Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න
Showing posts with label ප්‍රසිද්ධ අයගේ ජන්ම කේන්ද්‍ර ව්ග්‍රහ. Show all posts
Showing posts with label ප්‍රසිද්ධ අයගේ ජන්ම කේන්ද්‍ර ව්ග්‍රහ. Show all posts

Friday, September 12, 2014

රතුද?කළුද?සුදුද?

                                                       




 රෝහණ විජේවීර අපේ රටේ මහා ආන්දෝලණයක් ඇති කල චරිතයකි.ඔහුගේ  ජන්ම කේන්ද්‍රය හා ජීවන තොරතුරු විමර්ශණ ලිපියක් මෙම අඩවියේ පල කිරීමට කාලයක් තිස්සේම අදහසක් තිබූ නමුත් බාධක කිහිපයක් නිසා එය අවස්ථා කීපයකදීම යටපත් විය.එක් බාධකයක් වූයේ රෝහණ විජේවීර ඝාතනය වන විටත් ලේඛකයා වයස අවු 10 ක පමන කුඩා දරුවකු වීමය.රෝහණ විජේවීර ජීවමානව ක්‍රියාකාරීව කටයුතු කරන විට ඉපදී වත් නැති අයකු විසින් විජේවීරගේ ජීවන තොරතුරු ගෙනහැර දැක්වීම කෙතරම් දුරට තාත්ත්වික වේද නොවේද යන්න පාඨක ඔබට අමුතුවෙන් විස්තර කල යුතු නැත.
       රෝහණ විජේවීරගේ දළ ජන්ම කේන්ද්‍රය මා සතුව තිබූ හෙයින් ඔහුගේ ජීවන තොරතුරු අන්තර්ජාලය පොත්පත් ලේඛන ආදියෙන් හෝ සොයා බලා දැනගෙන සරල අයුරින්  සටහනක් ලිවීමට සිතා විජේවීරගේ ජීවන තොරතුරු ඇතුලත් ලිපි ලේඛන රාශියක් බොහෝ කාලයක සිට වරින් වර කියවූයෙමි.විජේවීර චරිතයපිළිබඳ ලිපි ලේඛන සටහන් සියල්ලම වාගේ ලියා තිබුනේ ප්‍රධාන කොටස්කරුවන් දෙකකි.ඉන් පළමු පිරිස විජේවීර අනුගාමිකයන්ය.එකැස් මාළුවෙක්ගේ දෘෂ්ටියෙන් ලියා තිබූ එම තොරතුරු අනුව විජේවීර චරිතය සර්ව ආදර්ශන චරිතයක් ලෙස හුවා දක්වා ඇත.ඔවුන්ට අනුව එදා මෙදා තුර නිරවුල් දැක්මක් තිබූ එකම දේශප්‍රේමියා ඔහුය.රට නිවහල් දේශයක් කරා ගෙනයාමට දැල්වුනු එකම පහන්ටැඹ ඔහුය.විජේවීර චරිතයේ අඩු ලුහුඩුතා වැරදීම් ගැන එම ලේඛන වල සඳහන්ව නැත.තම පියා සදාකාලික අබ්බගාතයකු වීමට වගකිව යුත්තන් කෙරෙහි කුඩා කල සිට තිබූ දැඩි වෛරය,ලුමුම්බා සරසවියේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී දැක්වූ අසමත්කම හා එහිදී මතුවූ මානසික පීඩාකාරී තත්ත්වය,තම විරූපී පෙනුම නිසා තරුණියන්ගේ ආකර්ශනය නොලැබීම ගැන තිබූ හීනමානය,ඝාතනය වන මොහොතේ විදි අතිශ්‍ය වධ වේදනා දරා ගැනීමට නොහැකිව අකමැත්තෙන් සිදුකල මහා පාවාදීම ආදී එලිපිටම පෙනුනු දුර්වලතා එම ලේඛන වල සදහන්ව නැත.
     රෝහණ විජේවීර චරිතය ගැන ලියා ඇති අනිත් පිරිස ඔහුගේ විරුද්ධ වාදීන්ය.රෝහණ විජේවීර අනුගාමිකයන් පරපුරෙන් පරපුරට බිහිවීම නොඉවසූ අයගේ අවශ්‍යතාවන් ඉටු කිරීම පිණිසම විජේවීර චරිතය අමානුෂික අයුරින් ඝාතනය කෙරෙමින් සාවද්‍ය තොරතුරු එක් කරමින් අතිශය කුප්‍රකට ආකාරයෙන් ලියා ඇති එම ලේඛනද බොරුව ඇත්ත ලෙස දක්වා ඇත.තම පක්ෂය හා දේශපාලන කටයුතු තහනම් කරමින් මර්ධනය කිරීම ආරම්භ කල අවධියේ රෝහණ විජේවීර සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා හමුදාවෙන් හා ආණ්ඩුවේ මැරයන්ගෙන් ස්වකීය නිරායුධ අනුගාමිකයන් බේරාගත් අනේක වාරයන් අවස්ථා යටපත් කර ඹවුන් විසින් සිදුකල මිනීමැරුම් අතිශෝක්තියෙන් දක්වා ඇති එම ලේඛන වලින් විජේවීර චරිතයේ ස්ථානෝචිත ප්‍රඥාව පෙන්වා දීම උවමනාවෙන්ම යටපත් කර ඇත.නිවහල් රතු ලංකාවක් බිහි කිරීමේ යහපත් අරමුනෙන් වුවද විජේවීර හා ඔහුගේ අනුගාමිකයන් විසින් ජන ජීවිත වනසමින් සිදුකල වින්නැහියේ ප්‍රතිඵල ඔවුහු අදටත් විඳවති.මර්දනය වැඩි වෙමින් ස්වකීය සිතා බලා කටයුතු කල හැකි බුද්ධිමත් උගත් අනුගාමිකයන්  හීන වන විට ගමේ ගොඩේ හරක් බලන කොල්ලන්,හොරුන් පවා විජේවීර අනුගාමිකයන් වී තුවක්කු අතට ගෙන හතර අතට වෙඩ් තබා අවසානයේ තමන්ද වෙඩි කා මලහ.එවැනි තත්වයක් යටතේ අරගලය ඉදිරියට නොගොස් මර්ධනය වීම සතුටට කරුණකි.කෙසේ වුවත් විජේවීර විරුද්ධ වාදීන් විජේවීර ඝාතනය සාධාරණය කොට දැක්වීම බෞද්ධ අප නොඉවසිය යුතුය.මිනී මැරීමට අනුබල දුන් අයකුට ඝාතන මරණයක් හිමිවීම සාධාරණ වුවත් දම්වැලෙහි පුරුක මෙන් කර්ම ඵලය ඉදිරියට ඇදී යන බව අමතක නොකල යුතුය.විජේවීරට අනේක වධ දී පනඅදින සිරුර බොරැල්ල කනත්ත ආදාහන පෝරණූවට දමා ඝාතනය කිරීමට සෘජුව හා වක්‍රව දායක වූ හිටපු ජනපති ප්‍රේමදාස,ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න,හමුදාපති සිසිල් වෛද්‍යරත්න,මේජර් ජානක පෙරේරා,.... ආදීන්ගේ මරණ සිදුවී ඇති ආකාරය විමසා බලන විට දිට්ඨ ධම්ම වේදනීය කර්මය සිහියට නැඟේ.
----------------------------------------------------------------------------------------------------------
     1943 ජූලි 14 දින හවස 4.08 ට මාතර දිස්ත්‍රික්කයේ කෝට්ටේගොඩ ධීවර ගම්මාණයේ සාමාන්‍ය පවුලක වැඩිමල් පිරිමි දරුවා ලෙස උපන් රෝහණ විජේවීරගේ උපන් නාමය පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීරය.පියා දොන් අන්දිරිස් විජේවීරය.මව නැසිනෝනා වික්‍රම කළතොටය.ආනන්ද මල්ලී හා චිත්‍රානි නංගී විය.ඔහුගේ දිවි ගමනේ විශේෂ අවස්ථා අතිශෝක්තියෙන් තොරව සැකෙවින් සැලකූ විට

  *  1947 මහ මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රේමලාල් කුමාරසිරිගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායමක් විසින් පහරදී විජේවීරගේ පියා සදාකාලික අබ්බගාතයකු කරන විට විජේවීර වයස අව් 4ක පමණ කුඩා දරුවෙකු විය.

 * මුලික අද්‍යාපනය හැදෑරුවේ ගොඩඋඩ කනිෂ්ට විද්‍යාලයෙනි. (1947 සිට 1953 දක්වා.)

 * 1953-1959 දක්වා ඔහු ගොඩඋඩ මහා විද්‍යාලයේ උගැනුම ලබන ලදී.

 * 1959 ජුලි මාසයේදී පොදු අධ්‍යාපන සහතික පත් (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා විද්‍යාව හදාරමින් සිටියදී විද්‍යා ගුරුවරුන් ගේ අඩුපාඩු නිසා ඔහුට එම පාසලින් අස්‌වී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වීමට සිදු විය. සිංහල භාෂාව, ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිදවිද්‍යාව සත්ව විද්‍යාව සහ භූගෝල යන විෂයයන් හතකට පෙනී සිටිමින් ඔහු 1959 දෙසැම්බරයේදී විභාගයට හිඳ ගත්තේය.

 * 1960 මැයි මස විභාග ප්‍රතිඵල පළවූ අතර විෂයන් හතෙන්ම සමත්වී ගණිතය, රසායන විද්‍යාව, භූගෝලය සඳහා සම්මාන ලැබී තිබුණී.එය එකල විශිෂ්ඨ ප්‍රතිඵලයක් නොවුනත් ඉදිරි උසස් අධ්‍යාපනයට තරම් විය.නමුත් ඒ වන විට ඔහුගේ පියාට අංශභාග රෝගය වැළඳී තිබීම නිසා වැඩිදුර අධ්‍යාපන කටයුතු කර ගෙනයැමට ඔහුට නුපුළුවන් විය.රෝහණ විජේවීර ධර්මාශෝකයෙන් උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් වූ බව විජේවීර අනුගාමිකයන් සිය ලේඛන වල දක්වා තිබූ බොරුය.

 * විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් සිදුකල සේවයත් ඔහු එජාප මැරයන්ගෙන් පහරකා සදාකාලික අබ්බගාතයකු වූයේ එම පකෂයට උදවු කිරීමට උත්සාහ කිරීමේදී වීමත් විජේවීර පාසැල් අවධියේ සිටම කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධව සිටීමත් නිසා දොස්තර ඇස්‌. ඒ. වික්‍රමසිංහ, පීටර් කෙනමන් වැනි කොමියුනිස්ට් නායකයන්ගේ උදවු උපකාර විජේවීරට ලැබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස 1960 දී ලුමුම්බා මිත්‍රත්ව සරසවියෙන් පිරි නැමුණු ශිෂයත්වයක් ලැබීමෙන් අනතුරුව වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් විනි

 * විජේවීර ලුමුම්බා සරසවියේදී සාර්ථකව වෛද්‍ය විද්‍යාව හැදෑරූ බව ඔහු ගැන විස්තර දැක්වෙන බොහෝ ලේඛන වල දක්වා ඇතත් සත්‍ය තත්ත්වය වූයේ විජේවීර වෛද්‍ය විද්‍යාව ඉගෙනීමෙදී අසාර්ථ වීමයි.අමතර වශයෙන් අධ්‍යනය කල ආර්ථික හා දේශපාලන විද්‍යාව හා භාෂා ඉගෙනීම් හොදින් කලත් වෛද්‍ය උපාධියේ පලමු වසර සිටම විභාග වලින් සමත් වීමට විජේවීරට අසීරු විය.මෙම තත්ත්වය නිසා ඇතිවූ මානසික ආතතිය හා පියාගේ හදිසි අභාවය නිසා 1965 දී විජේවීර ලංකාවට පැමිණියේ කෙටි කලකින් නැවත රුසියාවට යාමේ බලාපොරොත්තුව ඇතිවය.නමුත් මෙම ආපසු සියරට පැමිණීම විජේවීරගේ දිවි පෙවෙත කණපිට පෙරලුවෙිය.

