Sinhala Wela akka Wal Katha






මෑ මල දිවෙන් කිතිකවලා තන්දෙක මිරිකලා උරලා කෙදිරි ගෑවෙන්න සැපදෙන හැටි දැනගන්න.

අතේ ගහන ගමන් වල් වීඩියෝ එකක් බලන්න සිංහල වල්කතා වක් කියවන ගමන් ගෑණු අයට පුළුවන් ඇගිල්ල ගහන ගමන් තනියෙන්ම සැපගන්න.

පට්ට ආතල් එකක් තියෙන්නේ සිංහල වල් කතා කියවන ගමන් හුත්තට ඇගිල්ල ගහගෙන බඩු යවනකොට. කොල්ලන්ට පුළුවන් අතේ ගහන්න. සියල්ල බලන්න
මෙතැනින් සෙට් වෙන්න

Friday, December 30, 2011

හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය

  යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.

  ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.

  ලග්නය        හත අධිපති ග්‍රහයා
  මේෂ            සිකුරු(ශුක්‍ර)
                     (ජන්ම කේන්ද්‍රයේ මෙම සිකුරු ග්‍රහයා දක්වා ඇත්තේ "ශු" යනුවෙනි)
  වෘෂභ             කුජ(අඟහරු)
  මිථුන              ගුරු(බ්‍රහස්පති)
  කටක              ශනි(සෙනසුරු)
  සිංහ                ශනි(සෙනසුරු)
  කන්‍යා             ගුරු(බ්‍රහස්පති)
  තුලා               කුජ(අඟහරු)
  වෘශ්චික           සිකුරු(ශුක්‍ර)
  ධනු                බුධ
   මකර               සදු
   කුම්භ              රවි
   මීන                බුධ




හත අධිපතියා,
1)  ලග්නයේ නම් තමන්ගේ අදහස් වලට ගැලපෙන සහකරුවෙක් හෝ සහකාරියක් ලැබේ.කුජ ,ශනි වැනි පාප ග්‍රහයෙකු නම් විවාහය පමා විය හැකියි.

2) දෙවැන්නේ නම් ධනවත් සැමියෙකු හෝ බිරිදක් ලබයි.විවාහයෙන් පසු පෙර සිටි තත්ත්වයට වඩා දියුණු වේ.නමුත් සැමියා බිරිදගේ ආදරය කල්ගතවන විට අඩුවන බව කියයි.

3) තුනේ නම් ප්‍රසිද්ධ වික්‍රමාන්විත අයෙක් සමඟ විවාහය යෙදේ.විවාහයෙන් පසු බොහෝ වෙනස්කම් යෙදේ.

4) හතරේ නම් ගේ දොර ඉඩකඩම් දේපළ ඇති අයෙක් ලැබේ.විවාහයෙන් පසු දෙදෙනාගේ සම්බන්ධය වඩාත් වැඩිවේ.

5) පහේ නම් අධ්‍යාපනය ලබන ස්ථානයෙන් ඇතිවුනු ප්‍රේම සම්බන්ධයකින් විවාහය සිදුවේ.උගත් අයෙක් ලැබේ.දෙපාර්ශ්වයේ ඥාතීන් අතර ප්‍රශ්ණ ගැටළු ඉස්මතු විය හැකියි.

6) හයේ නම් වැඩි තොරතුරු නොදන්නා දුරබැහැර අයෙක් සමඟ විවාහය යෙදේ.සහකරුගේ හෝ සහකාරියගේ අසනීප වංචා වැනි දුර්වලතා පසුව හෙලිවේ.කල්ගත වන විට දෙදෙනා අතර යම් යම් විරුද්ධ කම් මතුවේ.

7) හතේ නම් තමන්ගේ සිතට ගැලපෙන අයෙක් ලැබේ.දෙදෙනා තුලම එකිනෙකාට ගෞරවයක් බැදීමක් ඇත.විවාහ දිවිය ගැන අවධානය වැඩිය.කුජ ,ශනි වැනි පාපී ග්‍රහයෙකු වන විට මෙම සුභදායක තත්ත්වය අඩුවේ.

8) අටේ නම් ශරීර ශක්තිය අඩු ධෛර්ය උත්සාහය අඩු අයෙක් විවාහයට ලැබේ.කෙසේ වුවත් ඔහුග් හෝ ඇයගේ ධනයෙන් තමාට යැපීමක් ඇත.

9) නවයේ නම් ගුණ යහපත් වාසනාවන්ත අයෙක් විවාහයට ලැබේ.නමුත දෙදෙනාග ලිංගික ඇසුර බොහෝ දුරට අඩුවිය හැකියි.

10) දහයේ නම් රැකියාව හේතුවෙන් විවාහය යෙදීමට වැඩි ඉඩකඩයි.රැකියාවක නියුතු කාර්්‍යක්‍ෂම කෙනෙකු ලැබීමට ඉඩ තිබේ.

11) එකොලහේ නම් නිතර ආදායම් ලබන අයෙක් සමඟ කලක් ඇසුරින් විවාහය යෙදේ සහකරු සහකාරිය නිරායාසයෙන් තමා සොයා පැමිනේ.පෙර ආත්ම වල බැදීම් වැඩි අයෙකි.

12) දොලහේ නම් දියුණුවෙන් හෝ තත්ත්වයෙන් අඩු දුර බැහැර අයෙක් සමඟ විවාහය යෙදේ තමා නිසා ඔහු හෝ ඇයට අධික වියදම් යෙදේ.

2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්..

        ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 ,  15 හා 16  තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් හත්දෙනා ඕනෑම රාශි හතක(අනුයාත රාශී වීමක් නැතිව වුවත්) තැන්පත් වීම සලකයි.ඒ අනුව ඒකාවලී යෝගය ඇති අයට අනිවාර්යෙන් වීණා යෝගය පිහිටන නමුත් වීණා යෝගය සමඟ ඒකාවලී යෝගයද යෙදීමට ග්‍රහයන් අනුයාත රාශි හතක පිහිටිය යුතුය(එක් රාශියක එක ග්‍රහයා බැගින්.මෙම ඒකාවලී හා වීණා යෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට පහත ලිපිය බලන්න.



    වීණා යෝගයෙන් උපදින දරුවන් ඉතා ධෛර්ය හා උත්සාහ ඇත්තන් වන බව ජ්‍යොතිෂයේ සදහන්ය.එඩිතරය.පරෝපකාරීය.මිය ගියද නම රැදෙන බව කියති.

