රාහුල හාමුදුරුවො විදාගම මෛත්‍රී හාමුදුරුවන් යටතේ පැවිදි වෙලා තොටගමු විහාරයේ තමයි සාමනේර අවදියේ වැඩි කාලයක් ගත කලේ.රාහුල හාමුදුරුවෝ කවියට උපන් හපනෙක්.වැඩක් පලක් කරත්දිත් කවියෙන්ම තමයි ඒක කරන්නෙත්.
ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවෝ දවසක් උදේම අවදි වෙලා මිදුල අතු ගාන්න පටන් ගත්තලු ඔහොම මිදුල අතු ගාගෙන අතු ගාගෙන යනකොට එක පාරටම දැක්කලු පන්සල් මිදුලේ මැදම ගව වසුරු පිඩක් තියෙනවා.හාමුදුරුවන්ට මේක ඉවත් කර ගන්න ඕන වුනත් ගොම ගොඩ අල්ලන්නත් නිකං හිරිකිතයි වගේ දැනුනා.උදැල්ලක් වගේ දෙයක් ලඟ පාතක තිබුනෙත් නෑ.ඉතින් මොකද කරන්නේ ඔහොම ඉන්නකොට රාහුල හාමුදුරුවන්ට මතක් වුනා පන්සලේ අතවැසි කමට හිටිය "සුර දෝතා" කියල කියපු ටිකක් මෝඩ පහේ කොල්ලව.මෙයාට සුර දෝතා කියල නම දාලා තිබුනෙත් නායක හාමුදුරුවෝමයි.මොකද මිනිහ නිතරම අත් දෙක හෝදනවා.අත් වල කුණු රැදෙනවාට සුර දෝතා ටිකක් වත් කැමති නැහැ.වැඩක් පලක් කලාට පස්සෙත් වේලක් අත් දෙක සෝදනවා.
රාහුල හාමුදුරුවන්ට හිතුනා අද කොහොම හරි මේ ගාම ගොඩ සුර දෝතා ලව්වා අයින් කරල සුර දෝතා පන කඩාගෙන අත් දෙක හෝදන හැටි අනිත් පොඩි හාමුදුරුවොත් එක්කල බලල ටිකක් විනෝද වෙන්න.
ඉතින් රාහුල හාමුදුරුවෝ කවියෙන්ම සුර දෝතට කතා කරල කිව්වලු
"සුර දෝතා
වර මෑතා
ගොම දෝතා
දම ඈතා "
සුර දෝතත් හාමුදුරුවෝ කතා කරන නිසා ලඟට ඇවිත් බැලුවහම ගොම ගොඩ දැකලා වැඩේට අදිමදි කරන විදියට ඇඹරෙන්න ගත්තලු.
"මොකද සුර දෝතා කල්පනා කරන්නේ.මම කිව්වේ එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ..මෙන්න මේ ගොම ගොඩ මෙතනින් එහාට කලානම් මට මේ මිදුල අතු ගාල ඉවර කරන්න.හාමුදුරු කෙනෙක් ගිහියෙක්ට වැඩක් කියන්නේ ඒ ගිහියට පිනක් කරගන්න අවස්ථාවක් දෙන්න.වැඩේ කලොත් දිව්‍ය ලෝකේ නැත්නම් ඉතින් අපා ගත වෙන්න තරම් ඒක පාප කර්මයක් වෙන්නත් පුළුවන්."
රාහුල හිමි සුර දෝතව ටිකක් බය කරලා කිව්ඬ.අනේ ඉතින් මොනා කරන්නද ගොම ගොඩ එහාට කරන්න තවත් පරක්කු කරන්න බැරි නිසා සුර දෝතා එයාගො අත් දෙකෙන්ම ගොම ගොඩ එහාට කළා.
සුර දෝතා එදා හවස් වරුවම කරලා තියෙන්නේ අත් දෙක හෝදන එක
--------------------- මතු සම්බන්ධයි. ---------------------------
No comments:
Post a Comment