 * ලංකාවට පැමිණි විජේවීර පියාගේ අභාවයෙන් පසු නැවත රුසියාවට යාම අත්හැර දමා තිබුණි.සත්‍ය ලෙසම විජේවීරගේ රුසියා වෙද්‍ය අධ්‍යාපනය අතරමඟ නතරකලේ ඔහු විසින්මය.චීන පිලට එක් වීම හෝ විජේවීරගේ දේශපාලන දර්ශනයන් නිසා හෝ  ශිෂ්‍යත්වය අහෝසි කොට විජේවීරගේ අධ්‍යාපනය බිඳ දැමීමට කොම්යුනිස්ට් පක්ෂයට හා එහි  නායකයන්ට උවමනාවක් නොතිබුණි.පීටර් කෙනමන් විසින් විජේවීරගේ වීසා අවලංගු කිරීම වෙනත් සිද්ධියක් නිසා වූවකි.

* වෛද්‍ය උපාධිය අතහැර දැමූ විජේවීර අළුත් දේශපාලන ගමනකට මුල පිරීය.කොමියුනිස්ට් චීන පිලේ නායකයා ලෙස කටයුතු කල එස්.සෙම්මුඛදාසන් සමඟ එක්ව කටයුතු කල විජේවීර කෙටි කලකින් එම පිලෙන්ද ඉවත් විය.

*1966 මැයි මාසේ දිනක අක්‌මීමන කරුගේ නිවසට එකතු වූ රෝහණ විජේවීර ඇතුළු දහහතර දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ නව පක්ෂායක්‌ ගොඩනැඟීමට සාකච්ඡා කළහ. "ලංකා ලයන්" යෑයි නව නාමයකින් ගොඩනැඟුණු ඒ පිලේ ප්‍රබලයන් ලෙස කටයුතු කළේ රෝහණ විජේවීර, පියතිලක, ලොකු අතුල, සනත් සහ කරූය. මෙලෙස ගොඩනැඟූ පක්ෂ යේ වැඩ කටයුතු ඔවුහු ඉදිරියට කරගෙන ගියහඒ වන විට විජේවීර වයස අවු 22 ක තරුණයකු විය.
* 1970 වර්ෂයේදී හම්බන්තොට දිවුල්ගමුවේදී විජේවීර  ප්‍රථම වතාවට පොලිස්‌ අත්අඩංගුවට පත් විය. බදුල්ල සිරගෙදරට රැගෙන ගිය රෝහණ විජේවීරගේ නැවත පැමිණීම ගැන ඔහුගේ අනෙකුත් සගයන් තුළ මතු වූයේ බියකි. සැකයකි.ලංකා ලයින් පිලට නායකත්වය දුන් විජේවීර සිරගත වුවද ඔහුගේ සෙසු සගයෝ ශක්‌තිමත් වූහ. විජේවීර නිදහස්‌ කරගැනීමට ඔවුන් නොගත් උත්සාහයක්‌ නැත. අවසානයේ ඔවුන් "ජනතා විමුක්‌ති පෙරමුණ" කියන නමින් "රෝහණ විජේවීර වහාම නිදහස්‌ කරමු" යන සටන් පාඨයෙන් ලංකාව පුරා පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ද ගෙන ගියේය. රෝහණ වීජේවීර බදුල්ල සිරගෙදරින් නිදහස්‌ විය..1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දේශණය විජේවීර පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි

* 1970 මහ මැතිවරණයේදී සිරිමාවෝ මැතිණියගේ සමගි පෙරමුණට සහය දීමට ජනතා විමුක්ති පෙරමුනේ නායකයන් තීරණය කල නමුත් මැතිණියගේ ආණ්ඩුවකින් තමා අපේක්ෂා කල සමාජවාදී ක්‍රමයට ඉඩක් නොලැබෙන බව විජේවීර පෙර සිටම දැන සිටියේය.ලොකු අතුල ආදී සෙසු නායකයන් සියල්ලම වාගේ සමගි පෙරමුණු ජන රැලි වේදිකාවලට ගොඩවැදුනත් විජේවීර එසේ කලේ නැත

* 1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 02 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව විජේවීර සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.

*1971 කැරැල්ලේදී සිරගත වූ ජවිපෙ සාමාජිකයන් පක්ෂය ගැන කලකිරුණු ස්වභාවයක් දැරූ අතර විජේවීර අන් අය බිල්ලට දී තමා ආරක්ෂා වන්නකු ලෙස කතා බහට ලක් විය. ජවිපෙ දර්ශනය කුමක්‌ද යෑයි නැවත දැනුවත් කිරීම් වස්‌ රෝහණ විජේවීර විසින් මාක්‌ස්‌ ලෙනින්වාදී ඓතිහාසික භෞතිකවාදය සම්බන්ධතාව 14,15,16,17 සහ 18 පරිච්ජේදයන් සිර කුටියේදී අකුරු කළේය.පසු කලෙක නැවත වරක් විශාල ජනතාවක් විජේවීර වටා එක් රැස් වීමට මෙම ලේඛන හේතු වූ බව විචාරක මතයයි

* 71 සිට 76 දක්වා කාලය රෝහණ විජේවීරගේ සන්ක්‍රාන්ති සමයක් වූ අතර වැඩි පිරිසක් නායකයින් පක්ෂය අතහැර ගියහ.ජනතා විමුක්ති පෙරමුණ තහනම්ව තිබූ නිසා පක්ෂය ගොඩ නැගීම රහසිගතව සිදුවිය.විජේවීර හා ශ්‍රීමතී චිත්‍රාංගනී ප්‍රනාන්දු විවාහය.

* 1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග විජෙවීරගේ පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක ලවා පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.

* 1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීරද නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.

* 1983 කලු ජූලියත් සමඟ කලු ජූලියට සෘජුව සම්බන්ධ නොවූ ජවිපෙ  1983 ජූලි 30 දින   ජේ.ආර් රජය විසින් තහනම් කිරීමත් සමඟ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් අන්දමන්ද විය.තහනම ඉවත් කර ගැනීමට කල උත්සාහයන්ද ව්‍යර්ථ විය.එදා ජේ.ආර් රජය දුර දිග නොබලා සිදු කල ජවිපෙ තහනම ඔවුන්ගේ දෙවන සන්නද්ධ අරගලයට මඟපෑදුවේය.

* ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල විජේවීර ප්‍රමුඛ ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි

* 88-89 වන විට සන්නදධ අරගලය භීෂණයක් තරමට උග්‍රවන අතර ජවිපෙ නායකයන් රාශියක් මරණයට පත්වන අතර 1989 නොඩැම්බර් මස මුලදී උලපනේදී විජේවීර නිරායුධව අත්අඩංගුවට පත්වේ  1989 නොවැමබර්13 අළුයමදී ජවිපෙ තොරතුරු ලබා ගැනීමට යම් ස්ථානයකට විජේවීර සහ එහි තවත් නායකයකු වූ එච්.බී. හේරත් රැුගෙන යන ලද අවස්ථාවෙහි පිස්තෝලයක් ඇඳගත් හේරත් විසින් විජේවීරට වෙඩි තබා ඝාතනය කරන ලද බව 1989 නොවැම්බර් 14වන දින පුවත්පත් සාකච්ජාවක් කැදවූ එවකට ආරක්ෂ අමාත්‍ය වූ රංජන් විජේරත්න කියා සිටි නමුත් විජේවීර ඝාතනය රජය විසින් සිදු කල බවට එ අසල සිටි යුද හමුදා පොලීසියේ ලාන්ස් කෝප්රල්වරයකු වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා විසින් පසු කලෙක හෙළි කරන ලදී.


------------------------------------------------------------------------------------------------------------







වෘශ්චික ලග්නයෙන් හා අනුර නැකතින් උපන් විජේවීරගේ ලග්නාධිපති කුජ(අඟහරු) ස්වකෙෂත්‍රව හයවැන්නේ තැන්පත් වීම ඔහුගේ අභියෝගවලදී නොසැලී ඉදිරියට යාමේ හැක්යාව පෙන්නුම් කරන අතර නවවැන්න අධිපති සදු ලග්නයේ නීචව සිටීමත් නවවැන්නේ රාහු සමඟ පහ අධපති මෙන්ම යෝගකාරක ගුරු උච්චව සිටීම අභීත පෞර්ෂය පිළිඹිබු කරවයි.
   පීතෘකාරක හා දහය අධිපති රවි අටවැන්නේ තැන්පත් වීම කේන්ද්‍ර හිමියාගේ උපතින් පසු පියාගේ සෞඛ්‍ය තත්තවය දුබල විම පෙන්නුම් කරයි.පහ අධිපති ගුරු උච්චව පස්වැන්නට දෘෂ්ටි වීමත් ඉගෙනුම ලබන වයස් වලදී එනම් අව් 2 සිට 19 දක්වා බුධ(උපතේදී කෙෂත්‍ර) මහ දශාවත් 19 සිට 26 දක්වා කේතු මහ දශාවත් යන අධ්‍යාපනයට සුභ මහ දශාවන් ගතවීම කෙතරම් බාධක පැමිණියත් අධ්‍යාපනය බිඳ නොවැටීමට හේතුවී ඇත.
    අට අධිපති බුධ කෙෂත්‍රව යෙදී ඇති විපරිත රාජ යෝගයෙන් කේන්ද්‍ර හිමියාට ජීවිත ආරක්ෂා බලයක් ලබා දී ඇතත් රාජ්‍ය කාරක රවිද අටට වැටීම නිසා අට අධිපති අටේ සිටීමෙන් යෙදෙන ආයුෂ යෝගයේ බල හීන කර ඇත 
    කුජ කෙෂත්‍රව දුෂ්ඨ රාශියක තැන්පත් වූවන් විප්ලව,ප්‍රචන්ඩ වලට යොමුවීමත් හිරේ විලංගුවේ වැටීමට සිදුවීමත් දරුණු මරණයන්ට ගොදුරුවන බව කියන ජ්‍යොතිෂ සිද්ධාන්තය සනාථ වීමද විජේවීරගේ ජන්මයෙන් පෙන්නුම් කරයි.
  හත අධිපති සිකුරුගේ මහ දශාව තුල විවාහය සිදු වී ඇති අතර දරුවන් පස් දෙනෙකුගේ පියකු වුවත් පහ අධිපති රාහු සමඟ යෝග වීම ඔවුනොවුන් අතර සම්බන්ධය බිඳ වැටීම පෙන්වයි.විජේවීර දරුවන් සමඟ ගතකල කාලය ඉතා අල්ප වූ අතර විජේවීර මියයන විට බිරිඳ පස්වන දරුවා ලැබීමට ආසන්නව සිටියාය.
  රෝහණ විජේවීරගේ ජීවිතයෙ විශේෂ සිදුවීම් රාශියක් සිදුවූයේ වයස අවු 26 සිට 46 දක්වා තිබූ සිකුරු මහ දශා කාලයේදීය.71 කැරැල්ල,දේශපාලන සිරගත වීම,නැවත 1982 ප්‍රජාත්‍රන්තවාදී මාවතට පිවිසීම,නැවත ප්‍රජා විරෝධි ප්‍රවාහයට පිවිසීම සියල්ල සිදුවූයේ මෙම සිකුරු මහ දශා කාලයේදීය.
   1989 නොවැම්බර් වන විට විජේවීරට උපතේදී අටේ පීඩාව සිටින රවි මහ දශාව ආරම්භ වූ විගසම වාගේ ඔහුගේ ඝාතනය සිදු විය.




Wednesday, December 14, 2011

මේ කවුද මොනවද කරන්නේ.....

  මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස වැඩි ප්‍රමානයක් "ගම්උදාව" යටතේ ඉදිකළ නිවාස විය.මගේ පාසැල් මිතුරකුගේ පවුලටත් එලෙස නිවසක් හිමි විය.දිනක් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ එම මිතුරාගේ නිවසට ගිය විට එහි තිබූ අරුම පුදුම වෙනසක් දැක ඒ පිළිබදව ඔහුගෙන් විමසීය.එම නිවසේ බිත්තියේ සවි කර තිබූ බුදු පිළිමයට ඉහළ මට්ටමින් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායා රුවක් එල්ලා තිබුනි.හය වසරේ පමණ සිටි කුඩා දරුවන් වුවත් බුදු පිළිමයට ඉහළින් ප්‍රේමදාස රුව එල්ලා තිබීම අපගේද පිළිකුලට ලක් විය.ඒ පිළදබදව මිතුරාගෙන් විමසූ විට
 "ඕක අපේ තාත්තගේ වැඩක්.අම්මලා ආච්චිලානම් ඔය වැඩේට කැමති නෑ ඒත් එයා කියන්නේ ගෙවල් නැතිව හිටපු අපිට ප්‍රේමදාස මහත්තයා බුදු හාමුදුරුවන්ටත් වඩා වටිනවා කියලා.ඔය පොටෝ එක එල්ලපු ගැන තේරුම් කරලා දෙන්න ගියොත් එයා බීලා ඇවිල්ල අපිට ගහයි."

-------------------------------------------------------------------------------------------------------------
  දිනය   - 1993 මැයි 1 වෙනි සෙනසුරාදා
 වේලාව -  දවල් 1 ට පමණ

  ගම ඇඹිලිපිටියෙ වූ මගේ වයසේ ඉතා ඇට්ටර කොල්ලෙකු හදිසියේ අප වෙත දුව ආවේය

 "හුරේ...අපිට දවස් ගානක් නිවාඩුයි.මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මැයි පෙළපාලියකට යන්න ගිහින් ප්‍රේමදාසට බෝම්බ ගහලා මරලා"
  "අනේ පලයන් යන්න බොරු කියන්නේ නැතිව"
 "බොරු නෙවෙයි  අන්න ටී.වී එකෙත් කියනවා වරෙල්ල යන්න බලන්න"
 අපි සැවොම ටී.වී එක ඇති තැනට දිව්වෙමු.අපි යනවිටත් විශාල පිරිසක් ටී.වී එක ලගට වී විස්තර බලමින් සිටී.
   "අයියෝ මේ මනුස්සයා මේ පෙළපාළිය අස්සේ මොකට ගියාද?" ඒ ගුරුවරයෙකුගේ හඩකි.
   " මෙයා මැරුණු එකමයි හොද.අපේ පැතිවල මිනිස්සු දැන් රතිඥඤ පත්තු කර කර කිරිබත් කනවා ඇති" ඒ ඇඹිලිපිටිය පැත්තේම කොල්ලෙකු කී දෙයකි.
  "කට වහගන්නවා වැඩිහිටියකුට ගෞරව කරන්න තමුසෙලට තේරෙන්නේ නැද්ද?ලග පාතක හිටියනම් මම තමුසෙගේ කන පලනවා."  කොල්ලා කී දෙය ඇසුනු ඈතින් සිටි වැඩිහිටි ගුරුතුමෙක් කොල්ලාට සැර කලේය.

------------------------------------------------------------------------------------------------------------------------------

 ඉහත දැක්වූයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා පිළිබදව දෙආකරයකින් ඇසූ දුටු සිද්ධි දෙකකි.(දෙවන සිද්ධිය අගනුවර ප්‍රසිද්ධ පාසැලක ශිෂ්‍ය නේවාසිකාගාරය තුල සිදු වූවකි.)පිරිසක් ඔහුව බුදු හාමුදුරුවන්ටත් ඉහළින් ගරු සරු කරන විට තවත් පිරිසකට ඔහුගේ මරණයද සතුටක් විය.ඉහත දැක්වූ විස්තරය මා ඉදිරිපත් කළ ආකරය ඇතැම් විට ඔබගේ නොසතුටට හේතු විය හැකිය.නමුත් මා දැක්වූයේ ඉතා සත්‍ය විස්තරයක්මය.ප්‍රේමදාස මහතාව බුදුන්ට ඉහළින් සැළකීමත් ඔහුගේ මරණයට සතුටු වීමත් දෙකම මෝඩ දීන ක්‍රියා ලෙස මගේ සැලකීමයි.
      ක්‍රි.ව. 1924 ජුනි 23 දා පාන්දර 3.27 ට පමන කොළඹදී උපන් ප්‍රේමදාස මහතාගේ දෙමාපියන් හා පවුලේ විස්තර පිළිබදව වැඩි සදහනක් නැත.ඔහු පිළිබදව ලේඛන සටහන් ආරම්භ වන්නේද ඔහු ඒ.ඊ.ගුණසිංහ මහතාගේ කම්කරු පක්‍ෂ සාමාජිකයකු වීම සමඟය.ඉන්පසු 1950 දී එක්සත් ජාතික පක්‍ෂයට බැදෙන ඔහු මැද කොළඹ ආසනයෙන් දේශපාලන ගමන් මඟ අරඹයි.ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ මුල් අවධිය සැඟවී පැවතීමට හේතුව ලෙස බොහෝ දෙනා දක්වන්නේ ඔහු කුල හීනයකු වීම බවයි.කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයේ අධික ලෙස පැවති සුරාසුල් වලට විරෝධය පෑම නිසා ඔහු ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වී ඇති අතර දේශපාලනයට පැමිණීමද තැබෑරුම් වැසීමේ ජන්ද පොරොන්දුවක් සමඟ සිදුවී ඇත.(සුචරිත ව්‍යාපාරයේ නිර්මාතෘ ප්‍රේමදාස මහතා කිසිදිනෙක මත්පැන් පානය කොට ඇති බවට තොරතුරු නැති නමුත් තැබෑරුම් වැසීමට ජන්දය ඉල්ලූ ඔහු පසු කලෙක තම හිතවතුන්ට තැබෑරුම් ඇරීමට අවසර දී තිබීම හාස්‍යයට කරුණකි.)
  ප්‍රේමදාස මහතාගේ දිවියේ වැදගත් සංධිස්ථාන
 *  1950 දී එක්සත් ජාතික පක්‍ෂයට එකතු වීම.
 *  1967 දී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා වීම හා "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව" පිහිටුවීම
 * 1978 දී ජේ.ආර් ජයවර්ධන රජයේ අගමැති වරයා වීම
 * 1989 ජනවාරි 2 වැනි දින නිදහස් ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වීම
 * 1993 මැයි 1 දින එල්ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීම.

  ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රය දෙස නැවත යොමු වෙමු.

1924 ජුනි 23 පාන්දර 3.27 ට ප්‍රේමදාස මහතා ඉපදී ඇත්තේ මේෂ වෘෂභ ලග්න මායිමකදීය.(දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙකු ලග්න මායිම් අවස්ථාවල ඉපදී ඇත.) බොහෝ ජ්‍යොතිෂ මෘදුකාංග වල මේ වේලාවට වෘෂභ ලග්නය යෙදුනත් පුරුෂ උපතකට වෘෂභ ලග්නයේ මුල් ස්ත්‍රී නවාංශකය නොගැනීමේ පැරණි සිද්ධාන්තය අනුව සලකා ප්‍රේමදාස මහතා මේෂ ලග්නයේ ධනු නවාංශකයෙන් ඉපදී ඇති බව සලකා ඇත.



               පුවපුටුප නැකත දෙවන පාදය
  ගුරු මහ දශා ශේෂය වර්ෂ 11 මාස 09 දින 18යි

ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති බලවත් ග්‍රහ යෝග
    * හත් වැන්නේ ශනි උච්ච යෙදී ඇති බලවත් "සස" නම් පංච මහා පුරුෂ යෝගය
    * රවිගෙන් 12 වැන්නේ බුධ පිහිටමෙන් "වොෂි" යෝගය
    * සදු හා කුජ 11 වැන්නේ යෝගවී "චන්ද්‍ර මංගල " යෝගය
    * සදු හා ගුරු කේන්ද්‍රගත වීමෙන් යෙදන "ගජ කේෂරී" යෝගය
    * සියළුම ග්‍රහයන් (රාහු කේතු හැර) රාශි 5ක තැන්පත් වී යෙදෙන "පාශ" යෝගය
    * සදුගෙන් 10 වැන්නේ ගුරු පිහිටීමෙන් යෙදෙන "අමලා" යෝගය
    * රවි,සදු,කුජ එකිනෙකා ත්‍රිකෝණගත වීමෙන් යෙදන "ත්‍රිලෝචන" යෝගය
    * මීට අමතරව රාජ යෝග දෙකක් රාජ සම්බන්ධ යෝග  2ක් විපරිත රාජ යෝග දෙකක් යෝගදා හා මහා යෝගදා යෝග දෙක බැගින් ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇත.           


