත් තමන් කිසි විටෙක ගුරු වසන්සේට ද්‍රොහී නොවන බවත් එහි ආදීනව තමා දන්නා බවත් ගුරු හිමියන්ට දන්වනු පිණිස "ගුත්තිල කාව්‍යය" ලියූ බවත් ඉතිහාසයේ සදහන්ය.පසුව තොටගමු හිමියන්ම කරූණූ වටහා ගෙන මැදිහත්ව වෑත්තෑවේ හිමියන් නැවත සසුන් ගත කල අතර ඉන් පසු දෙදෙනා පෙර සිටියාටත් වඩා ලෙන්ගතු ලෙස කල් ගත කර ඇත. 
  තොටගමු හිමියන් හා වෑත්තෑවේ හිමියන් ගුරු ගෝලයන් වුවත් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් නොවීය.දෙවන ජයබාහු රජු සපුමල් කුමරු විසින් මරාදමා රජ වීම හා තොටගමු හිමියන් ප්‍රසිද්ධියේම සපුමල් කුමරු විවේචනය කිරීමත් සමඟ තොටගමු හිමියන් කෙරෙහි වෛර බැඳගත් සපුමල් කුමරු තොටගමු හිමියන් ඝාතනය කිරීමට කිහිප වරක්ම උත්සාහ කලේය.ඉන් එක් අවස්ථාවකදී වෑත්තෑවේ හිමියන් විසින් තම ගුරු තොටගමු හිමියන්ගේ දිවි සුරැනීමට උත්සාහ කර ඇති ඉතා සංවේදී ජනක කතාවක් ඇත.
 වරක් සපුමල් කුමරුගේ යකැදුරෙකු විසින් තොටගමු හිමියන් විනාශ කිරීමට නාග පිල්ලියක් එවා ඇත.පිල්ලිය ආපසු හරවන මන්ත්‍රය තොටගමු හිමියන් දැන සිටියත් මහළුව දත් හැලී සිටි තොටගමු හිමියන්ට දන්තජ අක්ෂර හරියාකාරව උච්චාරනය කල නොහැකි වීම නිසා ආරක්ෂන මන්ත්‍රය වැරදුනි.මෙය දුටු වෑත්තෑවේ හිමියන් වහා එතැනට පැමින තොටගමු හිමිගේ දිවි රැක ‍දීම පිණිස පිල්ලිය හැරවීමේ මන්ත්‍රය ජප කලේය.අහෝ වෑත්තෑවේ හිමියන්‍ද ඒ වනවිට මහළුව දත් වැටී ඇති අයෙකි.එහිමියන්ටද මන්ත්‍රය වැරදුනි.නාග පිල්ලිය තොටගමු හිමියන් වෙතින් ඉවත්වී වෑත්තෑවේ හිමියන් දෙසට හැරුනි.තමා නැසීමට එවූ නාග පිල්ලිය වෑත්තෑවේ හිමියන් දෙසට එල්ල වූ බව වටහා ගත් තොටගමු හිමියන් දත් නැති ලොඹු කට හැර මන්ත්‍රය ජප කොට නැවත නාගයා තමා වෙතට එල්ල කර ගත්තේ තම ගෝලයාගේ ජීවිතය ආරක්ෂා කිරීමටය.වෑත්තෑවේ හිමියන්ද නැවත මන්ත්‍රය ජප කොට නාගයා යලි තමා වෙතට ඇද ගත්තේය.මහළු ගුරු ගෝල දෙනම තම දිවි පරදුවට තබමින් අනිකාගේ දිවි ආරක්ෂා කිරීමට දරන උත්සාහය දුටු පිල්ලිය එවූ යකැදුරු බමුණා දෙදෙනා අතර ඇති බැදීම පිලිබඳව විශ්මයට පත්ව ඔහු විසින්ම පිල්ලියේ බල බිඳ මහළු හිමිවරු දෙදෙනාගේම දිවි සුරැකු බව සදහන්ය.

                  ----------------මතු සම්බන්ධයි ----------------------

Saturday, June 2, 2012

තොටගමු රාහුල හිමි ගලේ පැළ ඉණි හිටුවයි.

      තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්‍රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ගෝලනමට ජයග්‍රහන ලබා දීමක් සිදුකොට රාහුල හිමිට ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්ත ආශාව හා බුද්ධිය වැඩි කරවීමට පෙළඹවීමක් මෛත්‍රී හිමියන් විසින් සිදු කොට ඇති බවට දෛනා අතර වාද විවාද සිදුවී ඇති ආකරය දෙස බැලූ විට පෙනී යයි.(නමුත් බොහෝ අවස්ථාවල රාහුල හිමියන් ජයග්‍රහණ කරන්නේ නියම ලෙස බුද්ධි ශක්තිය පෙන්වමිනි.)

     තත්ත්වය මෙසේ වුවත් රාහුල හිමියන් තුල වූ අන් අයට දෙවුනි වීමේ අකැමැති ලක්‍ෂණය නිසා අගතියට පැමිනි අවස්ථාද රාහුල චරිතයේ ඇත.තමාගේ ප්‍රධානම ගෝලයා වූ වෑත්තෑවේ හිමියන්ට වරක් තම නොසතුට පළ කිරීම පිණිස වෑත්තෑවේ හිමියන්ගේ අහාර බඳුන කොටස් තුනකට වෙන්කොට ආහාර  බෙදා ඉඟියක් කල බව පැවසේ.මෙම සිද්ධියෙන් සිත් බිදුනු වෑත්තෑවේ හිමියන් කෙටි කලකට උපැවිදි වූ බවත් තමන් කිසි විටෙක ගුරු වසන්සේට ද්‍රොහී නොවන බවත් එහි ආදීනව තමා දන්නා බවත් ගුරු හිමියන්ට දන්වනු පිණිස "ගුත්තිල කාව්‍යය" ලියූ බවත් ඉතිහාසයේ සදහන්ය.
    තොටගමු හිමියන් රාහුල හිමි යටතේ ජ්‍යොතිෂය උගන්නා අවධියේ සිදුවූ රසවත් කතාවක් ඇත.දිනක් විදාගම රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය.නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය.
    ඔන්න ඉතින් දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය.සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය.
   ඔන්න ඉතින් ගුරු ගොල දෙනමම තම තමන්ගේ පැල ඉණි දෙක තියාගෙන තමන් තොරාගත් ගල් දෙබලට ඉන්න දාන්න ලෑස්ති වෙලා ඉන්නවා.නැකැත් වේලාව උදාවුනා. හරියටම නැකැත් වේලාවට විදාගම හිමි තමන් අතින් අල්ලන් හිටිය පැළ ඉන්න ගල් සිදුර තුලට අතෑරියා.හැබැයි රාහුල හාමුදුරුවෝ මෙතනදී අනුගමනය කලේ ටිකක් වෙනස් ක්‍රමයක්.රාහුල හාමුදුරුවෝ කලේ තමන්ගේ එක් පාදයක් ගල් සිදුර මත තබා කකුලේ මාපැටගිල්ල හා දබරගිල්ල අතර ඉන්නේ අග උල රදවා ඉන්නේ ඉහල කෙලවර අතින් අල්ලා ගෙන හරියටම නැකැත් වේලාවට පා ඇගිළි හා ඉහළින් ඉන්න අල්ලා සිටිම අතැහැර එකවර ඉන්න ගල් සිදුර මතට වැටීමට සැලැස්වීමයි.මෛත්‍රී හිමියන් ඉන්න අතින් අල්ලා උඩ සිට අතහරින ඉන්න සිදුර මතට වැටීමට වඩා ඉක්මනට රාහුල හිමිගේ ඉන්න ගල් සිදුර මතට වැටුනි.ගුරු හිමියන්ගේ ඉන්න සිදුරට වැටෙන විට තත්පර ගානක් වූ නැකැත් වේලාව ඉක්මවී තිබුනා.නමුත් රාහුල හිමිගේ පැළ ඉන්න නියම නැකැත් වේලාවටම ගල් සිදුරට ඇතුල් වීම නිසා ගල් සිදුර හාවී ඉන්න ගලේ නොගැලවිය හැකි පරිදි සවිවී කිහිප දිනකට පසු දළු ලෑවේය.