   2012 ජනවාරි 14 රාත්‍රී (15 දාට එළිවෙන) 12.58 ට පමණ රවිගේ මකර රාශි ගත විමත් සමඟ යෙදෙන මෙම වීණා යෝගය ජනවාරි 16 වැනි දින දවල් 11 54 ට පමණ සිදුවන සදුගේ තුලා රාශි ගත වීමත් සමඟ අවසන් වේ.මෙම කාලසීමාව අතරතුර උපදින දරුවන්ට මෙම බලවත් වීණා යෝගය උදාවේ. 
   මෙම කාල සීමාවේ උපදින දරුවන් සෑම දෙනාටම වීණා යෝගය යෙදීම නිසා මේ දිනවල උපදින සියළුම කොල්ලන් කෙල්ලන් හා බල්ලන් සෑම දෙනාටම මෙම වීණා යෝගයෙන් දක්වා ඇති සුභඵල උදාවිය  යුතු බවට ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් තර්ක මතු කල හැකිය.දරුවා ජාතියෙන් කුලයෙන් තත්ත්වයෙන් කුමන තත්ත්වයක සිටියත් මෙම වීණා යෝගයේ සුභඵල යම් තරමින් හෝ ඉස්මතුවේ.උපන් ලග්නය හා ග්‍රහයන් පිහිටන අංශක අනුව සුභඵල උදවීම අඩුවැඩි විය හැකිය.වීණා යෝගය යෙදුණා කියා මෙම දින දෙකේ උපදින ළමයින් අතර ශාරීරික හා මානසික ආබාධ මෙන්ම වෙනත් දුර්වලතා පිහිටි අය සිටිය හැකිය.මේ දින දෙක තුල ධනවත් දෙමාපියන්ට මෙන්ම හිඟන පවුල් වලද දරුවන් ඉපදිය හැකිය.නමුත් මොන අයුරකින් හෝ එවැන්නන්ටද වීණා යෝගයේ ඵල උදාවේ.මේෂ,වෘෂභ ,මිථුන කටක ලග්න හතරට වීණා යෝගයට අමතරව තවත දුලභ යෝගයක් වන ලග්න අධි යෝගයක්ද යෙදෙන නිසා එම ලග්න වල උපන් දරුවන්ට වැඩි සුභදායක ඵල යෙදේ.

Wednesday, December 28, 2011

"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?"


  2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති.

         "2012 වසර ඔබේ ලග්නයට කොහොමද?" මාතෘකාව දුටු විගස  තමන්ට 2012 කෙසේ වේද යන්න කියවීමට බොහෝ දෙනෙකු  මෙහි එන බව මා හොදින් දනී. (ජ්‍යොතිෂය මිත්‍යාවක් ලෙස සලකන අයද හොර රහසේ මෙවැනි පලාඵල කියවන බවද දනිමි.)ලිපියේ මුල මැද අග නොසොයා ඔවුන් බොහෝ දෙනා සොයන්නේ තමන්ගේ ලග්නයට ඇති පලාඵල විස්තර ඡේදයයි.(මෙම බ්ලොග් අඩවියේ වැඩි පිරිසක් කියවා ඇත්තේද ලග්න පලාඵල ලිපි ලේඛනයන්ය.)

   සත්‍ය වශයෙන්ම 2012 ජනවාරි 1 දිනෙන් ආරම්භ වන ඉංග්‍රීසි කැළැන්ඩර් ක්‍රමය ජ්‍යොතිෂය හා බැදී නැත.අපේ ජ්‍යොතිෂය හා බැදී ඇත්තේ සූර්්‍ය හා මාස ක්‍රමයට බැදුනු දින දර්ශන ක්‍රමයක් සමඟය.අප්‍රේල් මස සිදුවන සූර්යයා මිනයේ සිට මේෂයට පිවිසෙමින් ඇරගෙන අළුත් අවුරුද්ද අපගේ ජ්‍යොතිෂ සිද්ධාන්තයන් සමඟ බැදී ඇත.ඒ සදහා පොදු ලග්න පලාඵලයක් ඉදිරිපත් කිරීම යම් තරමින් සාධාරණ වුවත් ජනවාරි 1 දායින් ඇරඹෙන ඉංග්‍රීසි වර්ෂය සදහා පොදු ලග්න පලාඵලයක් ඉදිරිමත් කිරීමේ සිද්ධාන්තය කුමක්ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.(පසුගිය දෙසැම්බර් මසදීත් මා මෙය පැවසූ නමුත් මෙවරද නැවත මතක් කලෙමි.)
   සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී පුද්ගල පලාඵල පොදු වශයෙන් හා අනන්‍ය වශයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ අවස්ථා කිහිපයක් සරලව පෙළ ගස්වා බලමු.(මෙවැනි වර්ග කිරීමක් පැරණි පොත්පත් වල හෝ වෙනත් කිසිදු ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථයක දක්වා නැති බවත් මෙය හුදෙක් ලේඛකයා විසින් තමාට දෘෂ්ථි වූ ආකාරයට දැක්වන වර්ග කිරීමකි.)

    1) සූරයයා මීනයේ සිට මේෂයට සංක්‍රමණය වන අවුරුදු සංක්‍රාන්තියෙන් ඇරඹෙන දින 365 ක කාලය සදහාවූ සංවත්සර පලාඵල විස්තර
     2)ග්‍රහ මාරුවක්, සංයෝජනයක්, සප්තමවීමක්, යුද්ධයක්, උදා, අස්ත, වක්‍ර,නිවෘති ආදී වෙනස් වීමක් මෙන්ම සූර්‍ය,චන්ද්‍ර ග්‍රහණ අවස්ථා වලදී යම් යම් කාල සීමාවන්ට අදාලව දක්වා ඇති පලාඵල විස්තර
     3)පුද්ගල ජන්ම කේන්ද්‍ර අනුව සලකමින් ඉහත දැක්වූ විශේෂ අවස්ථා වලට අනුරූප පුද්ගල පලාඵල විස්තර දැක්වීම
     4)රවි සදු ආදීන්ගේ චලිතය ප්‍රධාන වශයෙන් සලකා සිදුකෙරෙන දිනපතා,සතිපතා හා මාසික ලග්න පලාඵල විස්තර
     5)එක් එක් ජ්‍යෙතිෂවේදීන් තමන් විසින්ම සකසා ගන්නා ලද විශේෂ අවස්ථාවන්ට අදාළ කේන්ද්‍ර සටහන්(දිවුරුම් දීම්,නාම යෝජනා බාරදීම් වැනි)අනුව සිදු කරන දේශපාලන මැතිවරණ පලාඵල අනාවැකි.
     6)පරිසරයේ දක්නට ඇති විවිධ සන්සිද්ධීන් සතත්ව ක්‍රියාකරකම් හා වෙනත් නිමිති ක්‍රම අනුව ඉදිරිපත් කරන පලාඵල අනාවැකි.

  මේ අනුව බලන කල දෙසැම්බර් 31 රාත්‍රී 12 න්(ජනවාරි 01 ආරම්භය) ඉංග්‍රීසි ක්‍රමයට ආරම්භ වන වර්ෂයට අදාලව කිසිදු ජ්‍යොතිෂ සන්සිද්ධියක් නැත.එවැනි දෙයක් ඇතොත් ඒ එම වේලාවට ග්‍රහ මාරුවක් සංයෝජනයක් යුද්ධයක් උදා,අස්ත,.. වැනි සංසිද්ධයක් ග්‍රහණයක් වැනි දෙයක් සිදු වුවහෙත් පමනි.එසේ නොමැතිව 2011 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙන් උදාවන 2012ජනවාරි 1 දිනයේ ග්‍රහ චාරයෙන් මුළු 2012 වසරට සම්බන්ධ පොදු ලග්න පලාඵලයක් සලකා බැලිය හැකිනම් අපිට හැමදාමත් අවුරුදුය.
   ජනවාරි 1 වෙනිදායින් අරම්භ වන කැලැණ්ඩර වර්ෂය සදහා පලාඵල දැක්වීමක් ජ්‍යොතිෂය අනුව කල නොහැකි නම් ඔය පත්තර වල ඕනතරම් එවැනි අවුරුදු පලාඵල දක්වා තිබෙනවා නොවේද? එතකොට එම පලාඵල ශාස්ත්‍රීය නොවේද? ඇතැමෙකුට එලෙස සිතිය හැකිය.ඇත්තටම මෙහිදී කෙරෙන්නේ වෙළද අවශ්‍යතාවන් සපුරා ගැනීමකි."රට යන විදියට අපිත් යමු" යන ආදර්ශ පාඨය ඔස්සේ ගමන් කිරීමට ජ්‍යොතිෂවේදීන් විසින්ම සිදුකල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසත් දැක්විය හැක.වර්මානයේ ජ්‍යොතිෂය අප රට තුල භාවිතා වන ආකාරයට එය එක් තැනක "කඩේට ගොස් පැනඩෝල් පෙත්තක් ලබා ගන්නා" ආකාරයටත් තවත් තැනක එය "චැනල් දොස්තර මහතෙකු හමුවන" ආකාරයටත් ඇත.මෙම අන්ත දෙකම අගතිදායකය.