 ප්‍රේමදාස මහතාගේ යෝග කාරක ගුරු ග්‍රහයා උපතේදී අටවැන්නේ සිටීමත් එම ගුරු මහ දශාව වයස අවු 12 පමණ වන තුරු තිබීම මහු කුඩා කාලයේ තරමක් දුක් පීඩා විදි අයකු බව පෙන්නුම් කරයි.නමුත් මෙම ගුරු ග්‍රහයාම ජීවිතයේ අඩිතාලම නැංවීමට උපකාරී වී ඇත.රාහු පස් වැන්නේ තැන්පත් වීම හා වයස අවු 12 පමණ සිට ඉදිරියට වසර හත හමාරක් ශනි මහ දශාව සමඟ ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලය ලැබීම ඔහුගේ අධ්‍යාපනයටත් සෞඛ්‍ය තත්ත්වයටත් අයහපත් අයුරින් බලපා ඇත.නමුත් වයස අවු 20 දී පමණ ශනි ඒරාශ්ඨකය ගෙවීමත් සමඟ උපතේදී උච්චව සස යෝග බලයෙන් සිටින සෙනසුරුගේ බලය ඉස්මතුවී ඇත.ප්‍රේමදාස මහතාගේ හිරිමල් විය ගැන විස්ත දන්නා අය පවසන ආකාරයට ඔහු වටා හොද තරුණ සේනා බලයක් තිබූ බවයි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයන් ඉන් මුදවාගෙන සමාජ සේවා කටයුතු වලට යොමු කරවීමේ අමුතු බලයක් ප්‍රේමදාස තරුණයා සතු විය.දෙමාපියන්ද මෙනදසාම ප්‍රේමදාසව ප්‍රිය කලේය.කෙසෙල්වත්ත ප්‍රදේශයේ සුරාසැල් වලට තරුණයන් ඇබ්බැහි වීම වැලැක්වීමට කටයුතු කිරීම නිසා සුරාසැල් හිමියන්ට  ප්‍රේමදාසව සතුරකු මෙන් විය.කෙසේ හෝ පංච මහා පුරුෂ යෝගවලින් සේනාබලය හොදින් ලබාදෙන "සස" යෝගයේ බලය ශනි මහ දශව සමඟම ප්‍රේමදාසට හොදින් ඵල දුන්නේය.
      ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසීමද ශනි මහ දශාවේදීම සිදුවී ඇත.එක්සත් ජාතික පක්‍ෂයට ඔහු බැදෙන විට වයස අවු 26කි.ඔහුගේ ආරම්භක ඡන්ද පොරොන්දුව වූයේ කෙසෙල්වත්ත ප්‍රදේශයට පිළලයක් බදු සුරාසැල් අඩු කොට තරුණ පරපුර මත් රකුසාගෙන් ආරක්‍ෂා කිරීමයි.ඒ කාලයේ හැටියට එය අමුතු මෙන්ම වටිනා ඡන්ද පොරොන්දුවක් විය.එසේ අඩිතාලම වැටුණු ඔහුගේ දේශපාලන ගමන ක්‍රමයෙන් පුළුල් වන්නට විය.
  ප්‍රේමදාස මහතාගේ වික්‍රමස්ථානාධිපති මෙන්ම හය අධිපතියා වූ බුධ ග්‍රහයාගේ මහ දශාව වයස අවු 31 -47 අතර විය.උපතේදී බුධ ග්‍රහයා සිකුරු සමඟ බලවත් පරිවර්තනයකින් දෙවැන්නේ සිටී.එමෙන්ම මෙම බුධ මහ දශාවේ වැඩි කාලයක් ශනි ඒරාශ්ඨක අපල නැති කාලයක් විය.විවාහයද මෙම බුධ මහ දශාවේදී සිදුවී ඇත.හත්වැන්නේ සස යෝගය ඇත්තවුන් විවාහයෙන් පසු තත්ත්වයෙන් බලයෙන් වර්ධනය වන බව පැවසෙන ජ්‍යොතිෂ සිද්ධාන්තය පසක් කරමින් විවාහයත් සමඟ ප්‍රේමදාස මහතා තවත් බලවත් විය.1967 වසරේදී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා බවට පත්විය.
                                  ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී බලපෑම් රාශියක් සිදුවූයේ 1978 -1993 අතර කාලසීමාවේදීය.උපතේදී ඉතා තීරණාත්මක පිහිටීමක සිටි සිකුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වන විටම 1978 දී ඔහු ජේ.ආර්. ජයවර්ධන රජයේ අගමැති වරයා බවට පත්විය.1989 දී දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත්වන විට  සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාව ගතකරමින් ඇත.නමුත් ජනපතිවීමත් සමඟ එතෙක් සාමකාමී සැහැල්ලු දිවියක් ගතකල ඔහුට මහා අවුල් ජාලාවකට මුහුණ දීමට සිදුවිය.සිකුරු ග්‍රහයා උපතේදී වික්‍රමස්ථානයේ වුවත් හය අධිපති බුධගේ රාශියක තැන්පත් වීම හා සිකුරු සතුරුස්ථානාධිපති බුධ සමඟ පරිවර්තනය වී තිබීම සිකුරු මහ දශාව තුලදීම ජීවිත හානිය සිදුවීමට තරම් බලපා ඇත.
    ප්‍රේමදාස මහතා පිළිබද අසා ඇති තෙරතුරු අනුව ඔහු ඉතා කඩිසර හා නිරෝගී පුද්ගලයකු විය.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම සහ 10 ,11 අධිපති ශනි හත්වැන්නේ උච්ච හා දිග්බලයෙන් සිටීම දුප්පත් පීඩිත මිනිසුන් නිසා හා බස්නාහිර දිශාවෙන් වාසනාව ප්‍රසිද්ධිය ලබාදුනි.දුප්පත් මිනිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල රාජ්‍ය නායකයින්ගේ ලේඛනයක් සකස් කල විට එහි ඉදිරියෙන්ම සටහන් වන්නේ ප්‍රේමදාස මහතාගේ නාමයයි.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම ඔහු සතුවූ තවත් විශේෂ ලක්‍ෂණයක් පිළිඹිබු කරයි.පීඩිත මිනිසුන් වෙනුවෙන් සානුකම්පාවක් තිබූ ඔහු විප්ලවවාදීන් හා සමාජවාදීන් බැහැර කලේය. මෙවැනි පුද්ගලයන් මෙන්ම තමාට විරුද්ධ වන අය මර්දනය කිරීමේදී ප්‍රේමදාස මහතා ඉතා අමානුෂික හා රළු පිළිවෙත් අනුගමනය කල බව රහසක් නෙවීය.ඔහු සෑම විටෙම ප්‍රදර්ශනය කලේ ලංකාව වැනි රටකට සමාජවාදී ක්‍රමයකින් දියුණු විය නොහැකි බවය.තමාගේ පාලන කාලය තුල දැඩි මාධ්‍ය මර්ධන පිළිවෙතක් අනුගමනය කල ප්‍රේමදාස මහතාගේ එම ක්‍රියා එදා පාසැල් සිසුන්ව සිටි අපද බැහැර කල නමුත් අද කාලයේ ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය දුටු විට ප්‍රේමදාස ක්‍රමය එදාට වඩා අදට ගැලපෙන්නාසේ පෙනේ.(ආණ්ඩුවේ මාධ්‍ය නම් එදාත් අදත් එක හා සමානය.)
  තමා මුහුණ දුන් බරපතළ ප්‍රශ්ණ හමුවේ වුවද තමාගේ පාලන කාලය තුලදී රටේ සංවර්ධන කටයුතු හොදින් පවත්වා ගෙන යාමට ප්‍රේමදාස මහතා සමත් විය.එදා සිටි දැඩි ප්‍රේමදාස විරෝධීන් පවා අද පවසන්නේ "ප්‍රේමදාස උන්නැහේ තව අවුරුද්දක් ජීවත් වුනානම් අපි කෝච්චියෙන් කතරගම යනවා" වැනි වදන්ය.
  පේමදාස මහතාට ඉතා තදින් සතුරු කරදර එල්ල වූ අවස්ථාවක් ලෙස "දෝෂාභියෝගය" එල්ල වූ අවස්ථාව නම් කල හැකිය.මෙම අවස්ථාවේදී ඔහු ගතකලේ සිකුරු මහ දශාවයි.මේ වන විට ශනි ගෝචර ගමනින් එතුමාගේ උපතේදී සදු පිහිටි රාශිය වූ කුම්භ රාශියට ලඟා වෙමින් තිබුනි.දෝෂාභියෝගයෙන් ජයගත්තත් ඔහුට රහස් කුමන්ත්‍රණ විරුද්ධකම් වලට නින්දා අපහාස වලට ලක් වීමට සිදු විය. චන්ද්‍ර ඒර්ශ්ඨකයකදී පුද්ගලයකු විදින මානසික පීඩාව කෙබදුද යන්න මෙහි උච්චතම අවස්ථාවකදී ඔහු විසින් කිරුළුපන රැලියකදී පැවසූ "මා ඝාතනය කරන්න.ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා." යන ප්‍රකාශයෙන් පැහැදිළිවේ.1993 මාර්තු 5 වැනි දින ශනි කුම්භ රාශියට(ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ සදු සිටින රාශිය) සංක්‍රමණය වෙමින් චන්ද්‍ර ඒරාශ්ඨක අපලයේ වැඩිම පීඩනය දියත් කළේය.හරියටම එම ශනි මාරුවෙන් මාසයකුත් දින 26 කට පසු එනම් 1993 මැයි 1 දින මැයි පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී ඔහුව ඝාතනය වූයේ නොසිතූ අයුරිනි.
    ප්‍රේමදාස මහතා මෙරට පාලනය කල බොහෝ ජන නායකයන් මෙන් ජ්‍යොතිෂය ආදී පාරම්පරික ශාස්ත්‍ර ක්‍රම පිළිබදව විශ්වාසයක් තබා සිටි අයකු විය.එදා මාධ්‍ය වල තිබූ ඉතා තදින් දේශපාලඥයන්ගේ චරිත ඝාතනය කිරීමේ පිළිකුල් ස්වභාවය නිසා ඔහුගේ ජ්‍යොතිෂ හා ආගමික පිළිපැදීම් උවමනාවට වඩා හාස්‍යයට උපහාසයට ලක් කොට තිබීමක් දැකිය හැකි විය.එවැනි අවස්ථා කීපයක් පහත සැකෙවින් දැක්වේ.
   * වරක් ප්‍රේමදාස මහතා කතරගම දේවාලයට ගිය අවස්ථාවක "කතරගම දෙවියන්ගේ රුව සලකුණු කරන ලද තිරයට එහා පසින් ඇත්තේ කුමක්ද යන්න (කතරගම දෙවි රූපයක්ද පිළිමයක්ද හෝ වෙනත් යමක්ද යන්න)දැක බලා ගැනීමේ බලවත් ආශාවක් පහළ වී ඇත.තමාට එම තිරය පිටුපස ඇත්තේ කුමක්ද යන්න පෙන්වන ලෙස ප්‍රථාන කපු මහතාගෙන් අවසර ඉල්ලීය.කපු මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රේමදාස මහතා තදින් කෝපාවිශ්ඨ වූ බවට මාධ්‍ය වාර්තා පලවී තිබුණි.
   * ප්‍රේමදාස මහතාගේ අවසන් කාල සීමාවේදී ඔහු තමාගේ ශනි ඒරාශ්ඨක අපල මිදීමට කල්ලු මලයාල ශාස්ත්‍ර ක්‍රම භාවිතා කල බවත් එවැනි මලයාලම් ගුරු උපදේශයක් අනුව කන්‍යාවියන් සත් දෙනෙකු ලවා කිරිකළ හතක් නෑම සිදු කිරීම(එක් මාධ්‍ය පුවත්පතක් මෙය වාර්තා කොට තිබුනේ අදාළ කිරිකළ නෑම කිරීම සිදුකලේ හෙළුවැල්ලෙන් හිදිමින් යනුවෙනි.)
   
  මාධ්‍ය වාර්තාවල මෙලෙස සදහන් වුවත් ඔහු ජ්‍යොතිෂය පිළිපැදීමේදී මෙවැනි ක්‍රියා මෙලෙසම සිදුකලායැයි ඉතා නිවැරදි තොරතුරු නැත.එවැනි තොරතුරු කටකතාවන් ස්වරූපයෙන් ඇත.(කටකතා වැනි එවැනි තොරතුරු කිහිපයක් ලිපියට එක්කිරීම ගැන පාඨකයන්ගෙන් සමාව අයදිමි.)
  ප්‍රේමදාස මහතා ස්වකීය ජීවන තොරතුරු විමසීමට ඉන්දියාවට ගොස් "නාඩි වාක්‍ය" ඇසූ බවට සත්‍ය තොරතුරු ඇත.ඒ බව ඔහු විසින්ම සදහන් කොට ඇත.නාඩි වාක්‍ය අසන තැනට සාමන්‍ය පුද්ගලයකු ලෙස තමා ගිය බවත් එහි සිටි ඉන්දියානුවන් කිසිවෙකුට තමාව හදුනා ගත නොහැකි වූ බවත් නාඩි තල්පත කියවීමේදී තමාගේ නම කතා කලේ "ප්‍රේමදාස්" ලෙස බවත් ඔහු විස්තර කර තිබුණි.ඔහුම පවසන ආකාරයට නාඩි වාක්‍යයෙන් කියවුනු ජීවන තොරතුරු සත්‍ය වී ඇත.නමුත් තමාගේ  විවාහය ,මරණය සිදුවන ආකාරය හෝ ආයුෂ පිළිබදව නාඩි වාක්‍යයෙන් පැහැදිලි කිරීමක් නොවුනු බව ඔහු පවසා තිබුනි.

Saturday, December 3, 2011

සරත් ෆොන්සේකා හා 2013

    මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් මිස අනිවාර්ය අයුරින් භාවිතා කල යුතු ශාස්ත්‍රයක් නොවේ.ඇත්තටම මා දන්න අයුරින් ජ්‍යොතිෂයෙන් 100% ක් සාර්ථක අනාවැකි පල කල හැකි නමුත් ජ්‍යොතිෂවේදියකුට 100% ක් සාර්ථකව අනාවැකි පල කල නොහැකිය.ජ්‍යොතිෂවේදියාගේ වරදින් බොහෝ අනාවැකි වරදී.බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙම සත්‍ය සඟවා තමන් වැඩකරු බව පෙන්වීමට ගොස් තමාවත් ජ්‍යොතිෂයත් දෙකම අගෞරවයට පත් කරති.අනුන්ට මාරක අපල කරදර ගැන කියන බොහෝ ජ්‍යොතිෂවේදීන්ට තමුන්ට හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පවා දැන ගත නොහැකි බව කිව යුතුය.