     -------------------------- මතු සම්බන්ධයි. ----------------------------

Tuesday, May 22, 2012

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සංදේශ කාව්‍ය රචනා කලේ සාහිත්‍ය රසය ඉස්මතු කිරීමට පමනක්ද?

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පිළිබදව අසා නැති සිංහලයෙක් මෙරට ඇතැයි සිතිය නොහැකිය.අදුරු ආගාධයකට ඇදෙමින් පැවති කෝට්ටේ යුගයේ සිංහල සාහිත්‍ය නැවත ස්වර්ණමය තත්ත්වයකට නැංවූයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා උන් වහන්සේගේ ප්‍රධාන ගෝලයා වූ වෑත්තෑවේ හිමියන් බව අතිශෝක්තියෙන් තොරව දැක්විය හැකිය.
    ෂඩ් භාෂා පරමේශ්වර,මහා කවි,සංඝරාජ ආදී  ගෞරව නාම රාශියකින් හැදින්වෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සාහිත්‍ය කෘති රාශියකි.පරෙවිසංදේශය,සැලළිහිණිසංදේශය,කාව්‍යශේකරය,පංචිකාප්‍රදීපය, බුද්ධිප්පසාදනී ආදී සාහිත්‍ය කෘති අද දිනයේත් සාහිත්‍ය අඹරේ දිදුලන තාරුකා මෙන්ය.
   "තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සංදේශ කාව්‍ය රචනා කලේ සාහිත්‍ය රසය ඉස්මතු කිරීමට පමනක්ද?" ලෙස මේ ලිපියට මාතෘකා යොදා ඇතත් එම මාතෘකාවට අදාළ පරිදි සාහිත්‍යමය විශ්ලේශනයකින් යුතුව මෙම ලිපිය ලිවීමට මාහට නොහැකිය.ඒ පිළිබදව පළමුවෙන්ම පාඨක ඔබගෙන් සමාව අයදිමි.සත්‍ය ලෙසම තොටගමු හිමියන් විසින් රචිත සංදේශ කාව්‍ය එකක්වත් මා විසින් පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස හෝ කියවා නැත.පාසැල් යන අවධියේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සිංහල සාහිත්‍ය පාඩම් පොත් පෙලෙහි අතරින් පතර දක්වා තිබූ සැලළිහිනි,පරෙවි සංදේශ කෘති වල කවි කිහිපයක් හැරුණු විට ඒ පිළිබදව ඊට වැඩි දැනුවත් වීමක් ලබා නැත.එම කවිද එකල භාවිතා කලේ විභාගය සමත් වීමට සිතා මිස සාහිත්‍ය රසයක් ලැබීමට අදහසකින් නොවේය.
   තොටගමු හිමියන් රචිත සැලලිහිනි පරෙවි සංදේශ කාව්‍ය කෘති පිළිබදව ලියැවුනු සාහිත්‍ය විශ්ලේශන කෘති රාශියකි.ඉන් බොහොමයක එම සංදේශ කෘති වල විදහන පොදු ලක්‍ෂණයන් වන පාරම්පරික ජන සමාජය හා බැදුනු පුරවර හා පාරසරික අසිරිය දැක්වීම,තෙරුවන් බලය,ජ්‍යොතිෂය,දේව භක්තිය ආයාචනය හා අරමුන කරා ලඟා වීමයි.
    තොටගමු හිමියන් විසින් රචිත පලමු සංදේශ කාව්‍යය වන පරෙවි සන්දේශය ලියන ලද්දේ රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රවතී කුමරියට සුදුසු සැමියෙකු සහ පුත්‍රයෙකු ලබා දෙනු පිණිස දෙවියන් යැදීම උදෙසා ය. රජුගේ බාල දියණිය වූ උලකුඩය කුමරියට පුත් රුවණක් ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවිඳුන්ගෙන් අයැද සිටීම සැළලිහිණි සන්දේශයේ පරමාර්ථයයි.
   තොටගමු හිමියන් විසින් රචනා කරන ලද සන්දේශ කාව්‍යයන් පිළිබදව විග්‍රහ කරන්න් 100%ක් වාගේ දක්වා ඇත්තේ ඒවායේ දක්නට තිබූ සාහිත්‍යමය විචිත්‍රතාවය පිළිබදවය.නමුත් එම සංදේශ කාව්‍යය තුලින් විශාල වශයෙන් ඉස්මතු කොට දක්වා නැතත් තොටගමු හිමිගේ ජීවන තොරතුරු විමසා බැලීමෙන් පමනක් වටහා ගත හැකි සුවිශේෂී කරුණු කාරණා කිහිපයක්ද ඇත.මෙම කෙටි සටහනෙන් දැක්වීමට අදහස් කලේ තොටගමු හිමියන්  විසින් සංදේශ කව්‍යය රචනා කිරීමට හේතු කාරක වූ මානුෂික බැදීම් පිළිබද විස්තරයක් ඉදිරිපත් කිරීම පිණිසය.