   "ඔබ සැමට සුභ නව වසරක් වේවා!"

Tuesday, December 27, 2011

රාවණායනය -2 (හෙළ රජවරු)



"ඩුං..... ඩුං .....ඩුං....."

 "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."


 අඩබෙර කරුවෙක් හඩබෙර නගමින් මුළු රටේම සංචාරය කළේය.අඩබෙර කරු රුහුණු පුරයටද ආවේය.හඩබෙර කරුගේ පණිවිඩය ඇසී එක් ගමක වැසියන් අඩබෙර කරුට දැන්වූයේ තමන්ගේ ගමේ සිටන් "මනු" නම් ගොවි තරුනයා කාය හා බුද්ධි ශක්තියෙන් මෙම අංග සපුරණ බවයි.
 "කෝ දැන්  මනු කොහේද ඉන්නේ"
 "මනු දැන් ඇත්තේ කුඹුරේ වැඩ කරමින්.මඩ සෝදා ගත්කල ඔහු රජකමට සුදුස්සෙක්"
 "ම්... හොදයි යමු බලන්න.මටත් දැන් මේ අඩබෙර ගැහිල්ල එපාවෙලා තියෙන්නේ.හැබැයි රජකමට පත්වීමට එහෙම ලේසියෙන් බැහැ රට වැසියා ඉදිරියේ ශිල්ප පෙන්නන්න වේවි."
 කෙසේ හෝ මනු විසින් රජකමට පත්වීමට කෙරුණු අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය.මඩ සෝදාගෙන පැමිණි හේ උස් දැවැන්ත කණුවක් තමා විසින්ම ඔසවා සිටුවා ඒ මත තනි කකුලෙන් හිදිමින් බිම සිටින දුනුවායින් 16ක් හී තල වලින් විදින විට ඊතල කැපී නෙළුම් මලක හැඩයට බිමට වැටෙන ලෙස එම හීතලවලට කඩුවෙන් පහර දෙයි.
   මෙලෙස අභීත ලෙස දස්කම් දැක්වූ "මනු" ගොවි තරුණයා "මහා සම්මත මනු" ලෙස හෙලයේ පළමු රජ බවට පත්විය.සියළු දෙනාගේ සම්මතයෙන් තෝරා ගැනීම නිසා "මහා සම්මත" යන්න ආදේශ වී ඇත.
  මහා සම්මත මනු රජු පිළිබද ඇති සමහර ලේඛන වල ඔහු දඹදිව පාලනය කල රජෙක් බව සදහන් වෙතත් ලංකාවේ පලමු රජතුමා මහා සම්මත මනු රජු බවට ලේඛන සාධක එමට ඇත.මහා සම්මත රජ සම්බන්ධ සමහර කතාන්දර වලට හින්දු දේව සංකල්ප සම්බන්ධ කොට ඇති ප්‍රබන්දාකාර පුරාවෘත්ත (මහා සම්මත රජුගේ බිසව මැණික්පාල දේවිය විශ්ණු දෙවිගේ සොහොයුරියක් බවත් විශ්ණු සමඟ ඇති කරගත් ගිවිසුමක් කඩ වීම නිසා වසවර්තී මාරයා මැණික්පාල දේවියට හූණියම් කොට සර්පයෙකුගෙන් දමා ගැසීම ආදී කතා)නිසා මහා සම්මත රජු මනඃකල්පිත රජ කෙනෙකු බවට පත්ව ඇතත් සීගිරිය පොලොන්නරුව ආදී ස්ථාන වල ශිලා ලේඛන හා ඉතිහාස තොරතුරු අනුව මහා සම්මත රජු ප්‍රබන්ධයක් නොවන බව පැහැදිලිය.
  මනු රජුගේ රාජධානිය වූයේ මන්නාරමයි. "මනු +ආ +අරම =මනු අරම =මන්නාරම වී ඇත.(මන් හෙවත් හිරු ඇරඹීම මන්නාරම වී ඇති බවට තවත් මතයකි.)
     මනු රජුගේ බිසව මැණික්පාල දේවියයි.මනු රජුගෙන් ඇරඹි මනු රාජ වංශයේ සියළුම රජවරුන්ට එක් බිසවක් පමනක් සිටි බවට "වර්ගපුර්ණිකාව" නම් පුස්කොල ග්‍රන්ථයේ සදහන්ව ඇත.රාජ්‍යය පාලනය කරන්නා අන්තඃපුරයක් පවත්වා ගෙන යෑම අසාධාරණ දෙයක් ලෙස මනු රාජ වංශිකයන් සලකා ඇත.එමෙන්ම ලේ ඥාතීන් අතර විවාහයද මනු රාජ වංශිකයන් ප්‍රතික්ෂේප කොට ඇත.මැණික්පාල දේවිය විශ්ණු දෙවිදුගේ නැගණියක්ය යන්නද ප්‍රබන්ධයකි."කවේරී" නම් යක්‍ෂ ගෝත්‍රිකයාගේ දියණිය මැනික්පාල දේවියයි.මනු රජුගේ රාජඅභිෂේකය සමඟම විවාහ මංගල්‍යයද සිදුවී ඇත.

-----------------------------------------------------------------------------------------------------------------------------
 මනු රජතුමා මෙන්ම ඉන් පසු හෙළ රාජ්‍යයේ රජවූ පළමු රජවරුන් අට දෙනාම මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්ත අනුව තීරණය විය.එම පළමු මහා සම්මත ක්‍රමයට රජකමට තේරුණු  පළමු රජවරුන් අට දෙනා
 1 මහා සම්මත මනු
 2 රෝජ
 3 වරරෝජ
 4 කල්‍යාණ
 5 වරකල්‍යාණ
 6 උපෝසථ
 7 මහා මන්දාතු
 8 හිරණ්‍ය කාශ්‍යප