  "මහත්තයෝ මගේ  කේන්දරේ හැටියට මට ආයුෂ කොච්චර තියේවිද?"
 ඇතැම් අය මගෙන් අසන විට මා දෙන්නේ සරල පිළිතුරකි.
  "ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව කෙනෙකුගේ මාරක අපල යෙදිය හැකි කාල සීමාවන් ආයුෂ පැවසිය හැකි නමුත් ඒ පිළිබදව ඉතා හොදින් දැනුවත් අය ඉන්නේ ඉතාම සුළු වශයෙන්.අඩු ආයුෂ කේන්ද්‍ර දුටුවත් ජ්‍යොතිෂවේදීන් ඒ ගැන නොපවසන්නේ මානුෂික හේතූන් සලකා.ඇත්තටම මට කෙනෙකුගේ කේන්දරේ බලලා ආයුෂ ගැන කියන්න තරම් ප්‍රමාණවත් දැනුමක් නැහැ.එහෙම පුළුවන් කමක් තිබුනනම් මම සේරම වැඩ නවත්තලා මුලින්ම බලන්නේ මගේ ආයුෂ ගැන.ඊට පස්සේ තමයි අනිත් අයගේ ආයුෂ ගැන බලන්නේ."
--------------------------------------------------------------------------------------------------------------

 ෆොන්සේකා මහතාගේ කේන්ද්‍ර සටහන ගැන විග්‍රහ විමර්ෂණ කිරීමට පෙර පැවසිය යුතු යමක් ඇත.එය ප්‍රථමයෙන් සදහන් නොකළහොත් වසරකට අධික කාළයක් කිසිදු දේශපාලන පක්‍ෂයකට වහල් නොවී ලියැවුනු මෙම බ්ලොගය පිළදබදව පාඨකයන් වැරදි වැටහීමක් ලබා ගනු ඇත.
   මහා පිළලයක් ලෙස වසර 30ක් පුරා අප රටේ පැවති යුද්ධය නිමා කිරීමේ ගෞරවය ජනාධිපති තුමාට මෙන්ම ජනරාල් සරත් ෆොන්සේකා මහතාටද එකසේ ලැබිය යුතුය.යුද්ධය පැවති කාල වකවානුවල මුහුණ දීමට සිදුවූ බාධක ගැන නැවත මෙනෙහි කරන විට මේ දෙදෙනාම එක්ව හා වෙන් වෙන්ව ගත් තීරණ නොවන්න යුද්ධය ජය ගැනීම අසීරු වනු ඇත.මේ වනවිට සරත් ෆොන්සේකා මහතා පත්වී ඇති තත්ත්වය මැදිහත් ශ්‍රී ලාංකියන් වන අපගේ සිතට මහත් වේදනාවක් දුකක් දැනුනත් දෙදෙනා අතර විරසක වීමේ ආරම්භය ගැන සොයා බලන විට ෆොන්සේකා මහතා උවමනාවෙන් කරදර වලට පැටලී ඇති බවක් පෙනී යයි.
   සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කලේ කුමණ හේතුවක් නිසාදැයි මෙය ලියන මටත් කියවන ඔබටත් වටහා ගැනීමට හැකිවී නැත.මේ දක්වා පෙනී ගිය කරුණු අනුව ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමට හේතු ලෙස පහත දැක්වෙන හ්තු දැක්විය හැක.
   * ඇත්තටම රටට ජාතියට ආදරය කිරීම හා ජනතාවට වැඩි සේවයක් ඉටු කිරීමට සිතීම
   * ජනාධිපති බවට පත්වූ විට ලැබෙන හා විදීමට හැකි වරප්‍රසාද බලයට ඇති කෑදර කම නිසා
   * ජේවීපී හා යූඑන්පී කාරයන් එක්වූ එතුමාව බළෙලෙකු කොට කොස් ඇට බෑවීමට ඇටවූ උගුලේ එතුමා හසුවීම
 
  සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඉහත දැක්වූ හේතු වලින් කුමක් අරඹයාද යන්න වටහා ගැනීමට තවමත් කිසිවෙකුත් සමත් වී නැත. ලේකකයාගේ පෞද්ගලික හැගීම අනුව නම් සරත් ෆොන්සේකා මහතා අඩුම තරමින් තවත් වසර 6ක් වත් ඉවසිය යුතුව තිබුනි.යුද්ධය ජයගන්නා අවස්ථාවේදී රටේ නායකව සිටි ජනාධිපතිවරයාට මෙන්ම එවිට හමුදාපති වරයාව සිටි තමාට මුළු රටම ගරු කරන විට හදිසියේ ජනාධිපති වරයාට විරුද්ධව යෑම ඇඟට ගුණ නැති බව කොයි කාටත් වැටහිය යුතුය.නමුත් ආණ්ඩු පෙරලීමට මාන බලමින් සිටි පිරිසකගේ පෙලඹවීම මත එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.වසර විසි තිස් ගානක් රජකම් කිරීමට මාන බලමින් සිටින කපටි තෙපරාදු දේශපාලඥයන් පවා දින 45 ක දේශපාලඥයකු වන තමාව පෙරමුණට දමන්නේ ඇත්තටම තමාට ඇති ලෙන්ගතු කමටදැයි වටහා ගැනීමට එදා එතුමාට නොහැකි වී ඇත.සරත් ෆොන්සේකා මහතාව අද සිටින තත්ත්වයට ඇද දැමූ අය අද එතුමා ලගින්වත් නැත.ඉදහිට ලංවී කෑ කෝ ගැසීම් කරන්නේද බලය ඇල්ලීමට මිස එතුමා කෙරෙහි කරුණාවෙන්ද යන්න සැක සහිතය.සත්‍ය වශයෙන්ම වර්තමාන රජය උපාධිදාරීන්ට හා දුප්පත් ජනතාවට දක්වන අඩු සැලකිල්ල අනුව බලන විට දේශපාලඥයන් අතර පොරයෙන් වැඩිපුර තුවාල වන්නේ ජනතාවටය යන්න අද වන විට සනාථ වෙමින් ඇත.නමුත් එසේය කියා අසරණ අපි කවුරුන් විශ්වාස කරන්නද සමහර විට ෆොන්සේකා මහතා වඩාත් හොද වන්නටත් ඉතාම නරක වෙන්නත් පුළුවන.(දැන් අහයිද දන්නේ නෑ ඇයි ඒක කේන්දරෙන් පේන්නෙ නැද්ද කියලා)
         සරත් ෆොන්සේකා මහතා දෙවන වර සිරගතවීමට හේතුවූ සුදු කොඩි කතන්දරය පැවසීම එතුමා කල බරපතළම වරදකි.එය කලේද වටේ සිටි අයගේ පෙළඹවීමෙනි.යටත් වී එන කොටි සුදු කොඩි රැගෙන ඒම හා උන්ට වෙඩි තැබීම සත්‍ය වූවායැයි සිතමු.ඇත්තටම අපේ රට එවකට පත්ව තිබූ තත්ත්වය අනුව එය එසේමම සිදුකළ යුතු වැඩකි.ත්‍රස්තවාදීන් අල්ලා උසාවි දැමීමක් එදා කලානම් කොහොමට හිටීද?තමා විසින් පැවසූ කතාවෙන් තමාටද අපකීර්තියක් ජනතාවගෙන් එල්ල විය හැකි නිසා දෙවන වර කතාව වෙනස් කරන ලෙස ලගින් සිටි අනුර කුමාරලා මංගල සමරවීරලා කිව් පරිදි සුදු කොඩි කතාව
   "යුද්ධයේ අවසන් කාල පරිච්චේදයේදී සුදු කොඩි රැගෙන යටත් වීමට පැමිනෙන කොටි නායකයන්ට වෙඩි තබන මෙන් අහවලා විසින් අහවලාට අණ දුන් නමුත් එම අණ ක්‍රියාත්මක නොවුනි.කොටි නායකයන් මිය ගියේ යුධ පිටියේදීය.සුදු කොඩි කතාව මට කිව්වේ 58 වැනි සේනාංකය සමඟ ගමන් කල මාධ්‍යවේදියෙක්"
      යනුවෙන් වෙනස් කලේය.ෆොන්සේකා මහතා දෙවන වර සිර ගතවූයේ මෙලෙස "ජනතාව කලබල වන කටකතාවක්" මාධ්‍ය ඔස්සේ හා රැස්වීම් වල ප්‍රකාශ කිරීමේ වරදටය.ඇත්තටම මෙය ඉල්ලාගෙන කෑමක් නොවේද?යූඑන්පී හා ජේවීපී කාරයන් එක්වී ෆෙඩ්රිකා ජෑන්ස් නැමැති අය එක්ව ආණ්ඩුවට කැපූ වලේ වැටුනේ අහක හිටි සරත් ෆොන්සේකා මහතාය.දුර දිග නොබලා ප්‍රකාශ කිරීම් කරන්නන් දේශපාලනයට නුදුසුදු බව විදහා දක්වමින් සුදු කොඩි කතාවෙන් තමා දේශපාලනයට නුසුදුසු අයකු බව ෆොන්සොකා මහතා  ජනතාවට ඒත්තු ගැන්වූයේය.
-----------------------------------------------------------------------------------------------------------------
 සරත් ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍ර සටහන විමසීමට ප්‍රථම තවදුරටත් එතුමාගේ ජීවිතයේ වැදගත් සිදුවීම් පෙළ ගස්වා බලමු.

  උපත - 1950 දෙසැම්බර් 18 උදේ 2.04 ට පමණ අම්බලන්ගෙඩදි උපත ලැබීම
  අධ්‍යාපනය - මඩවලලන්ද විද්‍යාලය ,අම්පාර (1955-1957)
                  ධර්මාශේක විද්‍යාලය ,අම්බලන්ගොඩ (1958 -1965 )
                   ආනන්ද විද්‍යාලය ,කොළඹ (1966 -1969)

 විශේෂ සිදුවීම්
    * 1970 පෙබරවාරි 5 දින කෙඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදීම
    * 1971 ජුනි 01 දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස සිහ රෙජිමේන්තු නිලධාරියකු වීම
    * 1993 දී බිගේඩියර් තනතුරට උසස් වීම
    * 1998 පෙබරවාරි 23 මේජර් ජනරාල් තනතුරට උසස් වීම
    * 2000 දී යාපනය වන්නි ආඥාපති තනතුරට පත්වීම
    * 2004 දී නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික තනතුරට පත්වීම
   * 2005 දෙසැම්බර් හය වැනි දින ශ්‍රී ලංකායුධ හමුදාවේ 18 වැනි හමුදාපති වරයා ලෙස පත්වීම
  * 2006.4.25 දින එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා දිවි ගලවා ගැනීම.
  * 2008 දී හමුදාපතිවරයා ලෙස ජනතාව අමතමින් මින් මතුවට වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියාට මහා වීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බවත් කොටි ත්‍රස්තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයෙකුට  ඉතිරි නොකරණ බවත් පැවසීම හා ඒ කිව් ලෙසම 2009 වසරේ මැයි මාසයේදී ත්‍රස්තවාදීන් වැනසීමට හමුදාපතිවරයා ලෙස දායක වීම
  * 2009 වසරේදී ආරක්‍ෂක මාණ්ඩලික නිලධාරී තනතුරට පත්වීම
  *මාස 4 ක කෙටි කාලයකදී සියළු බලතල අතහැර විශ්‍රාම ගැනීමට හේතු 16 ක් ජනාධිපතිට ලිපියකින් දන්වා 2009.11.16 දින වසර 30 ක හමුදා සේවයෙන් විශ්‍රාම යාම.