   තොටගමු හිමි කුඩා කාලයේදීම ස්වකීය පියා වූ වික්‍රමබාහු කුමරු හදිසියේ මියගිය පසු සයවන පැරකුම්භා රජු තොටගමු හිමිගේ මව භාර්්‍යා තනතුරට ගත්තේය.පැරකුම් රජුට පුතුන් නොවීය.සිටියේ දියනියන් දෙදෙනෙකි.හුරුබුහුටි නුවනැති දෙමටාන කුමරුට(තොටගමු හිමිගේ ගිහි නම) රජු තමන්ගේම දරුවකු සේ සැලකුවේය.මේ නිසාම කුඩා දරුවාද රජුට මහත් ලෙන්ගතු කමක් දැරීය.පැවිදි දිවියට ගියත් තොටගමු හිමි රජ පවුල සමඟ සමීප සම්බන්ධයක් තිබුනි.කුඩා කල තමා සමඟ හැදුනු රජ දියනියන් දෙදෙනා තොටගමු හිමිට සොයුරියන්මෙන් ලෙන්ගතු අය විය.වැඩිමල් රජ දියණිය වූ චන්ද්‍රවතී කුමරියට නිසි වයස පිරුණත් විවාහයක් සිදු නොවුනු බව දැනගත් තොටගමු හිමියන් ඇයට ස්වාමියකු ලබාදී උතුම් පුත් රුවනක් ලබා දෙන ලෙස දෙවියන් යැදීමේ (සෙත් ශාන්තිය) කටයුත්ත සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පරෙවි සංදේශය බිහිවිය.තොටගමු හිමිගේ ප්‍රාර්ථනා සඵල කරමින් ඇය විවාහ දිවියට එලැබී දරුවන් ලැබුවාය.පරෙවි සංදේශ කාව්‍යයේ ප්‍රධාන අරමුන එය වුවත් තොටගමු හිමියන්ගේ භාෂා හා කව්‍ය හැකියාවේ ඔපයෙන් හැඩ ගැන්වුනු එම කාව්‍ය කෘතිය එදා සිට අද දක්වා උසස් සාහිත්‍ය කෘතියක් ලෙස සාහිත්‍යදරයන් අතර භාවිතාවේ.
   පරෙවි සංදේශය කෘතිය රචබනාවට පාදක වූ ලෙසම සැළලිහිණි සංදේශය රචනා කිරීමටද පාදක වූයේ රජ පවුලේ සිද්ධියකි.රජුගේ බාල දියණිය වූ උලකුඩය කුමරියට විවාහ වී බොහෝ කාලයක් යනතුරු දරුවන් නොවීය.තම සහෝදරියට පුත් රුවනක් ලබා දෙන ලෙස ලක්දිව සතර වරම් දෙවියකු වූ විභිෂණ දෙවි අයැදීමේ කටයුත්ත කිරීමට තොටගමු හිමියන් සැළලිහිණි සංදේශය රචනා කලේය.එමෙන්ම තොටගමු හිමියන් විසින් කාව්‍යශේඛරය නම් මහා කාව්‍යය රචනා කළේ ද උලකුඩය දේවිය කළ ඇරියුමකින් බව ද එකී ග්‍රන්ථයෙහි ආරම්භයෙහි දී ම සඳහන් වේ.
   මේ අනුව බලන විට තොටගමු හිමියන් සංදේශ කාව්‍යයන් රචනා කිරීමේ මූලික අරමුන ස්වකීය සොයුරියන්ට සෙත් පැතීම පිණිසය.ඒවා සාහිත්‍ය කෘති ලෙස පත්කරවීමේ මානසිකත්වයක් තොටගමු හිමියන්ට මූලික ලෙස නොතිබුනත් උන් වහන්සේටත් නොදැනීම මානුෂික හැගීම් ඔස්සේ ලියුවුනු එම කෘති එම තත්ත්වයට ඉබේම වාගේ පත්වී ඇත.
     සවැනි පැරකුම්භා රජු විසින් තොටගමු හිමි දරුකමට සාදාගත් අයුරින් තවත් කුමාරවරු දෙදෙනෙක් කුඩා කල සිට දරු කමට හදා වඩා ගත්තේය.ඒ සපුමල් කුමරු හා අම්බුළුගල කුමරුය.පසු කලෙක තමාට රජකම නොලැබීම හේතුවෙන් සපුමල් කුමරු විසින් රජ පවුලට සම්බන්ධ කුමාරවරු කහිප දෙනෙක් රහසේ මරා දැමීය.තමා කුඩා කල හැදුනු වැඩුනු රජ පවුලේ අය ඝාතනය වීම පිළිබදව තොටගමු හිමියන් සපුමල් කුමරුට ප්‍රසිද්ධියේ චෝදනා කලේය.මේ නිසා තොටගමු හිමියන්ද සපුමල් කුමරුගේ වෛරයට ලක්විය.අවස්ථා කීපයකදී තමාව ඝාතනය කිරීමට උත්සාහ ගැනීම් දුටු තොටගමු හිමියන් කලකිරී වර්තමාන ඇල්පිටිය අම්බන ප්‍රදේශයේ ගල්ලෙනක රහසිගතව අවසාන කාලය ගත කලේය.එය එසේ නොවුනි නම් තොටගමු හිමියන් විසින් තවත් සාහිත්‍ය කෘති බිහිවීමට ඉඩ තිබුනි.
   තොටගමු ශ්‍රී රාහුල හිමියන්ගේ ජීවන තොරතුරු  හා බැදුනු රසකතා විශාල ප්‍රමාණයක් ඇත.පෙර ලිපි වලින් ඉන් කිහිපයක් දැක්විය.වයසින් මුහුකුරා ගිය තොටගමු හිමියන් ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රයන් යොදා ගෙන සිදු කල අපූරු රසවත් දේවල් මෙන්ම විදාගම මෛත්‍රි ,තොටගමු ශ්‍රී රාහුල හා වෑත්තෑවේ හිමි යන තුන් ඈදුතු ගුරු ගෝල හිමිවරුන්ගේ ජිවන තොරතුරු සම්බන්ධ කතාන්දර කිහිපයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

