ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය.
නාභස යෝග යටතේ ආකෘති යෝගයක් ලෙස වර්ග වන "ශකට " යෝගය දුබල ග්‍රහ යෝගයක් ලෙස දක්වා ඇත."ශකට " යන වදනෙන් අර්ථවත් වන "කරත්තය" සංකේතවත් වන මෙම යෝගය හදුනා ගැනීම ඉතා පහසුය.ලග්නයේ හා හත්වැන්නේ සියළුම ග්‍රහයන් තැන්පත් වීමෙන් ඇති වන මෙම යෝගය ඉතා දුලබ මෙන්ම අසුභ(දරිද්‍ර) යෝගයක් ලෙස සැලකේ.කරත්ත දැක්කීම හෝ රියැදුරු රැකියාවන් බොහෝ දුරට උරුම වන බව කියයි.සැර පරුෂ කාන්තාවක් බිරිය ලෙස ලැබෙන බව කියයි. අනිත් "සකට " යෝගයද දරිද්‍ර යෝගයක් ලෙස දක්වා ඇතත් "ශකට" යෝගය මෙන් නිරන්තර දරිද්‍රතාව ඇති නොකරයි.ධනය හා වාසනාව උදාවීම වරින් වර ඇතිවී නැති වී යන තත්ත්වයකි.ගුරු ග්‍රහයාගෙන් 6,8 හෝ 12 ස්ථානයක සදු සිටීමෙන් යෙදෙන මෙම යෝගයේ ඵල ඉතා පරීක්‍ෂාවෙන් යුතුව සලකා බැලිය යුතුය.1,7 ස්ථාන දෙකේ සියළු ග්‍රහයන් යෙදීමෙන් ඇතිවන "ශකට" යෝගයට වඩා සුලභව ඇති "සකට" යෝගයේ බල දුබලතා ඇති වන ආකාරය හොදින් විමසා බැලිය යුතුමය.
"සකට" යෝගය භංග වන ආකාරයන් පොත් පත් වල විවිධාකාර අයුරින් දක්වා ඇත.චන්ද්‍රයා ලග්නයෙන් කේන්ද්‍රගතව බලවත්ව සිටින විට "සකට" යෝගයේ බල අඩුවන බව කියයි. සදු උච්චව,ක්‍ෂෙත්‍රව ලග්නයෙන් කේන්ද්‍රගතව සිටින විට "සකට" යෝග භංඝ වන බව ශාස්ත්‍රීය මතයයි.
1945 ජුනි 29 වැනිදා උදේ 9.56 ට උපන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගේ ජන්ම කේන්ද්‍රයේ සදු ,ගුරුගෙන් 6 වැන්නේ වුවත් 7 වැන්නේ(ලග්නයෙන් කේන්ද්‍රගතව) සදු සිටින නිසා "සකට" යෝග බල අඩුවී ඇත.

No comments:
Post a Comment