 * 2010.01.26 දින ජනාධිපතිවරණයේදී හංසයා ලකුණින් එජාප හා ජවිපෙ සහාය ඇතිව පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වී 47% ක මනාප ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයට පත්වී වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පරාජය වීම.එම මැතිවරණ ප්‍රතිඵල ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කලේය.

 * මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා සේවය හැරගිය සෙබළුන් ආරක්‍ෂා කිරීමේ චෝදනා මත 2010.02.08 දින හමුදා අත්අඩංගුවට පත්වූ අතර හමුදා භාරයේ සිටියදීම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මනාප 98000 ක් පමණ ලබමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම.

 * 2011 නොවැම්බර් 18 වැනි දින ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාග වූ සුදු කොඩි නඩුවේ චූදිතයකු වෙමින් "ජනතාව කලබල වන කටකතා ප්‍රකාශයක් මාධ්‍ය වලට හා දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ" චෝදනාව යටතේ වරද කරුවෙකු වෙමින් වසර තුනකට සිරගත වීම.

--------------------------------------------------------------------------------------------------------
පොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ දළ සටහනක්.


 1950 දෙසැම්බර් 18 උදේ 2.4 ට අම්බලන්ගොඩදී උපත

 තුලා ලග්නය තුලා නවාංශකය
 රේවතී නැකත , දෙවන පාදය
 බුධ මහ දශා ශේෂය වර්ෂ 12 මාස 01 දින 22යි.


 ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ප්‍රධාන බලවත් යෝග

 * කුජ(අඟහරු) හතර වැන්නේ උච්චව යෙදෙන "රුචක " නම් බලවත් පංච මහා පුරුෂ යෝගය
 * රවිගෙන් දෙකේ සදු හැර වෙනත් ග්‍රහයකු (කුජ) සිටීමෙන් යෙදෙන "වෙශි" යෝගය
 * රවි බුධ යෝගවී යෙදෙන "නිපුන" හෙවත් "බුධ ආදිත්‍ය" යෝගය
 * රවි හැර වෙනත් ග්‍රහයකු (ගුරු) සදුගෙන් දොලොස් වැන්නේ සිටීමෙන් යෙදෙන "අනඵා" යෝගය
 * ඕනෑම රාශි පහක සියළුම ග්‍රහයන් පිහිටීමෙන් යෙදෙන "පාශ " යෝගය
 *සිකුරු ශනි කේතු අනෝ‍යානය වශයෙන් කේන්ද්‍රගතවී යෙදී ඇති "තපස්වි" යෝගය
 * ලග්නාධිපති සිකුරු හා නවය අධිපති බුධ යෝගයෙන් යෙදී ඇති "වාසුමතී" යෝගය
* සදු ග්‍රහයා රාහු කේතුගේ අංශක 180 න් පැන කාල සර්ප යෝග හීන කරමින් කීර්ති යෝගයක් ඇති කිරීම
 * රාජ යෝග රාජ සම්බන්ධ යෝග හා විපරිත රාජ යෝගයක් පිහිටා ඇතත් ලග්නාධිපති සිකුරු හට සතුරු වූ ශනිගේ දෘෂ්ඨිය සදු මතට වැටීමත් 6 වැන්නේ පාපී ග්‍රහයකු වූ රාහු තැන්පත් වීමත් ප්‍රභල රාජ යෝග භංග යෝගයකි.(රාජ යෝග බලය නැති කරයි.)

 ෆොන්සේකා මහතාගේ කේන්ද්‍රයේ පිහිටි බලවත්ම යෝග අතරින් කුජ උච්චව යෙදී ඇති රුචක යෝගයයි.සාමාන්‍යයෙන් රුචක යෝගය බලවත්ව පිහිටීම හමුදා පොලීසි වැනි ආරක්‍ෂක අංශ වලට යෙමුකර උසස් නිලතල ලබාදෙන යෝගයකි.ජනාධිපතිවරණය තෙක් එතුමා හමුදා ජීවීතය ගතකල කාලයේ රටේ ඉහළම හමුදා තනතුර ලබා ඇත.එමෙන්ම උපතේදී අඟහරු බලවත් අයව ලේසියෙන් හිරේ විලංගුවේ දැමීම ඉතා අසීරු බවත් නීති ප්‍රශ්ණ මතුවීම අඩු බවත් සාමාන්‍ය ජ්‍යොතිෂ මතයයි.එමෙන්ම ෆොන්සේකා මහතාගේ උපන් කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයකු වූ අඟහරු මහ දශාවේදී එතුමා හිරේ විලංගුවේ වැටීම ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට පටහැනි නොවේදැයි ජ්‍යොතිෂය විශ්වාස කරන මෙන්ම විශ්වාස නොකරණ අයද ප්‍රශ්ණ කරති.නමුත් මෙහිදී අඟහරු(කුජ) මහ දශාවේ අතුරු දශා කාල සදහා දක්වා ඇති සිද්ධාන්ත පිළිබදව මෙන්ම කාල චක්‍ර හා කාල චක්‍ර දශා පලාඵල ගැන උගත් අයට ෆොන්සේකා මහතා මුහුණ දුන් සිද්ධි පුදුමයට කරුනක් නොවේ.මා විසින් මෙසේ කියන විට
   "ඔව් ඉතින් සිද්ධියක් වුනාට පස්සේ කේන්දර කාරයන්ට බැරියැ මොකක් හරි ග්‍රහයෙක් ගැන කියලා ඒක සිද්ධ වුනේ මෙන්න මේ හින්ද කියලා කියන්න.ඔය කේන්දර කාරයෝ ඔච්චර හපන්නු නම් ඕව කියන්න ඕන සිද්ධවෙන්න කලින්"
   වැනි උපහාසාත්මක සිතුවිල්ලක් පහළ විය හැකිය.කාල චක්‍ර හා එම දශා ක්‍රමය පිළිබදව මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසා හා නොදන්නා දේ ගැන කතා කිරීම මා නොකරණ නිසා දැන උගත් විංශෝත්තරී දශා ක්‍රමයෙන් කරුණු දක්වන්නම්.
   ෆොන්සේකා මහතාගේ දෛව ක්‍රියාවට සුවිශේෂී ලෙස බලපෑ අඟහරු මහ දශාව එතුමාට ලැබුවේ වයස අවු 55 දී පමණය. අඟහරු උපතේදී කේන්ද්‍ර ගතව උච්ච බලයෙන් සිටින අයට අඟහරු මහ දශාවේ මුල් කොටස වූ අඟහරු අතුරු දශා කාලය තනතුරු බලය වැඩි කරන බව කියැවෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත පසක් කරමින් ෆොන්සේකා මහතා 2005.12.6 වැනි දින හමුදාපති ධූයට පත්විය.ඒ වනවිට ෆොන්සේකා මහතාට අඟහරු මහ දශාව ලැබීමට තිබුනේ දින කිහිපයකි.විංශෝත්තරී මහ දශාවලදී දශා ඵල උදාවීම මහ දශාව ලැබීමට පෙර සිටම ඉස්මතුවේ(අයිස්ක්‍රීම් ලොරියක් ඈත සිටම එනවිට සුවද දැනෙනසේ.)කෙසේ වුවත් ලෙයට අධිපති අඟහරුගේ මුල් අතුරු දශාව තුවාල අනතුරු ආදියෙන් ලේ සෙලවීම් ඇති කරයි.එමෙන්ම එතුමාට බරපතළ තුවාල සිදු කරමින් එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ 2006 අප්‍රේල් 25 දිනයේ එතුමාගේ ජන්ම කේන්ද්‍රයේ හයවැන්නේ(සතුරු ස්ථානය හා යටිබඩ නියෝජනය කෙරෙන ස්ථානය.) පිහිටි රාහු සදු සංයෝගය එලෙසම යෝග වී ඇත.
    සාමාන්‍යයෙන් අරක්කු බීපු ගමන්ම මිනිසුන් වෙරි වන්නේ නැත.එයටද යම් කාලයක් ගතවිය යුතුය.අඟහරු වැනි මහ දශාවක නියම ඵල ලැබෙන්නේ එය පදම් වන මහ දශ්වේ මැද කොටසේදීය.2008 වන විට මෙම සටන්කාමී ග්‍රහ ලොව සෙන්පති කුජ ග්‍රහයගේ මහදශාවේ මැද කොටස ගත කරමින් සිටි ෆොන්සේකා මහතා අභීත සෙන්පතියකු ලෙසින් යුධ බිමේ යුතුකම් ඉටු කොට ත්‍රස්තවාදීන් පරාජය කිරීමට දායක විය.කුජ ග්‍රහයා දෙවැන්නාධිපති නිසා ඔහුගේ වචනයද දැඩි විය.කොටි ප්‍රශ්නය තවත් හමුදාපති වරයකුට ඉතිරි නොකරන බව පැවසූ පරිදිම ඉටු කලේය.එමෙන්ම 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටද අඟහරු මහ දශාව බලපා ඇත.

 ලංකාව යුධ ජයග්‍රහණ ලබන විට තුලා ලග්න හිමි ෆොන්සේකා මහතාගේ යෝගකාරක ශනි 11 වැන්නේ බලවත්ව සිටියත් 2009 සැප්තැම්බර් 10 සිට ශනි 12 වැන්නේ ඒරාශ්ඨක අපල විය මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාටත් මේ වන විට ශනි අපල තිබූ නමුත් ෆොන්සොකා මහතාට ශනි ඒර්ශ්ඨකය ලැබූ මුල්ම කාලයේදී ඔහු හමුදා සේවයෙන් ඉවත් වී දේශපාලන ක්‍ෂෙත්‍රයට පිවිසියේය.
   2010 පෙබරවාරි 8 දින ප්‍රථම වරට හමුදා අත්අඩංගුවට පත්වන විට ඔහු ගතකරමින් ඇත්තේ අඟහරු මහ දශාවේ ශනි අතුරු දශා කාලයයි. උපතේදී රුචක යෝගය ඇත්තවුන් මලත් අනුන්ට හිස නැවීමක් නොකරණ න්‍යාය ෆොන්සේකා මහතාටද වලංගු වීම එතුමාව තව තවත් කරදර වල පටලැවීය.ඉන්පසු ක්‍රමයෙන් එලැබි බුධ,කේතු හා සිකුරු අතුරු දශා කාලවලදී ජන්මියා අත්විදින දශාඵල විස්තර මා විසින් ගොතා නිර්මාණය කොට දක්වතැයි මෙය කියවන අයට සිතිය හැකි බැවින් හෙන්ද්‍රික්ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන්ගේ "ජීවිතය හා ග්‍රහයෝ" පොතේ (200-201) පිටුවල දක්වා ඇති කුජ මහ දශාවේ අවසන් අතුරු දශාවල පලාඵල විස්තරය පහත දක්වා ඇත.එය හොදින් කියවා බලා ෆොන්සේකා මහතා අත්විදි තත්ත්වයන් එම අතුරු දශා ඵල සමඟ සන්සන්දනය කර බැලීම පාඨක ඔබට භාර කරමි.
                                  
   
ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටි රාජ යෝගයන් භංග කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ කේතු,සිකුරු,රවි,සදු මහ දශාවලදී එතුමා අත්විදි හා අත්විදිමින් සිටින තත්ත්වයන් ජීවිතය ග්‍රහයෝ පොතේ එම දශාඵල සමඟ ගැලපෙන අපූරුව දුටුවාද?කාන්තාවන් නිසා හිරේ විලංගුවේ වැටීමට තරම් කරදර උදාවන බව එහි සදහන්ව ඇත.ෆොන්සේකා මහතාව සුදු කොඩි නඩුවට පටලවා ඇඟබේරා ගෙන රට පැන්න පෙඩ්රිකා ජෝන් ගැහැණියකි.
   ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අලුත්ම අනාවැකි දැක්වීම් ඉදිරිපත් වන්නේ 2013 වසරේ පෙබරවාරී ආසන්නයේ ඔහුට රාහු මහ දශාව ලැබීම සම්බන්ධයෙනි.ෆොන්සොකා මහතාට රාහු මහ දශාව ලැබීමේදී අත්විය හැකි තත්ත්ව පිළිබදව 2009 වසරේ ලියැවුනු ඉංග්‍රීසි ලිපියක් හා මෑතකදී ලියවුනු ලිපියකට සබැදි පහත දක්වා ඇත.(එම සබැදි වල දක්වා ඇති අදහස් එම ලේඛන ලියූ ලේඛකයන්ගේ අදහස් මිස මගේ ඒවා නොවේ.)
  