         ------------------  මතු සම්බන්ධයි.  ---------------------------

ගුරු ගෝල දහම් ගැටයට ඉන්දීය බලි ඇදුරා හසුවේ.

"මොකද රාහුල හාමුදුරුවනේ මෙදා පෝය ලඟටම ඇවිල්ලත් ගමේ උදවිය පන්සල පැත්තේ ඇවිල්ල නැත්තේ වෙනදා පෝය ලංවෙන කොට ගමේ දරු දැරියොත් පින්කම් වලට සූදානම් වෙන්න පන්සල පැත්තට එනවනේ." 

      විදාගම නා හිමියන් තම ප්‍රධාන ගෝල නම වූ තොටගමු ශ්‍රී රාහුල හිමිගෙන් විමසූවේ වෙනදා පන්සල වෙත එන ගම්මුන්ගේ අඩුවක් මහ නාහිමියන්ට පෙනුන බැවිනි.
   "අර ඉන්දියාවෙන් ආපු බ්‍රාහ්මනයෝ කට්ටියක් රජ වාසලට ඇවිල්ල රජතුමාටයි ඇමති ගොල්ලන්ටයි සෙත් පතල බලි යාග මාලවක් කරනවා කියන්නේ.ගමේ මිනිස්සු ඒව බලන්න හරි ආසාවෙන් යනවා කියලා ආරංචියි අපේ හාමුදුරුවනේ.ගමේ අය දවස් ගනන් නිදි මරාගෙන ඒව බලන්න යනවලු."
 රාහුල හිමි තම ගුරු හිමියන්ට පිළිතුරු බැන්දෝය.
  කිසිවක් නොකී විදාගම හිමි කල්පනා කරමින් ආවාස ගෙට වැඩියේය.
 "පොඩි නම ඔය කවුරුහරි අතේ පණිවිඩයක් අරින්න ඔය බලි යාගය කරන නායක බ්‍රාහ්මණයට පන්සල පැත්තට එන්න කියලා.රාහුල හාමුදුරුවොත් ආවාස ගෙට ආවනම් පොඩි රහසක් කියන්න."
  විදාගම හිමි වැනි රටේ ප්‍රසිද්ධ උගත් හිමිනමක් තමාට ආරාධනය කිරීම පිළිබද ප්‍රධාන බ්‍රාහ්මනයාට මහත් සතුටක් ආඩම්භරයක් ඇති විය හේ ආරාධනාව පිළිගෙන  ඔහු රජගෙයි යාගය අවසන් වී ආපසු යාමට පෙර විදාගම හිමියන් බැහැ දැකීමට පන්සලට ගියේය.
   "හාමුදුරුවො මට මේ පැත්තට එන්න කියල පණිවුඩයක් ඇරල තිබුනේ ඇයිද දන්නේ නැහැ."
 "මම මේ බ්‍රාහ්මන මහත්තයට එන්න කියල කතා කලේ ටිකක් කතාබහ කරන්න.මට ආරංචියි බ්‍රාග්මන ඇත්තොල බොහොම අපූරුවට බලි ශාන්ති කරාම කරනව කියලා.මිනිස්සුත් හරි ආසාවෙන් ඒව බලන්න යනවා කියල මට කීප දෙනෙක්ම කිව්වා.මම කැමතියි බ්‍රාහ්මන මහත්තයත් එක්ක ටිකක් ශාන්ති කර්ම ගැන කතා බහ කරන්න.ලංකාවේ අපෙත් ඔයවගේ ශාන්ති කර්ම ශාස්ත්‍ර ක්‍රම තියෙනවා."
  යාග කර්මය පිළිබද තොරතුරු බමුණාගෙන් විදාගම හිමියන් විමසූ කල වේදයාගයේ "ශ්ලෝක,යන්ත්‍ර,මන්ත්‍ර" ආදිය බමුණා විසින් මුල සිට අග දක්වාම නොවළහා බමුනා විසින්  විදාගම හිමියන්ට පැවසුවේය.කලින් සැලසුම් කරගෙන තිබූ පරිදි තොටගමු හිමියන් විසින් තිරයකින් වසන ලද ඇතුල් පෙදසෙක පුස්කොළ පොත් පන්හිද සූදානම් කරගෙන හිදිමින් බමුණා පැවසූ දේවල් පුස්කොලේ ලිව්වේය.තොටගමු හිමියන්ට පුස්කොල පොතේ විස්තර ලියා ගැනීමට කාලය සකසා ගත හැකි පරිදි කඩඉම් ප්‍රශ්ණ ඇසීම විදාගම හිමියන් විසින් සිදු කලේය.සරස්වතී තෛලය බීමෙන් ලද අසාමාන්‍ය ධාරණ ශක්තියෙන් යුක්තවූ තොටගමු හිමියන් බමුණා කිවූ ශිල්පීය ක්‍රම සියල්ල පුස්කොළ පොතේ ලියා නිම කලේය.සියල්ල ලියා අවසන් කල පසු විදාගම හිමියන් බමුණා අමතා
  "බ්‍රාහ්මණ මහත්තයා ඔය කිව්ව ඔබලාගේ ශිල්ප ක්‍රම ඔයිටත් වැඩිය විස්තරාත්මකව අපේ පුස්කොළ පොත්වල තියෙනවා.මම හිතුවේ බ්‍රාහ්මන ඇත්තො ගාව අලුත් දෙයක් ඇති කියලා.ඔය කියන බලි යාගය තියෙන පුස්කොළ පොතක් අපි ගාවත් තියෙනවා."
   යැයි පැවසූ විදාගම හිමියන් තොටගමු හිමියන් ලවා පුස්කොළ පොත ගෙන්වා කලුමැද බමුණාට පෙන්වීය.තමා පැවසූ සියල්ල එලෙසම පුස්කොළ පොතේ සටහන් වී ඇති බව දුටු නායක බමුණා පුදුමයටත් ලැජ්ජාවටත් පත්වී කෝපයෙන් මෙන් පන්සල් භූමියෙන් පමනක් නොව ලංකාවෙන්ද පිටවී ගියේය.
   මෙලෙස බමුණන්ගෙන් ලබාගත් "බලි ශාන්ති කර්ම ක්‍රමය විදාගම හිමියන්ගේ මූලිකත්වයෙන් ගායනය වාදනය මුර්ති.. ආදී සකල විදි සංස්කෘතික අංග මෙන්ම අපගේ බෞද්ධාගමට ගැලපෙන පරිදි බුදු ගුණ කියවෙන කවි එකතු කරමින් ලංකාවේ විවිධ පලාත් වලට විකාශණය වූ බව සදහන්ය.

පුරුද්දට වඩා ජන්මේ ලොකු වීම

  රාහුල පොඩි හාමුදුරුවන්ගේ උප්පරවැට්ටියට අහුවෙලා ලොකු හාමුදුරුවන්ට බළල් වසුරු කන්න වෙච්ච එකට ලොකු හාමුදුරුවෝ හිටියේ ටිකක් ලැජ්ජාවෙන්.මොන ගුරාද කැමති ගෝලයට සෙකන්ඩ් වෙන්න..ඉතින් කොයි වෙලේ හරි ගෝලයව පරද්දන්න තමයි විදාගම හාමුදුරුවොත් මාන බලාගෙන හිටියේ...

  රාහුල හාමුදුරුවන්ගේ පූස් පැටියව ගිහින් දාන්න කියල මුලින් කිව්ඬට පස්සේ පස්සේ ලොකු හාමුදුරුවෝ පූස් පැටියට පොඩි හාමුදුරුවන්ටත් වඩා ලංවුනා.ලොකු හාමුදුරුවෝ පූස් පැටියට එළියට ගිහින් කක්ක කරන්න.එතකොට සෙල්ලම් කරන්න වගේ දේවල් පුරුදු කලා.ඒ විතරක් නෙවෙයි තවත් දේවල් පුරුදු කලා.පූසෙකුට කරන්න තියා හිතන්නවත් බැරි දේවලුත් නායක හාමුදුරුවෝ මේ පූසා පුටියට පුරුදු කලා.නායක හාමුදුරුවෝ රාත්‍රියේ පොත් බලනකොට ලන්තෑරුම අල්ලන්න පූස් පැටියව පුරුදු කලා කියලා හිතන්නවත් පුළුවන්ද?ඒත් නායක හාමුදුරුවෝ ඒ වැඩේත් හරි අපූරුවට පූසට පුරුදු කලා.
   පුස් පැටියාට ලන්තෑරුම අල්ලන්න පුරුදු කරපු එක යොදාගෙන ගෝලනම පරද්දන්න පුළුවන් කියලා විදාගම හිමියන්ට අදහසක් පහළ වුනා එහෙම හිතලා දවසක් විදාගම හාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම අහනවා.
   "රාහුල පොඩි නම කියන්න බලන්න වැඩියෙන් ලොකු ජන්මෙද පුරුද්දද කියලා"
  "ජන්මේ පුරුද්දට වඩා ලොකුයි අපේ හාමුදුරුවනේ."
  " නෑ නෑ පොඩි නම ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි.මම ඒක අදා රූට පොඩි නමට පෙන්නමන්නම්කෝ."
  ඔන්න ඉතින් එදා රාත්‍රියේ ලොකු හාමුදුරුවෝ පොඩි නමත් එක්කගෙන ආවාස ගෙට ගිහින් පොතක් අරගෙන මේසේ උඩ තියාගෙන බලන්න ගත්තා පූසත් ඉතින් කලින් පුරුදු කරපු විදියටම හරි අපූරුවට මේසේ උඩට නැගලා ලන්තෑරුම අල්ලගෙන ඉන්නවා නායක හාමුදුරුවන්ට පොත බලන්න පුළුවන් විදියට
 "දැක්කද පොඩි නම මේ පූසට ලන්තෑරුම අල්ලන එක ජන්මෙන් ආවේ නැති වුනාට පුරුද්දෙන් ඇති වෙලා තියෙන හැටි.ඉතින් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා පොඩි නමට පිළිගන්න වෙනවා නේද?"
  "ලොකු හාමුදුරුවෝ කිව්ඬ දේට කිසිවක් නොකියා සිනාවකින් සංග්‍රහ කළ රාහුල හිමි අසල පිහිටද මී කූඩුවක සිටි මීයෙකු එළියට ගෙන අර පූසාට පෙනෙන තැනකින් තිබ්බේය.මීයා දුටු පූසා ලන්තෑරුම ඇල්ලීම පසෙක ලා මියා පසුපස දුවන්නට විය.
  "දැක්කද ලොකු හාමුදුරුවනේ.පුරුද්දට වඩා ජන්මේ ලොකු වෙච්චි හැටි."
  විදාගම හිමි එදිනත් ගෝලයාට පැරදුනි.

