සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.
1) සුනඵා යෝගය
යෙදන ආකාරය
රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
පොදු විපාක
බුද්ධිමත් ධනවත් අයකුය.තම මතය මූලික කොට කටයුතු කරයි.තමා විසින් උපයා ගත් දේපළය.පාලකයෙකු වැනි තත්ත්වයට පත්වේ.
සදුගෙන් දෙවැන්න් යෙදන ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධාකාරවේ.
* සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.කිපෙන සුළුය.බිය නොහදුනයි.ධනවත්ය.
උදා - ගාමිණී ෆොන්සේකා(1936.03.21 ධනු ලග්නය)
මාග්‍රට් තැචර් (1925.10.13 තුලා ලග්නය
ජෝසප් ස්ටාලින් (1879 දෙසැම්බර් 21 තුලා ලග්නය)
* සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමී,ධර්මධර නීතිධර අනුන් කථාවෙන් අවනත කරන බුද්ධිමතෙකි.
උදා- ගුණදාස කපුගේ
ඒබ්රහන් ලින්කන්(1809 පෙබරවාරි 12 කුම්භ ලග්නය)
කාල් මාක්ස් (1818 මැයි 5 කුම්භ ලග්නය)
වල්පොල රාහුල හදමි. (1907 මැයි 9 ධනු ලග්නය)
මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
* සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි.සමෘද්ධිමත්ය.ප්‍රධ්නියෙකි.කීර්තිධරයෙකි.
උදා - සචින් තන්දුල්කාර්(1973.4.24 වෘෂභ ලග්නය)
ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5 මේෂ ලග්නය ) ගාමිණී දිසානායක (1942 මාර්තු 20 තුලා ලග්නය)
ටී.බී ඉලංගරත්න (1913.02.27 මීන ලග්නය)
ඒ.ඊ. ගුණසිංහ (1891 මැයි 01 මිථුන ලග්නය)
* සදුගෙන් දෙවැන්නේ සිකුරු(ශුක්‍ර) සිටි විට වික්‍රමාන්විත ශූර වීර අයෙකි.ඉඩකඩම් හිමි ධනවතෙකි.
උදා - ලාල් බහදූර් ශාස්ත්‍රී (1904.10.09 වෘෂභ ලග්නය)
මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
ජීවන් කුමාරතුංග ( 1958.11.07 මිථුන ලග්නය)
* සදුගෙන් දෙකේ ශනි සිටින විට සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධාිමත්ය.
උදා - වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා (1876.07.09 මිථුන ලග්නය)
ෂාරුක් ඛාන් (1965.11.02 වෘශ්චික ලග්නය)
ඩී.බී.ජයතිලක (1868.02.03 කන්‍යා ලග්නය)
ශ්‍රී ජවහර්ලාල් නේරු (1889.11.14 කටක ලග්නය)
විශාරද නන්දා මාලනී ( මීන ලග්නය )
2) අනඵා යෝගය
යෙදන ආකාරය
රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
පොදු විපාක
මනා පෙනුම ඇත.කීර්තිමත්ය.ආචාරසම්පන්න ත්‍යාගශීලී ආත්ම ගරුත්වය ඇති අයෙකි.ඇදුම් පැලදඑම් විලාසිතා මෙන්ම ඉදුරන් පිනවීමේ කැමැත්ත සහිතය.නිරුත්සාහයෙන් හම්භ වන ධනය සහිතය.
සදුගෙන් දෙදෙලාස්වැන්නේ වූ ග්‍රහයා අනුව මෙහිද විපාක විවිධාකාරවේ.
* සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
උදා- කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
එඩී ජයමාන්න (1915.2.15 තුලා ලග්නය)
සනත් ජයසූරිය(1969.6.30 කුම්භ ලග්නය
* සදුගෙන් දෙලහේ බුධ නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
උදා- කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
* සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
උදා- කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ(1913.6.21 කන්‍යා ලග්නය)
ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
මා ඕ සේ තුං (1893.12.26 මකර ලග්නය)
* සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
උදා- කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
ඉන්දිරා ගාන්ධි(1917.11.19 කටක ලග්නය)
* සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.
උදා - සූර සරදියෙල් (1835.11.21 මේෂ ලග්නය)
කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
බෙනාසීර් බූතෝ (1953.6.21 ධනු ලග්නය)
ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
(ඉහත අනඵා යෝගයේ සදුගෙන් 12 වැන්නේ ග්‍රහ පිහිටීම් සියල්ලටම උදාහරණයක් ලෙස කමල් අද්දරආරච්චි දක්වා ඇත්තේ ඔහුගේ කේන්ද්‍රයේ සදුගෙන් 12 වැන්නේ ඉහත ග්‍රහයන් පස්දෙනාම සිටින බැවිනි.)
3) ධුරාධුර යෝගය
යෙදන ආකාරය
සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
පොදු විපාක
ජීවිතයේ සතුටට හේතුවන දෑ ඒ ඒ අවස්ථාවන්හිදී මැනවින් අත්විදියි.(නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම) සමෘද්ධිමත්ය,ධනය,යාන වාහන ගේදොර ඉඩකඩම් හිමිවේ.විශ්වාසදායි දැසි දසුන් ලබයි.)
උදා මහා කවි විලියම් ෂේක්ස්පියර්(1564 අප්‍රේල් 23 ධනු ලග්නය)
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක(1899 ජනවාරි 8 කුම්භ ලග්නය)
ෂාරුක් ඛාන් (1965.11.2 වෘශ්චික ලග්නය )
ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5 මේෂ ලග්නය )
යෙදෙන ආකාරය
සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)
පොදු විපාක
දිළිදුවේ.දුක්ඛිත දිවියකි.කලත්‍ර,පුත්‍ර මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
විශේෂ සටහන
* චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ විෂ අඩුකර එහි අසුභ ඵල ඉස්මතු වීම යටපත් කරයි.
No comments:
Post a Comment