   මින් අටවන මහා සම්මත රජු වන හිරණ්‍ය කාශ්‍යප රජතුමා මනු රජතුමාටත් වඩා බලගතු චක්‍රවර්තී රජ කෙනෙකු බව සදහන්වේ හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත කලේය.හෙළයන් සතුවූ අහසින් යන විමාන නිර්මාණය හිරණ්‍ය කාශ්‍යප රජුගේ කාලයේ සිටම පැවති බවට සාධක ඇත.ගොඩබිමින් හා මුහුදු මාර්ගවලින් ලගා විය නොහැකි යුරෝපයේ ඇතැම් කදු නිම්න (කොකේසස් කදු වැටි)දක්වා හෙළ රාජ්‍යය ව්‍යාප්ත වීමෙන් මෙම අහස් ගමනට සාක්‍ෂි ලැබේ.කැස්පියන් මුහුද නිර්මාණය කිරීමද හිරණ්‍ය කාශ්‍යප රජුගේ අනුග්‍රහයෙන් සිදුවී ඇත.මහාචාර්ය ඩේවිඩ් ෆ්‍රෝලි පවසන ආකාරයට කැස්පියන් යන නම බිහි වී ඇත්තේ 'කාශ්‍යප' යන නාමය මුල් කරගෙනයි.
  හිරණ්‍ය කාශ්‍යප රජු හෙළ රාජ්‍යයය ලෝකය පුරාම ව්‍යාප්ත කිරීමේදී ඔහුට විශාල සතුරන් ප්‍රමාණයක් නිර්මාණය විය.අහසින් යන හෙළයන් ඉන්දියානු මිත්‍යා දෘෂ්ඨික බමුනන්ගේ සතත්ත බිලි පූජා කඩාකප්පල් කරමින් අසරණ සතුන් හා මිනිසුන්ගේ ජීවිත බේරා ගත්හ.මෙනිසා හෙළයන් ඉන්දියානු බ්‍රාහ්මණයන්ගේ වෛරයට ලක්විය.එමෙන්ම හිරණ්‍ය කාශ්‍යප රජතුමා ආක්‍රමණකාරී අයුරින් හෙළ රාජ්‍යය ලොව පුරා පතුරවීම මහා සම්මත ක්‍රමයේ නීතිරීති වලට පටහැණි විමක්ද විය.පුරාණ ග්‍රන්ථවල සදහන් ආකාරයට මහා සම්මත ක්‍රමයට හෙවත් ජනතා කැමැත්තට හෙළ රජු පත්කර ගැනීමේදී රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් මෙන්ම ඔහු රාජ්‍යයට පත්වූ පසු අනුගමනය කල යුතු පිළිපැදිය යුතු නීති රීතී පද්ධතියක් විය.ඉන් කිහිපයක් සැකෙවින් දැක්වුවහොත්.

 රාජාපේක්‍ෂකයා විසින් සපුරාලිය සුදුසුකම් හා පිළිපැදිය යුතු අනුගමනය කල යුතු නිතිරීති කීපයක්
   * රාජාක්‍ෂේක්‍ෂකයා යක්,රකුස් හා නාග යන හෙළ ජන කොට්ඨාශයකට අයත් පුරුෂයෙකු විය යුතුය.(මෙහිදී යක් රකුස් නාග ලෙස දක්වා ඇති අමනුෂ්‍යයන් තිරිසනුන් නොව යක්(යාන්ත්‍රික වැඩ කරන්නන්) රකුස්(ගොවියන්) ආදී ජීවනෝපා ක්‍රමවලට අයත් වූවන්ය)
   * හොද නිරෝගී සවිශක්තිය යුතු අයෙක් විය යුතු අතර උස මහත හා බර යම් මිම්මක් සපුරාලිය යුතුය.
   * සියළු අංගම් සටන් ක්‍රම මෙන්ම ගණිත විද්‍යා ආයුර්වේදය ජ්‍යොතිෂය හා ගුප්ත ශාස්ත්‍රයන් ගැන දැනුවත් විය යුතු අතර තම හැකියාවන් ජනතාවට පෙන්විය යුතුය.
   * සතුරු කරදර ආදී අවස්ථ්වලදී දිවි පරදුවට තබා හෙළ රාජ්‍යය ආරක්‍ෂා කර ගත යුතුය.
   * දැහැමි ගුණගරුක කම මූලික කල යුතුය.ජනතාවට මැති ඇමති ආදීන්ට ඇහුණ්කම් දිය යුතුය.
   * වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය නොකළ යුතුය.

  හිරණ්‍ය කාශ්‍යප රජතුමා පිට දේශයන් ආක්‍රමනය කිරීම මහා සම්මත නීති කැඩීමක් විය.සතුරන් අධික වීම නිසා තම රජ වාසලේම සිටි "නරසිංහ" නැමැත්තකු අතින් කුමන්ත්‍රණ කාරී අයුරින් හිරණ්‍ය කාශ්‍යප රජු ඝාතනය විය.හිරණ්‍ය කාශ්‍යප රජුගේ කුඩා පුත් "ප්‍රලාද" කුමරුව සූක්‍ෂම ලෙස භාවිතා කරමින් "නරසිංහ" නැමැත්තා රජමාළිගයේ කණුවකට මුවා වී සැගවී සිට කළ ප්‍රහාරයකින් මෙම  ඝාතනය සිදු විය."හිරණය කාශ්‍යප" රජු ඝාතනය වීමෙන් පසු "හෙළ රාජ්‍යය" බිද වැටුනි යැයි සතුටු වූ ඉන්දියානු හින්දු බමුනණ්  විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් රජු මරා දැමූ බවට ප්‍රවාදයක් සෑදුහ.
      මෙලෙස නිර්මානය කල හින්දු ජනප්‍රවාදයට අනුව හිරණ්‍ය කාශ්‍යපගේ පුත් ප්‍රලාද විශ්ණු භක්තිකයෙක් විය හැම තැනකම, හැම දෙයකම විශ්ණු ඇති බව ප්‍රලාද විශ්වාස කල අතර මෙ පිලිබදව පියා හා පුතු අතර වාදයක් ඇති වී කේන්ති ගිය හිරණ්‍ය කාශ්‍යප රජු ලග තිබූ ලී කණුවකට පයින් ගසා කඩා මේ තුලත් විශ්ණු ඇත්දැයි අසද්දීම ඒ තුලින් මතු වූ සිංහ හිසක් හා මානව ශරීරයක් තිබූ සත්වයෙක් හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමනන ලදි යන ප්‍රවාදය හින්දූන් විසින් ගොතන ලදී.
    හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණින් පසු හෙළ රාජ්‍යයේ බලය යම්තාක් දුරට ඇද වැටුණු නමුත් හෙළ රාජධානිය බිඳ නොවැටුනි.
  හිරණ්‍ය කාශ්‍යප රජුගෙන් පසු මහා සම්මත ක්‍රමය හෙවත් ජනතා කැමැත්තට රජු පත්වීමේ ක්‍රමය නතර වූ අතර හිරණ්‍ය කාශ්‍යප රජුගේ ආවේගීශීලි හා ආක්‍රමණකාරී ස්වභාවය හෙළ රාජධානිය පිරිහීමට හේතී වූ බව වටහා ගත් හෙළයෝ තම රජු පත් කර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළේය.එම විශේෂී ක්‍රමය කුමක්ද?

                              -------------- මතු සම්බන්ධයි -----------------

Thursday, December 22, 2011

මහ දශා පද්ධති 2 ( මහ දශාවෙන් අතුරු දශාවට )



විංශෝත්තරී මහ දශා ක්‍රමය පිළිබද මූලික හැදින්වීමක් පෙර ලිපියෙන් සිදු කරන ලදී.එම ලිපියෙන් දැක්වූ ආකාරයට අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රහයන් නව දෙනාට කාල සීමා නවයක් වෙන් කොට ඇත.පෙර ලිපියෙන් දැක්වූ එම ග්‍රහයන්ට වෙන් කල කාල සීමාවන් නැවත මතක් කල විට

    රවිට අවු 6යි
    සදුට අවු 10
    කුජ(අඟහරු)ට අවු 7යි.
    රාහුට අවු 18
    ගුරුට අවු 16
    ශනිට අවු 19
    බුධට අවු 17
    කේතුට අවු 7
    සිකුරුට අවු 20

  අවු 120 කාල සීමාව ග්‍රහයන් නව දෙනාට බෙදුනු අනුපාතයෙන්ම එක් එක් ග්‍රහයාගේ මහ දශා කාල සීමාවද නැවත අතුරු දශා කාලයන්ට බෙදී යයි.ආරම්භක අතුරු දශාව වන්නේ අදාළ මහ දශාධිපතියාමය.එම අතුරු දශාවන් ලැබීම ගෙවීමේ රටාවද මහ දශා ලැබීමේ ගෙවීමේ රටාවට සමානවේ.
   මෙම අතුරු දශාවන් පිළදබද තව දුරටත් අවබෝධ කර ගැනීමට පහත රූපයේ දැක්වෙන එක් එක් මහ දශාව තුළ අතුරු දශාවන් ලබන ගෙවෙන ආකාරය දැක්වෙන වගුවට අවධානය යොමු කරමු.
                                   