             
             ---------------- මතු සම්බන්ධයි. ---------------

මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ.

මේකත් තොටගමු ශ්‍රී රාහුල හිමි සාමනේර අවදියේදී කරපු වැඩක් ගැන කියවෙන කතාවක්.මේ කතාව තියෙන්නේ කුඩා රාහුල හිමිගේ දඟකාර කමද එහෙම නැත්නම් බුද්ධියද කියල එක පාරට කියන්න බැහැ.සමහර විට ඒ දෙකම වෙන්න පුළුවන්.හරි වැල් වටාරම් පැත්තක දාල කතාව කියන්නම්කෝ..

     රාහුල පොඩි හාමුදුරුවෝ තොටගමු විහාරයේ සාමනේර අවධිය ගත කරන කාලෙදි ඔන්න කවුදෝ කෙනෙක් පන්සල් වත්තට පුංචි පූස් පැටියෙක් ගෙනත් දාලා තිබුනා.අපි කවුරුත් දන්නවනේ පොඩි ළමයි පූස් පැටවුන්ට හරි ආදරෙයි කියලා.ඉතින් රාහුල හාමුදුරුවෝමේ පූස් පැටියට කන්න බොන්න දීල හරි ආසාවෙන් හදන්න ගත්තලු.පූස් පැටියත් රාහුල හාමුදුරුවන් තමන්ට දක්වන කරුණාව ගැන තේරිල එයා ලගින්ම ඉන්නවලු.
   රාහුල පොඩි හාමුදුරුවෝ පූස් පැටියට ආදරෙන් සැලකුවාට විදාගම ලොකු හාමුදුරුවෝ මේ බළල් කරදරේට එච්චර කැමති නෑ මොකද පූස් පැටිය හැම තැනම අහු මුළුවල ජරා කරනවා මුළු පන්සලම ගදයි.ඉතින් දවසක් ලොකු හාමුදුරුවන්ට හොදටම කේන්ති ගදහිල්ල රාහුල හාමුදුරුවන්ට කතා කරලා කියනවලු
  "පොඩි නම මේ බලළ් පැටියව වහාම උපාසක මහත්තෙකුට බාර දෙන්ටෝන.බලන්න ඒකා හැම තැනම ජරා කරනවා.මුළු පන්සලම ගදයි.ඔන්න බළල් පැටිය හෙටම කාට හරි දුන්නේ නැත්නම් බළළ් බෙටි පොඩි නමටම කවනවා."
    ලොකු හාමුදුරුවෝ හරිම තදින් එහෙම කිව්වහම රාහුල හාමුදුරුවන්ට හොදටම බය හිතුනා මොකද ලොකු හාමුදුරුවෝ ඒ වගේ දෙයක් කිව්වොත් නොකර ඉන්නෙතා නැති බව රාහුල හාමුදුරුවෝ දන්නවා.ඒත් හුරතල් බළල් පැටියව කාටවත් දෙන්න රාහුල හාමුදුරුවන්ට හිතෙන්නේ නෑ.අන්තිමේ පුංචි කමට රාහුල හාමුදුරුවෝ පොඩි උප්පර වැට්ටියක් දැම්මලු.
   රාහුල හාමුදුරුවෝ හකුරුයි තලයි මිශ්‍ර කරලා ගුලි වගයක් හදා ගත්තා මේ ගුලි දැන් පිටතට පේන්නේ බළල් බෙටි වගේමයි.ඉතින් පහුවදා උදේම රාහුල හාමුදුරුවෝ බලල් බෙටි තිබුනු තැන්වලින් ඒව ඉවතා කරලා අර හකුරු තල් ගුලි ඒ තැන්වල තිබ්බලු බලල් බෙටි වගේ පේන්න.ඉන් පස්සේ ආයිතා ගදහින් ටිකක් නිදා ගත්තලු.
   ලොකු හාමුදුරුවන්ට උදේ පාන්දරම බළල් බෙටි දැකලා හරි කේන්තියිලු.පොඩි නමව ඇහැරෝගෙන බලල් බෙටි ලඟට ගිහින් පෙන්නුවලු
  "මේ බලනවා පොඩි නම අදත් අර බලල් පැටිය බන මඩුවෙත් ජරා කරලා.පොඩි නමට මම එදා කිව්ව නේද කරන්න ඕන දේ."
  ලොකු නම එහෙම කියලා කිව්වේ තමන් කලින් දවසො කිව්ව බලල් පැටිය කාට හරි දෙන්න කියන එක නැවත මතක් කරන්න.ඒත් ලොකු හාමුදුරුවොත් පුදුම කරවල මෙන්න එකපාරටම රාහුල හාමුදුරුවෝ
  "මට තේරෙනවා.නායක හාමුදුරුවනේ.ඔබ වහන්සේ එදා කිව්වේ බලල් බෙටි මට කන්න කියලනේ.මම එහෙනම් බලල් බෙටි කන්නම්"
   මෙන්න මෙහෙම කියලා රාහුල හාමුදුරුවෝ අර බළල් බෙටි වගො තිබුනු හකුරු තල ගුලි සේරම
රස කර කර කාගෙන කාගෙන ගියාලු.
   රාහුල හාමුුරුවෝ කරපු වැඩේට ලොකු හාමුදුරුවෝ තක්බීර් වෙලා ගියා.පොඩි හාමුදුරුවන් බලළ් බෙටි කෑවේ තමන් කිව්ඬ හින්ද කියලා විශාල දුකකුත් ලොකු හාමුදුරුවන්ට දැනුනා.පොඩි හාමුදුරුවන්ට තමන් කරපු වැඩේට යටි හිතින් හිනා.
   ඔන්න ඉතින් ඊලඟ දවසේ උදේ පාන්දර ලොකු හාමුදුරුවෝ බන මඩුවට උදේම යනකොට බලල් බෙටි එදත් තියෙනවලු දිලිසි දිලිසි.කලින් දවසේ පොඩි හාමුදුරුවෝ බලල් බෙටි රස කර කර කාපු එක ගැන ලොකු හාමුදුරඑවන්ට හරි පුදුමයිලු බළල් බෙටි වල අමුතු රසයක් තිබේදැයිබලන්න නායක හාමුදුරුවන්ටත් හිතිල හෙමින් සීරුවේ බලල් බෙට්ටක් අතින් අරගෙන ටිකක් කඩලා අරගෙන දිවේ තියලා බැලුවළු.
   නායක හාමුදුරුවෝ දන්නේ නැති වුනාට රාහුල පොඩි හාමුදුරුවෝ පැත්තක හැංගිලා බලන් හිටියො ලොකු හාමුදුරුවෝ බළල් බෙටද කන හැටි.ඉතින් පොඩි හාමුදුරුවොත් මහ හයියෙන් කෑ ගහලා කිව්වළු
  "මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ.."
   කියලා රාහුල හාමුදුරුවන්ගේ සද්දෙට පන්සලේ හිටපු හැමෝම එතනට දුවගෙන ආවලු.එතකොටත් නායක හාමුදුරුවන්ගේ අතේ බලල් බෙට්ට තියෙනවළු.ඉතින් ඊට එහා වෙච්ච දේ හිතා ගන්න පුළුවන්නේ.
   