 
 2011 නොවැම්බර් 15 ශනි මාරුවත් සමඟ තුලා ලග්න හිමියන්ගේ යෝගකාරක ශනි 12 න් මිදි තම උච්ච හා යෝගකාරක භවන වූ ලග්නයට ඒම එතෙක් පැවති ලග්න ඒරාශ්ඨකයේ විෂ ගතිය අඩු කළ නමුත් කවුරුත් නොසිතූ පරිදි ෆොන්සේකා මහතා නැවත වසර තුනකට සිරගත විය.ශනි බලවත් වීම අනුව මෙය අපේක්‍ෂා නොකළ දෙයක් වුවත් කුජ මහ දශාවේ අවසන් අතරු දශාවල ඵල ඉස්මතු වීමක් සිදු වී ඇත.තුලා ලග්න හිමියාට ශනි මාරුවත් සමඟ ගෝචරයෙන් "සස" යෝගය උදාවීම තමා වටා සේනා බලය වැඩි කලත් ග්‍රහ චාරය අනුව බලන විට ඔහු තවමත් ගත කරන්නේ පීඩාකාරී තත්ත්වයකය.ඉදිරියේදී ලබන රාහු මහ දශාව පිළිබද විවිධාකාර මත පලවුවත් රාහු මහ දශාව ලබන විට රාහු ඔළුවේ (ලග්නයේ) ගමන ෆොන්සේකා මහතාගේ පියවි සිහියට දැඩි බලපෑමක් ඇති කරවයි.සෞඛ්‍ය තත්ත්වයෙන්ද හදවත(රාහු දෘෂ්ඨිය හතරට වැටීම) හා මූල පද්ධතිය දරුණු පීඩාවන්ට ලක් කරවයි. 

 ප.ලි. ඇල්බට් අයින්ස්ටයින්ගේ කේන්ද්‍රය ගැන ඇසූ අය සදහා.
             

Thursday, September 22, 2011

ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා.

                                                                    
       "ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත කාලීනව සිදුවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වූ ආකාරය පිළදබදව දැනුවත් වූ පසු එදා තාත්තා විසින් පැවසූ "ජේ.ආර් ගේ ගැට" කතාව හොදින් වටහා ගත හැකි විය.

   දේශපාලඥයන්ගේ චරිත විග්‍රහ කරන විචාරකයන් විශේෂ කොට දක්වන කරුණක් වන්නේ ප්‍රථම වරට අගමැති ධූරයට පත්වන විට ඔහුගේ වයස ප්‍රමාණයයි.සාමාන්‍යයෙන් අවු 72ක් පමණ වයසේ සිටින අද කාලේ බොහෝ දෙනෙකුට හරියට ඇවිද ගැනීමටවත් නොහැකිය.එකකෝ ලෙඩ ගොඩකි.දියවැඩියා,කොලොස්ටරෝල්,මුත්‍රඅමාරු නැති ලෙඩක් නැත.ඇස් පෙනීම හා කන් ඇසීමද දුර්වලය.මතකයද දුර්වලය.වතුර බිව් කෝප්පය තැබූ තැන මෙන්ම ඇස් කණ්නාඩි කුට්ටම තැබූ තැන මතක නැත.අපේ කතාවේ නායකයා වන ජේ.ආර් ජයවර්ධන මහතා 1977 වසරේ ප්‍රථම වරට අගමැති ධූරයට පත් වන විට තම දිවියේ 72 වෙනි වසර ගත කරමින් සිටියේය.නමුත ඒ වන විටත් ඔහු මනා සෞඛ්‍ය තත්ත්වයේ විය.කන් හොදින් ඇසුනි.කණ්නාඩි නැතිව ඇස් හොදින් පෙනුනි.කලබල වී නියම සිහි කල්පනාවෙන් කටයුතු කිරීම ඔහුගේ විශෙෂ ලක්‍ෂණයක් විය.වර්තමානයේ බොහෝ ඇමතිවරුන්ට අමාත්‍යාංශ ලේකම් වරු උපදේශකවරු රාශියක් සිටියද ජේ.ආර් විසින් එවැනි අය භාවිතා කලේ ඉතා අඩුවෙනි.රටේ ප්‍රධාන තනතුර මෙන්ම අමාත්‍යාංශ කිපයක් පාලනය කිරීම ඔහු මනා ලෙස කලේය.( මේ ලිපියේ වැඩිපුර ස්ථාන වල ජේ.ආර්.ජයවර්ධන මහතාව ජේ.ආර්. ලෙස කෙටියෙන් හදුන්වා ඇත්තේ  පහසුවට මිස ඔහුට අගෞරව කිරිමකට නොවන බව කිව යුතුය.)
 ජේ.ආර්. ජයවර්ධන මහතා කපටියකු,අවස්ථා වාදියකු,ජාතිවාදියකු,හීන් නූල් කාරයෙකු ලෙස ලේබල් වැදීමට හේතු වූ ප්‍රධන කරුණු විමසීමේදී ඔහු විසින්ම සැකසූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඉන්පසු වරින් වර ඔහු විසින්ම අවස්ථා කීපයකදීම මෙම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් දැක්විය හැකිය.විධායක ජනාධිපති ක්‍රමය සැකසීමේදීද තමාගේ වයස හා තමාට ලැබුණු විශේෂ ජනතා බලයටම අනුකූලව ගනන් මිනුම් බලා තමාට වාසි දායක අයුරින් සැකසීමත් ව්‍යවස්ථාය,විධායකය හා ශේෂ්ඨාධිකරනය ත්‍රිත්වය අතර එක් තැනකින් එකිනෙක සම්බන්ධ කොට හා තවත් තැනකින් එකිනෙකට ස්වායක්ත අයුරින් රෙගුලාසි සෑදීම නිසා ජේ.ආර් අමුතු ආකාරයො ගැට ගසන්නකු බවට පත් විය.ඔහුගේ සමකාලීනයන්ට පවා ඔහුගේ ගැට හිරවීම සිදුවන්නේ කල් යන්න යන්න බව නොවැටහුණි.පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එදා සිටි අය ඔහුගේ ගැට වල හිරවිය.උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ මගේ පියාට ජේ.ආර්. වහ කදුරු මෙන් විය.ඒ කෙසේ වුවත්  ජේ ආර් අනුගමනය කළ ක්‍රම විදි නිසා සිංහලයන් වන අපට  ශ්‍රී ලංකාව තුල වැඩි වර ප්‍රසාද ලැබී ඇත.එමෙන්ම වසර 30ක් පමණ අපරට වැනසූ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාවන් ඇති වීමටද ජේ.ආර් වග කිව යුතුය.එදා සිටි බුද්ධිමත් සුළු ජාතිකයන්ට පවා කොලේ වසා තමන්ගේ ව්‍යවස්ථාව හා වෙනත් දේ සම්මත කර ගැනීම ජේ.ආර් සතුවූ මනා හැකියාව මොනවට පිළිඹිබු කරවයි.
     දරුවන් 11 දෙනෙකුගන් සමන්විතවූ පවුලක වැඩිමහල් දරුවා ලෙස 1906 සැප්තැම්බර් 17 වැනි දින උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර් ජයවර්ධනගේ පියා ඉයුජින් විල්ෆ්රඩ් ජයවර්ධන නම් විනිසුරුවරයායි. කොළඹ රාජකීය විදුහලෙන් ඉගෙනුම ලැබූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේය.තරුණ අවධියේදීම කිස්තියානි ආගම අතහැර බුද්ධාගම වැලද ගත්තේ බෞද්ධ දර්ශනය ගැන පැහැදීද එසේත් නැත්නම් තමන්ගේ ඉදිරි දේශපාලන ගමනට එය ඉවහල් වන බව පූර්ව අවබෝධයක් ලබා ගත් නිසාදැයි නිශ්චිතව පැවසිය නොහැක.(කෙසේ වුවත් ඔහු 100 %ක් පිරිසිදු බෞද්ධයෙකු මෙන් කටයුතු කලේය.) ඔහුගේ දේශපාලන ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන පහත පරිදි කෙටියෙන් දැක්විය හැක.
    * 1938 දී ලංකා ජාතික කොන්ග්‍රසයේ ක්‍රියාකාරිකයකු වීම.
    * 1940 දී ලංකා ජාතික කොන්ග්‍රසයේ සමලේකම් ධූරයට පත්වීම.
    * 1943 දී රාජ්‍ය සභාවේ කොළ නිල් ව්‍යවස්ථ්වට තේරීම.
    * 1946 දී එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කරන විට එහි ආරම්භක සාමාජිකයකු  වීම
    * සර් එඩ්වින් විජේරත්නගේ මූලිකත්වයෙන් "ජාතික ගීය නිර්මානය සදහා පත්කල කමිටුවේ සාමාජිකයකු වීම.
    * 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ "සඟ වෙද ගුරු ගොවි කම්කරු" පාඨයට එකට එක ලෙස "සිංහල පමණි" පනත ගෙන ඒමෙන් රටේ සුළු ජාතීන් අතර අප්‍රසාදයට පත්වීම.
  * 1953 ඩී.ඇස් සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස ජේ.ආර්. යෝජනා කළ "සහනාධාර කප්පාදුව" නිසා හර්තාලයක් ඇති වීම.
    * 1973 ඩඩ්ලද සේනානායක මහතාගෙ අභාවයෙන් පසු එ.ජා.ප.නායකත්වයට පත්වීම.
  * 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වෙමින් "මේ රට ධාර්මිෂ්ඨ රටක් කරමු" හා සුප්‍රකට ධාන්‍ය රාත්තල් අට(ඇට අට) ලබාදීමේ පොරාන්දු ඉදිරිපත් කිරීම.
    * 1977 මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා 1977 ජූලි 23 දින අගමැති දූරයට පත්වීම.
  * 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය ,සමානුපාතික ඡන්ද ක්‍රමය හදුන්වාදීම හා විවෘත ආර්ථිකය හදුන්වා දීම.
   * 1977 දී තමා ලත් විශිෂ්ඨ ජයග්‍රහනය උපයෝගී කරගෙන ජේ.ආර් ගැසූ තවත් ගැටයක් දේශපාලන ඉතිහාස පොතේ රන් අකුරින් කෙසේ වෙතත් තද අකුරින් සටහන් වී ඇත.1983 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට 1977 පාර්ලිමේන්තුවම 1983 දක්වා දීර්ඝ කිරීමේ ජන්ද විමසීම හෙවත් සුප්‍රකට "ලාම්පු කළගෙඩි සෙල්ලම" ජේ.ආර් ගේ තවත් වික්‍රමයක් විය.ඔහුගේ ගැටයට හසුවූ ඡන්ද දායකයෝ අපූරුවට ජේ.ආර් ගේ ලාම්පු කළගෙඩි පහරවල් කෑවේය.
    ඉහත දැක්වූයේ ජේ.ආර් ජයවර්ධන මහතාගේ දේශපාලන ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථාන කීපයකි.මේ ලිපියේ ප්‍රධාන අරමුණ වූ ජයවර්ධන මහතාගො ජන්ම කේන්ද්‍ර සටහන අධ්‍යනය කිරීමට ඉහත දැක්වූ දෑ ගැන පාඨකයා දැන සිටීම අත්‍යාවශ්‍ය නිසා ඒවා නැවත මතක් කලමි.
    කන්‍ය ලග්නයෙන් ඉපදී ඇති ජේ.ආර් ජයවර්ධන මහතාගේ උපන් වේලාව සටහන් කර ඇති ස්ථානයක් සොයා ගැනීම අසීරු විය.කෙසේ වුවත් 1906 සැප්තැම්බර් 17 දින කන්‍යා ලගනයේ උදාවීම දළ වශයෙන් උදේ 6.00 ත් 8.00ත් අතරය.උපන් වේලාව නිවැරදිව නැති නිසා ජයවර්ධන මහතාගේ ජන්ම කේන්ද්‍රය පිළිබදව සියුම් විග්‍රහයක් කරීම අසීරු වුවත් ඔහුගේ ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම සලකා බලා ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධීන් සදහා එම ග්‍රහපිහිටීම් බලපා ඇති අයුරු දැක්විය හැකියි.
                             