                                                        

 ඉහත රූපය අනුව රවි මහ දශාවේ සම්පූර්ණ කාලය අවු 6 කි. අවු 120 කාලයෙන් රවිට 6ක් වෙන්වෙන නිසා එහි අනුපාතය (6/120 වේ ) මෙම අනුපාතයටම රවිගේ මහ දශාවේ මුල් රවි අතුරු දශාවට වෙන්වූ කාලය රවිගේ මුළු කාලය වූ අවු 6 කාලය 6/120 අනුපාතයෙන් ගුණකල විට ලැබේ.ඒ අනුව
     රවිගේ රවි අතුරු දශා කලාය =අවු 6 x( 6/120 )
                                                  = අවු 0.3
                                                  = මාස 3 දින 18යි(වගුව බලන්න)
                                                 
     රවිගේ සදු අතුරු දශාව  = අවු 6 x (10/120)
                                               = අවු 0.5
                                               = මාස 6 (වගුව බලන්න)


   මේ ආකරයට රවි මහ දශාවේ අවසන් සිකුරු(කිවි) අතුරු දශාව 
                                             =අවු 6 x (20/120)
                                             = අවු 1යි
                                               (වගුව බලන්න)

 අතුරු දශා කාල සීමාවන්ද තව දුරටත් සියුම් බෙදීම් ඇති නමුත් මහ දශා අතුරු දශා ගැන පමනක් මෙම ලිපියෙන් දැක්වේ.
  ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ඇති මහ දශාව අනුව ඔබට මේ වන විට ගතවන්නේ කුමන මහ දශාවේ කුමන අතුරු දශාවද යන්න ඔබටම බලා ගන්නා ආකරය දක්වමි.

උදාහරණයක් ලෙස 1990 ජනවාරි 01 දින උදේ 10.05 ට කොළඹදී උපන් අයකුගේ උපන් මහ දශා ශේෂය ලෙස අඟහරු මහ දශාව ඉදිරියට වර්ෂ 0 යි මාස 8 යි දින 1ක් ලස ඇති විට මේ වන විට එම ජන්මියාට ඇති මහ දශාව හා අතුරු දශාව කුමක්දැයි ගනනය කරමු.

 අද(2011 දෙසැම්බර් 21) දිනට වයස =  2011.12.21
                                                            1990.01.01
                                                         --------------
                                                                21.11.20

 මෙම වයස 21 මාස 11 දින 21 පිරෙන තුරු (මීට වඩා වැඩි එකතුවක් ලැබෙන තුරු) එකතු වන මහ දශා කාල සීමා අනුපිළිවෙලින් කුජගෙන් පටන්ගෙන ඉන්පසු රාහු ගුරු ...ආදී පිළිවෙලින්..
       කුජ    00.08.01
       රාහු   18.00.00
       ගුරු   16.00.00
                ------------
                 34.08.01

 මේ අනුව ජන්මියාට වයස අවු 34 මාස 8 දින 1ක් පිරෙන තුරු ගුරු මහ දශාව ඇත.ඒ අනු මේ වන විට ගතවන්නේ ගුරු මහ දශාවයි.
  ගුරු මහ දශාව ගෙවෙන දිනය =  උපන් දිනය + අවු 34 මාස 8 දින 1
                                                =   1990.01.01 + 34.08.01
                                                =   2024.09.02

   අද දිනය වන විට ගුරු මහ දශාවෙන් ඉදිරියට ඇති ශේෂය
               = ගුරු මහදශාව ගෙවී යන වයස - අදට වයස
               = ගුරු මහ දශාව ගෙවී යන දිනය - අද දිනය
               = 34.08.01 - 21.11.20
               = අවු 12 මාස 8 දින 11
 
 දැනට ගතවන අතුරු දශාව බැලීමට ගුරු මහ දශාවෙන් ගතවී ඇති කාලය ලබා ගනිමු

 ගුරු මහ දශාවෙන් ගතවී ඇති කාලය = ගුරු මහ දශාවේ මුළු කාලය- ගුරු මහ දශාවෙන් ඉදිරියට ඇති කාලය
                              = අවු16 - අවු 12 මාස 8 දින 11
                              = අවු 03 මාස 3 දින 19

 ගුරු මහ දශාවෙන් මෙම අවු 03 මාස 3 දින 19 කාලයක් ගෙවී ඇති විට පවතින අතුරු දශාව බැලීමට ඉහත රූපයෙන් දැක්වූ "මහදශා අන්තරාදශා ලබන ක්‍රමය දක්වන චක්‍රය" උපයෝගී කරගනිමු.
  එම වගුවේ ගුරු මහ දශාවේ අන්තර් දශා ගණන් එකතු කිරීම කොටස යටතේ ගුරු මහ දශාවේ අවු 2 මාස 1 දින 18 සිට අව් 4 මාස 8 අතර කාලය ගතවන විට ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගතවේ.ඒ අනුව ජන්මියා ගුරු මහ දශාවෙන් අවු 3 මාස 3 දින 19 ක් මේ වන විට ගතකර ඇති නිසා ජන්මියාට මේ වන විට ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගත වෙමින් ඇත.
 දැනට ඇති ශනි අතුරු දශාවෙන් ඉදිරියට ඇති කාලය = දැනට ඇති ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව දක්වා ඇති කාලය - දැනට ඇති ගුරු මහ දශාවෙන්  ගතවී ඇති කාලය.
                              = 04.08.00 - 03.03.19
                              = අවු 1 මාස 4 දින 11

 ඒ අනුව ගුරු මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවී යන දිනය
                                               = 2011.12.21 + 01.04.11
                                               = 2013.05.02

 
                      
 



 
 
 

Monday, December 19, 2011

මහ දශා පද්ධති -1 (විංශෝත්තරී මහා දශා ක්‍රමය)

 ජ්‍යොතිෂය ගැන අසා ඇති ඔබ මහ දශාව ගැනද අසා ඇතැයි සිතමි.විංශෝත්තරී දශාව,අශ්ටෝත්තරී දශාව,යෝගිණී දශාව,කාලචක්‍ර දශාව,පංචෝත්තරී දශාව,......ආදී ලෙස පෙරදිග ජ්‍යොතිෂයේදී මහදශා ක්‍රම 43 ක් ගැන සදහන්ය.