  --------------  මතු සම්බන්ධයි --------------------

Monday, May 21, 2012

සුර දෝතා -වර මෑතා -ගොම දෝතා -දම ඈතා



 රාහුල හාමුදුරුවො විදාගම මෛත්‍රී හාමුදුරුවන් යටතේ පැවිදි වෙලා තොටගමු විහාරයේ තමයි සාමනේර අවදියේ වැඩි කාලයක් ගත කලේ.රාහුල හාමුදුරුවෝ කවියට උපන් හපනෙක්.වැඩක් පලක් කරත්දිත් කවියෙන්ම තමයි ඒක කරන්නෙත්.

  ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවෝ දවසක් උදේම අවදි වෙලා මිදුල අතු ගාන්න පටන් ගත්තලු ඔහොම මිදුල අතු ගාගෙන අතු ගාගෙන යනකොට එක පාරටම දැක්කලු පන්සල් මිදුලේ මැදම ගව වසුරු පිඩක් තියෙනවා.හාමුදුරුවන්ට මේක ඉවත් කර ගන්න ඕන වුනත් ගොම ගොඩ අල්ලන්නත් නිකං හිරිකිතයි වගේ දැනුනා.උදැල්ලක් වගේ දෙයක් ලඟ පාතක තිබුනෙත් නෑ.ඉතින් මොකද කරන්නේ ඔහොම ඉන්නකොට රාහුල හාමුදුරුවන්ට මතක් වුනා පන්සලේ අතවැසි කමට හිටිය "සුර දෝතා" කියල කියපු ටිකක් මෝඩ පහේ කොල්ලව.මෙයාට සුර දෝතා කියල නම දාලා තිබුනෙත් නායක හාමුදුරුවෝමයි.මොකද මිනිහ නිතරම අත් දෙක හෝදනවා.අත් වල කුණු රැදෙනවාට සුර දෝතා ටිකක් වත් කැමති නැහැ.වැඩක් පලක් කලාට පස්සෙත් වේලක් අත් දෙක සෝදනවා.
   රාහුල හාමුදුරුවන්ට හිතුනා අද කොහොම හරි මේ ගාම ගොඩ සුර දෝතා ලව්වා අයින් කරල සුර දෝතා පන කඩාගෙන අත් දෙක හෝදන හැටි අනිත් පොඩි හාමුදුරුවොත් එක්කල බලල ටිකක් විනෝද වෙන්න.
  ඉතින් රාහුල හාමුදුරුවෝ කවියෙන්ම සුර දෝතට කතා කරල කිව්වලු
    "සුර දෝතා
      වර මෑතා
      ගොම දෝතා
      දම ඈතා "

  සුර දෝතත් හාමුදුරුවෝ කතා කරන නිසා ලඟට ඇවිත් බැලුවහම ගොම ගොඩ දැකලා වැඩේට අදිමදි කරන විදියට ඇඹරෙන්න ගත්තලු.

 "මොකද සුර දෝතා කල්පනා කරන්නේ.මම කිව්වේ එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ..මෙන්න මේ ගොම ගොඩ මෙතනින් එහාට කලානම් මට මේ මිදුල අතු ගාල ඉවර කරන්න.හාමුදුරු කෙනෙක් ගිහියෙක්ට වැඩක් කියන්නේ ඒ ගිහියට පිනක් කරගන්න අවස්ථාවක් දෙන්න.වැඩේ කලොත් දිව්‍ය ලෝකේ නැත්නම් ඉතින් අපා ගත වෙන්න තරම් ඒක පාප කර්මයක් වෙන්නත් පුළුවන්."
   රාහුල හිමි සුර දෝතව ටිකක් බය කරලා කිව්ඬ.අනේ ඉතින් මොනා කරන්නද ගොම ගොඩ එහාට කරන්න තවත් පරක්කු කරන්න බැරි නිසා සුර දෝතා එයාගො අත් දෙකෙන්ම ගොම ගොඩ එහාට කළා.
   සුර දෝතා එදා හවස් වරුවම කරලා තියෙන්නේ අත් දෙක හෝදන එක


            --------------------- මතු සම්බන්ධයි. ---------------------------

රාහුලයා මළා......මළා......

  විදාගම හිමියන් විජයබා පිරිවෙනේ ගෝලයන්ට ශාස්ත්‍ර ඉගැන්වීමට යාමට පෙර දිනපතා උදෑසන සිදු කල කාර්යයක් විය.තම අල්මාරියේ කුඩා කුප්පියක දැමූ සුවිශේෂී තෙල් වර්ගයකින් ඉතා කුඩා ප්‍රමානයක් දිව ගා ගැනීම උන් වහන්සේගේ දෛනික පුරුද්දක් විය.
   කුඩා කුප්පියේ ඇත්තේ ධාරණ ශක්තිය වර්ධනය කරන "මහා සරස්වතී තෛලය" බව වටහා ගත් සාමනේර රාහුල හිමියන් ගුරු හිමියන් සරස්වතී තෙල භාවිතා කරන ආකරය හොර රහසින් බලා සිටියේය.එළු කෙන්දකට තෛලයෙන් බිදක් ගෙන එය කිහිප වරක් ගසා ඉතිරිවන ශේෂය ගුරු හිමියන් දිව ගා ගන්නා බව දුටු රාහුල හිමියන්ට දැක ගත හැකි විය.
   "ගුරු හාමුදුරුවෝ සරස්වතී තෙලෙන් මෙච්චර චුට්ටක් බීලා වැඩ කරන එකේ මේකෙන් උගුරක් බිව්වොත් මට ලොකු බලයක් ලැබේවිනේ."
  මෙලෙස සිතු රාහුල හිමියන් ගුරු හිමියන් පන්සලෙන් බැහැර ගිය වේලාවක් බලා අල්මාරිය හැර සරස්වතී තෙල් කුප්පියෙන් උගුරක් කටට හලා ගත්තේය.
  මාත්‍රාව ඉක්වවීම නිසා තෙලේ බලය නරක අයුරින් බලපෑවේය.රාහුල හිමි සිහිසුන්ව ඇද වැටුනේය.රාහුල හිමි සිහිසුන්ව වැටෙනු දුටු සිර කිරීමකින් තොරව නිදහසේ පන්සල් භූමියේ සැරිසරන ගිරවා දුටුවේය.
   "රාහුලයා මළා..මළා.."
 ගිරවා මොර දුන්නේය.
  ගිරවාගේ හඩ ඇසී රැස්වූ පිරිස රාහුළ හිමි සිහිසුන්ව වැටී සිටින අයුරු දැක විදාගම හිමියන්ට පණිවුඩයක් හැරියහ.වහා පැමිනි විදාගම හිමියන්ට රාහුල හිමි සරස්වතී තෙල පානය කර ඇති බව වැටහිනි.
   සරස්වතී තෛලයේ ම්‍රාතාව වැඩිවූ විට ඇතිවන විෂ තුරන් කිරීමට තන කිරි ඔරුවක ශරීරය තැබිය යුතුය.රාහුල හිමි බේරා ගැනීමට කිරි මව්වරුන් පැමින රාහුල හිමි තබා ඇති බෙහෙත් ඔරුව මව්කිරි වලින් පිරවිය යුතු බව විදාගම හිමි රැස්ව සිටි පිරිසට දැන්වීය.රාහුල හිමිගේ ආයුෂ බලය හා වාසනා බලය නිසාම විවිධ ප්‍රදේශ වලින් කිරි මව්වරු පැමිණ රාහුල හිමි සුවපත්වී එ පිනෙන් අපේ බිළිදු දරුවන්ටත් සෙත් වේවායි පතමින් ඔරුව තන කිරෙන් පිරවූහ.
   තෙල් විෂ දුරුවී රාහුල හිමි සුවපත් විය.එමෙන්ම තෙලේ බලය සිරුරේ තැන්පත් වීම නිසා අසීමිත ධාරණ ශක්තියක්ද මෙම සිද්ධියෙන් පසු රාහුල හිමිට ලැබුනි.