      * ලග්නාධිපති බුධ ග්‍රහයා විපරිත රාජ යෝග බලයෙන් කුජ සමඟ 12 වැන්නේ එක්වීම මෙන්ම 12 අධිපති රවි ග්‍රහයා ලග්නාධිපති බුධ සමඟ පරිවර්තනය වීම තම අරමුණු ඉටු කර ගැනීමටම කටයුතු කිරීම.දුර දක්නා නුවණ මෙන්ම විනිවිද දකින ස්වභාවය හා කලබල නොමැති කම පෙන්නුම් කරයි.ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම ඒවා සම්මත කර ගැනීම කළගෙඩි ලාම්පු සෙල්ලම තම අරමුණු සපල කර ගත් අවස්ථා ලෙස දැක්විය හැකි අතර පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයේදී මැති ඇමතිවරු සියළු දෙනා පිස්සු බල්ලන් මෙන් කළබල වී බයෙන් බිරාන්තව මේස යටට රිංගීම සිදු කලත් ජේ.ආර් ජනාධිපතිගේ මුහුනෙන් පවා කලබල බවක් නොපෙනුනු බව එදා එම සිද්ධියට මුහුණ දුන් අය පවසා ඇත.
    * හය අධිපති ශනි හය වැන්නේම ක්‍ෂෙත්‍ර බල වී සදුගෙන් සප්තම වී සිටීම විශේෂ පිහිටීමක් විය.සතුරු ස්ථානාධිපති එම ස්ථානයේම බල වීම ප්‍රබල සතුරු මර්දන යෝගයකි.සදුගෙන් කේන්ද්‍රගත ශනිගේ ක්‍ෂෙත්‍ර බලයෙන් ඒ සදහා අවශ්‍ය සේනා බලයද හිමිවේ.සිරිමා මැතිණියගෙ ප්‍රජා අයිතිය අහෝසි කිරීම,විජය කුමාරතුංග මහතා අත්අඩංගුවට ගැනීම,ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම උදාහරණ ලෙස දැක්විය හැක.එමෙන්ම 1977 මැතිවරණ පශ්චාත් ප්‍රචන්ඩ ක්‍රියා නොවැලැක්වීම හා 1983 කළු ජූලිය තම සතුරන් මර්දනයටම භාවිතා කිරීම දැක්විය හැක.
    * දෙක අධිපති සිකුරු දෙවැන්නේම ක්‍ෂෙත්‍ර බල වීම ඔහුගේ කතාවට වචනයට බලපෑවේය.මහළු වයසේදී පවා ඇස් පෙනීම කන් ඇහීම හොදින් පැවතීමටද මෙම සිකුරු පිහිටීම ඉවහල් විය.නීතිඥ වෘත්තියෙන් ඉහලට නොගියත් කටහඩ වෘත්තියක් වූ නීතිඥ වෘත්තියට සුදුසුකම් ලද්දෙකු විය.එමෙන්ම ඔහුගේ සුවිශෙෂී වූ වාග් විලාසය හා ශබ්ද කෝෂය විටෙක හාස්‍යජනක විය.තවත් විටෙක රළු ද්වේශ සහගත විය. පහත දැක්වෙන්නේ ඊට උදාහරණ කීපයකි.
   1) ජේ.ආර් සිංහල කතා කිරීමේදී යම් අසාමාන්‍ය කමක් පෙන්වීය. "කරනවා" වෙනුවට ඔහු භාවිතා කලේ "කොරනව" යන්නය.
           සුදු පාට = ධවල වර්ණය
           ගුවන් හමුදාව = ආස්යන්තරා හමුදාව
           ශිෂ්‍ය ශිෂ්‍යාවන් =ශික්ෂ ශික්සාවන්
           බොහොම = බෝම
      ඔහුගේ ශබ්ද කෝෂයේ තවත් විශේෂ වචන කිහිපයක් විය.

    2) 1977 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු "අපි පොලිසියට සතියක් නිවාඩු දෙනවා" යනුවන් පැවසීම තම විරුද්ධ වාදීන් මර්දනය හඩගා කීමක් බදු විය.

     3) 1971 දී රතු ලංකාවක් උදෙසා විප්ලවීය ප්‍රායෝගිකත්වය අත්හදා බැලූ ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමට අවශ්‍ය සහය ජනතාවගේ හඩින්ම ලබා ගැනීමට ඔහු සිය වචන භාවිතා කලේය  "ඔන්න, ඔබේ පුටුව යට සරුපයෙක් ඉන්නවා...දැන් ඔබලා මොකොද කොරන්නේ...?" ජේ.ආර්. මාතර රාහුල යේ පැවැති උත්සවයක දී ජනතාවගෙන් ප්රශ්න කළේ ය. "සර්පයා මරනවා.." ජනතාව ලව්වාම ජේ. ආර්. කියවා ගත්තේ ය. ..... "ජනත විමුක්ති පෙරමුණ කියන්නේ සරුපයෙක්...ඒ සරුපයා නැති කල යුක්තේ තමුන්ණාන්සේලා පැවසූ ආකරයටම තමයි." බව ජේ.ආර්. ජනතාවට කීවේ ය. කලු ජූලිය හමුවේ ජේ. ආර්. ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කළේ ය.
  4) 1983 කළු ජූලිය අවස්ථාවේ රටේ කළබල ඇතිවූ විට ජේ.ආර්. පැවසූ "තමන්ගෙ ආරක්‍ෂාව තමන් සලසා ගත යුතුය" යනුවෙන් කළ ප්‍රකාශය ජනාධිපති වරයකුට නොවටිනා වචනයකි.
  5) දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රථම වරට උතුරේ අර්බුධය "ජනවාර්ගික අර්බුධයක්" ලෙස දැක්වීමද ජේ.ආර් සිදුකල බරපතළ වරදකි.එදා එම වචනය වෙනුවට "ත්‍රස්තවාදී කල්ලියක කරදරයක්" යන්න භාවිතා කළ යුතුව තිබුනි.
  6) 1978 ව්‍යවස්ථා සංභේධනයෙන් පසු "මෙම ව්‍යවස්ථාව විශේෂයි.මේකෙන් කොරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගෑනියෙක් කිරීම පමනයි." යනුවෙන් පැවසීමද ආන්දෝලානාත්මක විය.
  7)ජේ.ආර් ගේ වචනය බොහෝ විට දෙපැත්ත කැපෙන හා දෙපැත්තටම නැති වූ බවක් බොහෝ විට දැකිය හැකි විය.වරක් මාධ්‍යවේදියකු ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවාද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට මොහොතක් නිහඩව සිට "මම ඕක විශ්වාස කරන්නෙත් නැහැ.නොකරන්නෙත් නෑ " යනුවෙන් පැවසීය නමුත් මූනිච්චාවට එසේ පැවසුවත් ජේ.ආර්.ජ්‍යොතිෂය තදින් විශ්වාස කලේය.ඉන්දියාවට ගොස් තමාගේ නාඩි තල්පත පරීක්‍ෂා කිරීම මෙන්ම වර්තමාන ජනාධිපති තුමා සිදු කරන්නාක් මෙන් "ආරක්‍ෂණ බල යන්ත්‍රයක්" ඔහු නිතර භාවිතා කළ බව සදහන්ය..
  8) ජේ.ආර් ඉදිරිපත් කිරීම් හා ප්‍රකාශ අන් අයව නොමග යවන ආකාරයෙන් විමද විශේෂ විය.ඔහුගේ ව්‍යවස්ථාවේ ඉදිරි ඵල විපාක එදා සිටි ඇතැම් දේශපාලඥයන්ට වැටහීමක් ඇති වුවත් ඒ වන විට ඔවුන්ද ඊට අනුමැතිය දී තිබුනි.මාධෘවේදීන්ගේ ප්‍රශ්න හමුව් ලිස්සා යමටද ජේ.ආර් රුසියෙක් විය.ජනාධිපති ධූරයෙන් ඉවත්ව බොහෝ කලකට පසු 1978 පැවසූ ව්‍යවස්ථාවෙන් කළ නොහැක්කේ ගෑනියකු පිරිමියකු කිරීම හා පිරිමියකු ගෑනියෙකු කිරීම පමනක් යන ප්‍රකශය ගෙන හැර "ඔබ එදා එසේ පැවසුවේ ඇයි" යනුවෙන්  මාධ්‍යවේදියකු ප්‍රශ්න කලත්  "මම එදා එහෙම කිව්වද මට මතක නෑ" යනුවෙන් පිළිතුරු දී ජේ.ආර්. අහක බලා ගත්තේය.

  ජේ.ආර් ජයවර්ධන මහතාගො ජන්ම කොන්ද්‍රයෙ ගුරු රවි කේතු ග්‍රහ පිහිටීම්ද විශේෂය. රවි ලග්නයේ සිටීම නොපසුබට උත්සාහය එඩිතර කම පෙන්නුම් කරන අතර කේතු පහේ සිටීම අධ්‍යාපනයේ සාර්ථකත්වය හා මනා නුනන පිළිඹිබු කරයි.උපතේදී අහස් මුදුනේ (10 වැන්නේ) සිටින ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාද ජේ.ආර්ගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කලේය.ජීවිතයේ වටිනාම කාලය මහළු වයස්දී ලගා කරදුන්නේ ගුරු මහ දශාව ලැබීම එතෙක් ප්‍රමාද වූ බැවිනි.1977 මහ මැතිවරණයෙන් අගමැති දූරයට පත්වන විට ඔහු ගතකොට ඇත්තේ ගුරු මහ දශාවයි.




 ප.ලි 
   මියගිය ජේ.ආර් ගේ කේන්ද්‍රය ගැන පවසනවාට වඩා ජීවත්ව සිටින ප්‍රභල ක්‍රියාකාරී දේ්ශපාලකයකුගේ කේන්ද්‍රය විග්‍රහ කිරීම වඩාත් සුදුසු මෙන්ම විස්තර දන්නා මියගිය දේශපාලකයකුගේ ග්‍රහයන් එහෙට මෙහෙට කරකවමින් ජ්‍යොතිෂ විග්‍රහ කිරීම මහ ලොකු වැඩක්දැයි මෙය කියවන ඇතැම් අයට සිතිය හැක.මෙම ලිපිය ලිව්වේ ජ්‍යොතිෂය ගැන වැටහීමක් ඇති අයට තවත් විශ්ලේශණාත්මක අවබෝධයන් ලබා ගැනීමට උපකාරක ලිපියක් ලෙසිනි.මාගේ ලිවීම තරමක් ආවේගකාරී වීම හා අනවශ්‍ය වර්නනා ප්‍රශස්ති ලිවීමට අකැමැති වීමත් මාගේ ඡායාරුව ප්‍රොපයිලයට දමා ඇති නිසා ස්වයං ආරක්‍ෂාවටත් දේශපාලන හා ලෝකායත අනාවැකි හා ලිපි පල කිරීම සීමා කොට ඇත.ඒ පිළිබදව පාඨකයන්ගෙන් සමාව අයදිමි.