  මෙම මහදශා ක්‍රම අතරින් ශ්‍රී ලංකාව ඉන්දියාව ආදී පෙරදිග රටවල වැඩි වශයෙන් භාවිතා කෙරෙන්නේ විංශෝත්තරී මහ දශා ක්‍රමයයි.මෙලෙස විංශෝත්තරී දශා ක්‍රමය හා දශාඵල ප්‍රධාන වශයෙන් සැලකීමට විශේෂ හේතුව කුමක්දැයි නිශ්චිත නැති නමුත් පරාශර මතය අනුව මිනිස් පරමායුෂ අවු 120 ක් වූ මෙම කලියුගයට ගැලපෙන මහ දශා ක්‍රමය විංශේත්තරී දශා ක්‍රමය ලෙස දක්වා තිබීම මීට හේතු ලෙස දැක්විය හැකිය.
    විංශෝත්තරී දශා ක්‍රමයේදී පරමායුෂ අවු 120 කාලය කොටස් නවයකට බෙදා ග්‍රහයන් නව දෙනාට(යුරේනස් නැප්චූන් ප්ලූටෝ හැර අනිත් ග්‍රහයන්) එහි අයිතීන් පවරා දී ඇත. ඒ අනුව පිළිවෙළින් ගත් විට
    රවිට අවු 6යි
    සදුට අවු 10
    කුජ(අඟහරු)ට අවු 7යි.
    රාහුට අවු 18
    ගුරුට අවු 16
    ශනිට අවු 19
    බුධට අවු 17
    කේතුට අවු 7
    සිකුරුට අවු 20
   
   ලෙස මෙම අවු 120 කාලය බෙදා ඇති අතර මෙය චක්‍රීය ආකාරයෙන් ඇත. එක් එක් ග්‍රහයන්ට අදාළ දශා කාල සීමාව වෙන් කර ඇති ආකරය පිළිබදව පැහැදිලි යාන්ත්‍රණයක් ජ්‍යොතිෂ මූලාශ්‍ර ග්‍රන්ථ වල සදහන්ව නැති නමුත් "චුල්ල ගණිතයාගේ සටහන් පොත" බ්ලොග් අඩවියේ විංශෝත්තරී දශා ක්‍රමයේදී ග්‍රහයන්ට දශාකාල වෙන්කීරීමේ නිර්මාණාත්මක යාන්ත්‍රණයක් දක්වා ඇති අයුරු නෙත ගැටුනි.එම ලිපියේද අමුතු ගතියක් ඇති නිසා එයද පහලින් දක්වා ඇත.එම ලිපිය කියවා බලා නැවත මෙතනට එන්න.

විංශෝත්තරී දශා කාල ගණනය කරන්නට අලුත් ක්‍රමයක්(චුල්ල ගණිතයාගේ සටහන් පොත)

ජන්මියකු මෙම විංශෝත්තරී මහදශා චක්‍රයට සම්බන්ධ වීම සලකා බලන්නේ ඔහුගේ ජන්ම මොහොතේදී සදුගේ පිහිටීම අනුවය.පෘථිවිය වටා අංශක 360 වෘත්තාකාර පෙදෙස කොටස් 27 කට බෙදා වෙන්කර ඇති නැකැත් 27 චක්‍රයේ ජන්මියාගේ උපත සිදුවන විට සදු පිහිටියේ කුමන නැකැතේ කුමන කොටස එල්ලේද යන්න අනුව ජන්මියා උපදින විට ගතකරන දශාව හා දශ්වේ කිනම් කොටසද යන්න තීරණයවේ.
  මෙම මහදශා කාලසීමාවන් තවදුරටත් සියුම්ව බෙදා වෙන්කිරීමෙන් එම මහදශා වල අතුරු ,විදශා හා සූක්‍ෂම දශා කොටස් දක්වා ඇත.
 ජ්‍යොතිෂයේදී ජන්මියාගේ උපන් නැකත ලෙස සලකන්නේ උපතේදී සදු පිහිටන නැකතයි.මෙම නැකත අනුවම ජන්මියාගේ ආරම්භක මහදශාව තීරණය වේ.නැකැත් 27 අනුව හිමිවන ග්‍රහයන් නවදෙනා පහත පරිදි නැකැත් ත්‍රිත්වය  බැගින් බෙදී යයි.
  
    රවි            කැති,උත්‍රපල්,උත්‍රසල
    සදු            රෙහෙන,හත,සුවන
    කුජ           මුවසිරස,සිත,දෙනට
    රාහු          අද,සා,සියාවස
    ගුරු          පුනාවස,විසා,පුවපුටුප
    ශනි          පුෂ,අනුර,උත්‍රපුටුප
    බුධ           දෙට,අස්ලිස,රේවතී
    කේතු        අස්විද,මා මුල

       උපතේදී සදුගේ ග්‍රහස්ඵුථය අනුව ජන්මියාගේ උපන් නැකත හා එම නැකතට හිමි මහ දශාවත් ජන්මියා උපදින විට එම මහ දශාව ගෙවී යාමට ඉදිරියට ඇති කාල සීමාවත්(මහ දශා ශේෂය) ගනනය කල හැකිය.ඔබගේඋපන් කේන්ද්‍රයේ අවසානයට ඔබ ඉපදුනු මහදශාවත් එම දශාවේ ඉදිරියට තිබූ ශේෂයත් දක්වා ඇත.ඔබ උපන්නේ අඟහරු(කුජ) මහ දශාවෙන් නම් එහි කුජ මහ දශා ශේෂය ඉදිරියට වර්ෂ ... මාස ... දින ... ලෙසට සටහන් කර ඇත.
   ඔබ සතුව මේ මොහොතේ ජන්ම කේන්ද්‍රය නැත්නම් ඔබ උපන් නැකත මහ දශාව හා දශා ශෙෂය ලබා ගැනීමට මාවිසින් සැකසූ සරල පරිඝණක වැඩසටහනක් පහත දක්වා ඇත.එය ඔබේ පරිඝනකයට භාගත කොට ඔබගේ ජන්ම නැකත මහ දශාව හා දශා අපහරණය ලබා ගන්න.(මෙහි නැකත දශා අපහරණයට අමතරව ලග්නය හා ග්‍රහයන් කීප දෙනෙකුගේ ග්‍රහස්ඵුථයද ලැබේ.)

 භාගත කිරීමට මෙතනින් යන්න (download LITTLEHO.rar --> Extract --> run LITTLEHO.EXE)

 මෙමගින් ලැබෙන උපන් මහ දශා ශේෂය අනුව උපන් මහ දශාව ගෙවී යන දිනට ඔබේ වයස බලා එතැන් සිට ඊලගට ලබන මහ දශාධිපති ග්‍රහයන්ගේ මහ දශාවලට අයත් වසර ගනන් එක් කරමින් ඔබට වර්තමානයේ ගෙවෙන මහ දශාව ඔබටම සොයා ගැනීමට අපහසු නැත.මෙය උදාහරණයකින් පහත දක්වා ඇත.
   2011 දෙසැම්බර් 15 උපන් අයකුගේ මහ දශා ශේෂය බුධට ඉදිරියට වර්ෂ 7 යි මාස 10 දින 21 ක් වේ යැයි සිතමු.ප්‍රථමයෙන්ම ජන්මියාගේ උපන් මහ දශාව වන බුධ මහ දශාව ගෙවී යන දිනය සොයා ගැනීමට උපන් දිනය හා මහ දශා ශේෂය එකතු කරමු.
                                                         2011.12.15
                                                              7.10.21
                                                          -------------
   බුධ මහ දශාව ගෙවී යන දිනය   =       2019.11.16

 බුධගෙන් පසු ලබන්නේ කේතු මහ දශාවයි එය වර්ෂ 7ක් පවතී.
                                                             2019.11.16
                                                                 07.00.00
                                                              --------------
    කේතු මහ දශාව ගෙවී යන දිනය  =     2026.11.16 

 කේතු මහ දශාවෙන් පසු ලබන්නේ සිකුරු මහා දශාවයි.එය අවු 20කි.
                                                                   2026.11.16
                                                                       20.00.00
                                                                  ------------- 
   සිකුරු මහ දශාව ගෙවී යන දිනය      =       2046.11.16    
  සිකුරු මහ දශාව ගෙවීමෙන් පසු රවි මහ දශාව ලබයි.එය අවු6කි.
  මේ ආකාරයට ඉදිරි දශාවන්ට අදාල කාල සීමා එකතු කිරීමෙන් මහ දශාවන් ගෙවී යන දිනයන් සොය ගත හැකිය.

  අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රයන්ට බෙදුනු අනුපාතයටම එක් එක් මහ දශා කාල සීමාවන්ද තවත් අතුරු දශා කාල වලට බෙදී යයි.එක් එක් මහදශා කාල සීමාව තුල අතුරු දශාවන් ගෙවී යන ආකරය පහත වගුවෙන් දැක්වේ.      
     එම වගුව අනුව එක්එක් මහ දශා කාලය තුල අතුරු දශාවන් ගෙවී යන අයුරු තමන්ටම බලා ගත හැකිය.

                         

                                                   -----  මතු සම්බන්ධයි.   -----

Friday, December 16, 2011

වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම)

 යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු.



 වෙශි යෝගය
    යෙදෙන ආකාරය
              සදු ,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු(හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙවැන්නේ වීම


    විපාක
       වෙශි යෝගය සුභඵල දෙන යෝගයක් ලෙස සදහන්ව ඇතත් නියම සුභඵල දීමට රවිගෙන් දෙකේ සිටින ග්‍රහයා සුභ ග්‍රහයකු වී බලවත්ව සිටිය යුතුය.සුභ ග්‍රහයකු වීම හොදයි.යහපත් ගති පැවතුම්ය.වාසනාවන්තය.ගුණවත්ය ප්‍රසිද්ධය,අභිමානවත්ය.පාපී ග්‍රහයකු (ශනි,කුජ) වන විට දුෂ්ඨ ගතිවේ.පාප මිත්‍ර සේවණයට යොමුවේ.


 රවිගෙන් දෙවැනනේ සුභ ග්‍රහයකු යෙදී සුභඵල වෙශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * හිටපු ඇමෙරිකා ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1809.02.12 කුම්භ ලග්නය) රවිගෙන් දෙවැන්නේ ගුරු සිකුරු ග්‍රහයන් දෙදෙනාම පිහිටා ඇත.
    * හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරු.රවිගෙන් දෙකේ ගුරු පිහිටීම
    * ෆ්ලෝරන්ස් නයිටින්ගේල්(රවිගෙන් දෙකේ සිකුරු)
    * රෝහණ විජේවීර (1943.7.14 වෘශ්චික ලග්නය)රවිගෙන් දෙකේ ගුරු


 රවිගෙන් දෙකේ පාපී ග්‍රහයන් ඉදිමින් බලයෙන් අඩු වෙශි යෝගය පිහිටි ප්‍රසිද්ධා පුද්ගලයන් කිහිප දෙනෙක්.
    * චාල්ස් කුමරු (රවිගෙන් දෙකේ කුජ)
    * එහ්.ආර් ජෝතිපාල (1936.2.12 කන්‍යා ලග්නය රවිගෙන් දෙකේ ශනි,කුජ ග්‍රහයන් දෙදෙනාම සිටී.
    * ගීතා කුමරසිංහ (1955.07.05 කටක ලග්නය) රවිගෙන් දෙදෙක් කුජ නීචව ඇත.උච්ච ගුරුද රවිගෙන් දෙකේ නිසා අසුභ හා සුභ වෙෂි යෝග දෙකම පිහිටා ඇත.


  වොශි යෝගය
      යෙදෙන ආකාරය
              සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු රවිගෙන් දොලොස්වැන්නේ යෙදීමයි.
     
      විපාක
            වෙශි යෝගය මෙන්ම වොෂි යෝගයද වඩාත් සුභඵල දෙන්නේ රවිගෙන් දොලහේ පිහිටි ග්‍රහයා සුභ ග්‍රහයකු වනවිටය.සුභ ග්‍රහයකුගෙන් යෙදී ඇති විට නිදහස් මතධාරී ප්‍රීතිමත් අයෙකි.පාලකයන්ට ප්‍රියවේ.කුජ ශනි වැනි පාපී ග්‍රහයකුගෙන් යෙදී ඇති විටඑතරම් සුභ නැත.පටු අදහස්ය.චිත්ත සන්තුෂ්ටියට බාධා තමන් විසින්ම ඇති කර ගනී.

  සුභ ග්‍රහයකු රවිගෙන් දොලොස් වැන්නේ යෙදී සුභ වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්
    * ඇල්බට් අයින්ස්ටයින් (1879.3.14 මිථුන ලග්නය) රවිගෙන් 12 ගුරු
    * බ්‍රිට්නි ස්පියර්ස් (1981.12.21 ධනු ලග්නය) රවිගෙන් 12 ගුරු
    *දෙවන එළිසබෙත් රැජින(1926.4.21 වෘෂභ ලග්නය) රවිගෙන් 12 බුධ
    * ඩයනා කුමරිය (1961.7.1 කටක ලග්නය)රවිගෙන් 12 සිකුරු
    * විලියම් කුමරු (1982.6.21 කටක ලග්නය) රවිගෙන් 12 වැන්නේ බුධ සිකුරු
  
  රවිගෙන් 12 වැන්නේ පාපියකු යෙදී බල අඩු වොශි යෝගය පිහිටා ඇති ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්
     * එඩී ජයමාන්න(1915.2.15 තුලා ලග්නය )රවිගෙන් 12 කුජ
     * පකිස්ථානයේ හිටපු අගමැති සුල්ෆිකාර් අලිභූට්ටෝ (මිථුන  ලග්නය) රවිගෙන් 12 කුජ ශනි
     * මාඕ සේතුං (1893.12.26 මකර ලග්නය) රවිගෙන් 12 වැන්නේ කුජ
  උභයචාරී යෝගය
        යෙදෙන ආකරය
                සදු රාහු කේතු හැර වෙනත් ග්‍රහයන් දෙදෙනෙකු (හෝ කීප දෙනෙකු) රවිගෙන් දෙපස රාශිවල තැන්පත් වීමයි.දෙපස සිටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව උභයචාරී යෝගය තුන් ආකරයකට බෙදේ
       1) සුභ උභයචාරී යෝගය - රවිගෙන්  දෙපස සුභ ග්‍රහයන් පමනක් සිටීම
       2) මිශ්‍ර උභයචාරී යෝගය - රවිගෙන් දෙපස සුභ හා පාපී ග්‍රහයන් සිටීම
       3) අසුභ උභයචාරී යෝගය - රවිගෙන් දෙපස ශනි කුජ වැනි පාප ග්‍රහයන් පමනක් සිටීම.