      --------------------- මතු සම්බන්ධයි. ---------------------------

හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ...


 "අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ මේ හදිසියේ රජ වාසළට  වැඩිය කාරණාව මොකක්ද දන්නේ නෑ."
 විදාගම හිමියන් ගරු බුහුමන් කොට පිළිගත් සයවැනි පැරකුම් රජු හිමිගෙන් ඇසුවේය.

   "මහ රජතුමනි මම අද උදේ හදිසි ගමනකට යනකොට අපූරු කොලු ගැටයෙක් දැක්කනේ.මම දැක්ක මේකා බිලී පිත්තක් අරගෙන දිය කඩිත්තක් ලඟට වෙලා මාලු බානවා.මේ පවුකාර වැඩේ ආදීනව කියා දෙන්න හිතලා මමත් මේ කොල්ලත් එක්ක කතා බහ කරල බැලුවා"
  විදාගම හිමියන් දෙමටාන කුමරු හා තමා අතර වූ සංවාදය ඒ ආකාරයෙන්ම රජුට දැන්වීය.කොලුවාගේ හැඩරුව හා දෙදෙනා අතර වූ සංවාදය අනුව හාමුදුරුවන් කතා කොට ඇත්තේ දෙමටාන කුමරු සමඟ බව රජු වහා දැන ගත්තේය.
  "හාමුදුරුවෝ ඔය කියන්නේ අපේ දෙමටාන කුමාරය ගැන.ඔය ළමයාගේ පියා තමයි මගේ ලඟම හිතවතෙක් වගේම ඥාතියෙක් වෙච්චි වික්‍රමබාහු කුමාරයා.ඔය ළමයා කුඩා කාලෙම වික්‍රමබාහු කුමාරයා හදිසි රෝගයකින් මියගියා.ඉන් පස්සේ මම තමයි පුංචි කාලේ ඉදන් හදා වඩා ගත්තේ.ඔය මාලු බෑවයි කියලා කිව්ඬට ඔය දරුවා හරි පින්වන්තයි.ඒ වගේම හොද ඥාණයක් බුද්ධියක් තියෙනවා.ළමයගේ ජන්ම කේන්ද්‍රය බලපු රාජකීය දෛවඥයොත් කිව්වේ මේ දරුවා කවදා හරි පැවිදි දිවියට එනබවත් රටම පිළිගත්තු හොද දැන උගත් පැවිදි උතුමෙක් වෙනවයි කියලනේ.දරුවත් පැවිදි වෙන්න හරි ආසාවෙන් ඉන්නේ."
  රජුගේ වදන් හමුවේ ප්‍රීතියෙන් ඉපිළ ගිය විදාගම හිමියන් රජු ලවා කුඩා දරුවාගේ ජන්ම පත්‍රය ඉල්ලා ගෙන පන්සලට ආපසු වැඩියේය.එදින දවසේ වැඩි කාලයක් විදාගම හිමියන් ගතකලේ දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කිරීම පිණිසය.

----------------------------------------------------------------------------------------------
 උපත - ක්‍රි.ව. 1411 අප්‍රේල් මස 04 වෙනි ගුරු දින දහවල් 11.36
 ස්ථානය  - දෙමටාන ගම
 පියා - දෙමටාන ගම් අධිපති මෞර්‍ය වංශික වික්‍රමබාහු කුමරු
 මව  - රාජ වංශික සීලවතී කුමරිය

 ජන්ම කේන්ද්‍රයේ දළ විස්තර
      මිථුන ලග්නය , බෙරණ නැකත
      ගුරු -3
      කේතු -4
      රවි,කුජ,රාහු -10
      සදු,සිකුරු,බුධ,ශනි -11

 දෙමටාන කුමරුගේ ජන්ම කේන්ද්‍රය පරීෂා කළ ජ්‍යොතිෂයේ කෙළ පැමිණියකු වූ විදාගම මෛයී හිමියන් කුමරුගේ ජන්ම කේන්ද්‍රයේ මහණ යෝගත් මනා ලෙස භාෂා,විද්‍යා,ගුප්ත ,.. ආදී ශාස්ත්‍ර ඉගෙනීමට ඇති ජන්ම හැකියාවත් දුටුවේය.
   දෛවපොගත ක්‍රියාවන් එලෙසම සිදු විය.රජුගේ අවසරය හා කුමරුගේ කැමැත්ත ඇතිව දෙමටාන කුමරු විදාගම හිමියන්ට භාර කෙරුණි.දෙමටාන කුමරු "තොටගමුවේ රාහුල" ලෙස විදාගම හිමිගේ ගෝලයකු ලෙස පැවිදි විය.

--------------------------------------------------------------------------------------------

හාල් ගරන කත මිදුලේ - දැක මහනෙක් ලොභය කලේ.
  සාමනේර රාහුළ හිමි සමඟ විදාගම හිමියන්  පින්ඩපාතයේ වඩින දිනයකි.එක් නිවසක් ඉදිරිපිට මිදුලේ රූමත් කාන්තාවක් ඇන තියාගෙන හාල් ගරමින් සිටියාය.කාන්තාව ඇද සිටි ඇදුම විනිවිද ඇගේ සිරුරේ ඇතැම් අංග විද්‍යාමාන විය.තමා අසලට එන හිමි දෙනම නොදුටු කාන්තාව දිගටම හාල් ගරමින් සිටදයාය.කාන්තාව සිටිනා ස්වරූපය අනුව විදාගම හිමියන්ට කවියක් කීමට සිතුනේය.
   "සිහින් සුමුදු සුදු සේලේ
     හීන් ඇඟට ඇලි සේලේ."
 කාන්තාව දුටු විගස නායක හිමිගේ වෙනස් වීම දුටු කුඩා රාහුල හිමියන්ද ඇඟට පතට නොදැනී කවියකින් අදහස් දැක්වීය.
"හාල්   ගරන කත   මිදුලේ
  දැක මහනෙක් ලොභය කලේ."

  
  --------------------- මතු සම්බන්ධයි. ---------------------------

මා වැනි බිළින්දා - වර වර ලඟට කැන්දා.......

 "අවසර දේවයන් වහන්ස ඔබතුමාගේ ඥාති සොයුරකු වන දෙමටාන ගම විසූ වික්‍රමබාහු කුමරු හදිසි රෝගාබාධයකින් මිය ගොස් ඇත.ඔහු මිය යාමට පෙර ඔබ වහන්සේට භාර දීමට ලියා තැබූ හසුන් පතක් මා විසින් රැගෙන ආවෙමි."

 පණිවුඩකරු හසුන් පත හයවැනි පැරකුම්බා රජු වෙත පිළිගැන්වූයේය.හසුන කියවූ රජුට තමාට ඉතා හිතවත්ව ලගින්ම සිටි සමීපයෙකු වූ වික්‍රමබාහු කුමරුගේ හදිසි අභාවය පිළිබදව කනගාටුවක් දැනුනි.
  "වික්‍රමබාහු මගේ ලඟම ඥාතියෙක්.ඔහු මේ හසුනින් දන්වා ඇත්තේ තමාට හදිසි කරදරයක් සිදුවුවහොත් තමාගේ කුඩා පුතු රක්‍ෂා කරන ලෙසයි.මා හට දරුවන් නොමැති නිසා වුක්‍රමබාහු කුමරුගේ පුත් මගේ පුත් තනතුරේ තබමින් ඇති දැඩි කොට වික්‍රමබාහු කුමරුට කෘතගුණ දැක්විය යුතුය."
   ගුණ දම් දත් රජු තීරණය කළේය.
 
  වික්‍රමබාහු කුමරුගේ සය හැවිරිදි කුඩා පුතු මෙලෙස පුරකුම්බා රජුගේ අනින් රාජ කුමරුවකුසේ ඇති දැඩි වීමට තීරණය විය.
  කුඩා දරුවා හුරුබුහුටිය,නැණවත්ය.සය හැවිරිදි වුවත් කාව්‍ය ශාස්ත්‍රය ඒ වනවිටද ප්‍රගුණ කරමින් සිටියේය.තම පියාගේ හදිසි අභාවය හමුවේ තමාව අනාථයකු නොකොට පුත් තනතුරේ හදවඩා ගැනීමට තීරණය කළ රජුට පළමු හමුවෙන් කෘතගුණ දැක්වූයේද කවියකිනි.
   "මා වැනි බිළින්  දා
    වර වර ලඟට කැන්    දා
    දුක් සැප කුමන්  දා
    අසන නිරිදෝ වෙන කොයින් දා"

 කුඩා කුමරු රජු සෙවනේ හැදී වුඩුනේය.කුමරුගේ නුවණැති භාවය එඩිතර භාවය දැක රජතුමාද ඔහුට දැඩි ලෙන්ගතු කමක් දැක්වීය."දෙමටාන කුමාරයා" ලෙස කුඩා දරුව ාසැමගේ ආදරය කරුණාව ලබමින් රජවාසලේ හැදී වැඩුනේය.
   ඉස්සර කාලයේ කුඩා රජ දරුවන් හැදුනේ වැඩුනේ සරල අයුරුනි.දැන් කාලයේ මෙන් ආරක්‍ෂකයන් පිරිවරා ගෙන ඉහළ මට්ටමේ සැප සම්පත් විදිමින් රජ දරුවන් හැදී වැඩුනේ නැත.අනිත් දරුවන් මෙන් ස්වභාවික පරිසරය ඇසුරේ නියම යහගුණ ධර්ම ඉගෙන ගනිමින් හැදුනේය වැඩුනේය.අනවශ්‍ය ලෙස දාස දාසීන් ඇතිව "හාමුලා" "බේබිලා" ලෙස හැදුනේ නැත.ශිල්ප ඉගෙන ගත්තේද අනිත් දරුවන් සමඟ සමාන අයුරකිනි.
     දෙමටාන කුමරු කුඩා කාලයේ හැදී වුඩුනේ පරාක්‍රමබාහු රජුගේ දියණියන් වන "චන්ද්‍රවතී" හා "ලෝකනාථා" සමඟ ඔවුන්ගේ සොයුරකු ලෙසය.

 විදාගම හිමි හමුව
      දෙමටානේ කුමරා දිනක් දිය කඩිත්තක් අසලට වී විනෝදයට මාලු බාමින් සිටියේය.ලක්දිව විසූ භේෂ්ඨ පඩි රුවනක් වූ විදාගම මෛත්‍රී හිමියන් මෙදින අහම්බෙන් මෙන් මේ අසලින් යන කොට  මේ කොලු ගැටයා මාලු බාමින් සිටිනවා දුටු සේක.පුර අටවක දිනයක් වූ එදින කොලුවාව මෙම පාපී ක්‍රියාවෙන් මුදාගැනීමට සිතා කොලුවාට උපදෙසක් දීමට ඔහු අසළට වැඩි සේක.
  "කොලුවෝ  අටවකේ මොකද
උඹ ඔය  කරන්නේ"
  පිටිපස්ස හැරිල බලපු කුමාරයාට තමන් මාලු බානව හාමුදුරුකෙනෙක් දැකපු විත්තිය දැනුනම ටිකක් ලැජ්ජ හිතුනා හාමුදුරුවො "අටවකේ" කිව්වේ අටවක පෝය කියල කුමාරයාට තේරුනත් ඒ බව නොපෙන්වා බිලී පිත්ත උඩට ඔසවා හිමියන්ට පෙන්වමින්
   "හාමුදුරුවනේ .මේකේ වක අටක් නෑ තියෙන්නේ එක වකයි."
   කොලුවා ටිකක් අමුතු ජාතියේ එකකු බව වටහා ගත් හිමියන්
   "එතකොට කොයි වලේ යන්න බලාගෙනද තමුන් ඔය බිලී බාන්නේ."
   මෙන්න එතකොට කුමාරයා කියනව
   "හාමුදුරුවනේ මේ වලෙන් මාලු අහු වුනේ නැත්නම් එහා වලට යනවා.ඒකෙත් මාලු නැත්නම් ඊට එහා වලට යනවා.ඒකෙත් නැත්නම් බිලි බෑම නවත්තල ගෙදර යනවා.
  කොලුවා මෙහෙම කිව්වේ මෝඩ කමටවත් අගෞරවයටවත් නොව තමන් කල පාපී ක්‍රියාව ෂික්‍ෂුවක් දුටු නිසා ඇතිවූ අපහසුතාව නිසා බවත් කොලුවා මනා බුද්ධියක් ඇත්තකු බවත් කොලුවාගේ දේහ ලක්‍ෂණ අනුව මහණ කම පිහිටන බවත් දුටු විදාගම හිමියන්ට කාලුවාව ගෝල නමක් ලෙස මහණ කර ගැනීමට සිතක් පහළ විය.කොලුවා පුරකුම් රජු සෙවනේ වැඩෙන කුමාරයකු බව දැනගත් විදාගම හිමියන් ඔහුගේ ජන්ම කේන්ද්‍රය පරීක්‍ෂා කොට මහණ යෝග ඇත්නම් කොලුවා හා දෙමාපියන්ගේ කැමැත්ත තිබේ නම් මහණ කිරීමට සිතාගෙන රජවාසලට වැඩම කලේය.
    
          -----------  මතු සම්බන්ධයි.  ---------------