    විපාක
        1) සුභ උභයචාරී යෝගය 

             මනා අංගෝපාංගයන් සහිතවේ.සෑම දෙනාම ප්‍රිය කරයි. ධනය හා ප්‍රසිද්ධිය ඇත්තෙක්වේ.අන්‍යයන් ප්‍රය කරයි.
        2) මිශ්‍ර උභයචාරී යෝගය
                 දියුණුව කලින් කලට වෙනස්වේ.ධනය ඇතත් යම්යම් කාලවලදී ධන හීනතා ඇතිවේ.එක් කාලයකදී ලාභ ප්‍රශංසා මෙන්ම තවත් කාලයකදී නින්දා පාඩු විදීමට සිදුවේ.
        3) අසුභ උභයචාරී යෝගය
                  නපුරුය.දුර්ගුණ ඇත.රෝගපීඩා ආදියෙන් කලින් කලට පීඩා ඇතිවේ.
     
උදාහරණ
       1) සුභ උභයචාරී යෝගය
                * ජවහර්ලාල් නේරු(රවිගෙන් 12 සිකුරු බුධ හා රවිගෙන් දෙකේ ගුරු)
                * ෆ්ලෝරන්ස් නයිටින්ගේල් (කන්‍යා ලග්නය රවිගෙන් 12 බුධ හා රවිගෙන් 2 සිකුරු.සදුද රවි සමඟ නිසා ධුරාධුර යෝගයද ඇත.

       2) මිශ්‍ර උභයචාරී යෝගය
                * චාල්ස් කුමරු(රවිගෙන් 12 සිකුරු හා රවිගෙන් දෙකේ කුජ)
                 * සදාම් හුසේන් (1937.4.28 වෘෂභ ලග්නය (රවිගෙන් දෙකේ බුධ හා රවිගෙන් 12 ශනි)
                * ජේ ආර් ජයවර්ධන (1906.9.17 කන්‍යා ලග්නය රවිගෙන් 2 සිකුරු හා රවිගෙන් 12 කුජ හා බුධ)

       3) අසුභ උභයචාරී යෝගය

               
   

   

Wednesday, December 14, 2011

මේ කවුද මොනවද කරන්නේ.....

  මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස වැඩි ප්‍රමානයක් "ගම්උදාව" යටතේ ඉදිකළ නිවාස විය.මගේ පාසැල් මිතුරකුගේ පවුලටත් එලෙස නිවසක් හිමි විය.දිනක් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ එම මිතුරාගේ නිවසට ගිය විට එහි තිබූ අරුම පුදුම වෙනසක් දැක ඒ පිළිබදව ඔහුගෙන් විමසීය.එම නිවසේ බිත්තියේ සවි කර තිබූ බුදු පිළිමයට ඉහළ මට්ටමින් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායා රුවක් එල්ලා තිබුනි.හය වසරේ පමණ සිටි කුඩා දරුවන් වුවත් බුදු පිළිමයට ඉහළින් ප්‍රේමදාස රුව එල්ලා තිබීම අපගේද පිළිකුලට ලක් විය.ඒ පිළදබදව මිතුරාගෙන් විමසූ විට
 "ඕක අපේ තාත්තගේ වැඩක්.අම්මලා ආච්චිලානම් ඔය වැඩේට කැමති නෑ ඒත් එයා කියන්නේ ගෙවල් නැතිව හිටපු අපිට ප්‍රේමදාස මහත්තයා බුදු හාමුදුරුවන්ටත් වඩා වටිනවා කියලා.ඔය පොටෝ එක එල්ලපු ගැන තේරුම් කරලා දෙන්න ගියොත් එයා බීලා ඇවිල්ල අපිට ගහයි."

-------------------------------------------------------------------------------------------------------------
  දිනය   - 1993 මැයි 1 වෙනි සෙනසුරාදා
 වේලාව -  දවල් 1 ට පමණ

  ගම ඇඹිලිපිටියෙ වූ මගේ වයසේ ඉතා ඇට්ටර කොල්ලෙකු හදිසියේ අප වෙත දුව ආවේය

 "හුරේ...අපිට දවස් ගානක් නිවාඩුයි.මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මැයි පෙළපාලියකට යන්න ගිහින් ප්‍රේමදාසට බෝම්බ ගහලා මරලා"
  "අනේ පලයන් යන්න බොරු කියන්නේ නැතිව"
 "බොරු නෙවෙයි  අන්න ටී.වී එකෙත් කියනවා වරෙල්ල යන්න බලන්න"
 අපි සැවොම ටී.වී එක ඇති තැනට දිව්වෙමු.අපි යනවිටත් විශාල පිරිසක් ටී.වී එක ලගට වී විස්තර බලමින් සිටී.
   "අයියෝ මේ මනුස්සයා මේ පෙළපාළිය අස්සේ මොකට ගියාද?" ඒ ගුරුවරයෙකුගේ හඩකි.
   " මෙයා මැරුණු එකමයි හොද.අපේ පැතිවල මිනිස්සු දැන් රතිඥඤ පත්තු කර කර කිරිබත් කනවා ඇති" ඒ ඇඹිලිපිටිය පැත්තේම කොල්ලෙකු කී දෙයකි.
  "කට වහගන්නවා වැඩිහිටියකුට ගෞරව කරන්න තමුසෙලට තේරෙන්නේ නැද්ද?ලග පාතක හිටියනම් මම තමුසෙගේ කන පලනවා."  කොල්ලා කී දෙය ඇසුනු ඈතින් සිටි වැඩිහිටි ගුරුතුමෙක් කොල්ලාට සැර කලේය.

------------------------------------------------------------------------------------------------------------------------------

 ඉහත දැක්වූයේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා පිළිබදව දෙආකරයකින් ඇසූ දුටු සිද්ධි දෙකකි.(දෙවන සිද්ධිය අගනුවර ප්‍රසිද්ධ පාසැලක ශිෂ්‍ය නේවාසිකාගාරය තුල සිදු වූවකි.)පිරිසක් ඔහුව බුදු හාමුදුරුවන්ටත් ඉහළින් ගරු සරු කරන විට තවත් පිරිසකට ඔහුගේ මරණයද සතුටක් විය.ඉහත දැක්වූ විස්තරය මා ඉදිරිපත් කළ ආකරය ඇතැම් විට ඔබගේ නොසතුටට හේතු විය හැකිය.නමුත් මා දැක්වූයේ ඉතා සත්‍ය විස්තරයක්මය.ප්‍රේමදාස මහතාව බුදුන්ට ඉහළින් සැළකීමත් ඔහුගේ මරණයට සතුටු වීමත් දෙකම මෝඩ දීන ක්‍රියා ලෙස මගේ සැලකීමයි.
      ක්‍රි.ව. 1924 ජුනි 23 දා පාන්දර 3.27 ට පමන කොළඹදී උපන් ප්‍රේමදාස මහතාගේ දෙමාපියන් හා පවුලේ විස්තර පිළිබදව වැඩි සදහනක් නැත.ඔහු පිළිබදව ලේඛන සටහන් ආරම්භ වන්නේද ඔහු ඒ.ඊ.ගුණසිංහ මහතාගේ කම්කරු පක්‍ෂ සාමාජිකයකු වීම සමඟය.ඉන්පසු 1950 දී එක්සත් ජාතික පක්‍ෂයට බැදෙන ඔහු මැද කොළඹ ආසනයෙන් දේශපාලන ගමන් මඟ අරඹයි.ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ මුල් අවධිය සැඟවී පැවතීමට හේතුව ලෙස බොහෝ දෙනා දක්වන්නේ ඔහු කුල හීනයකු වීම බවයි.කොළඹ කෙසෙල් වත්ත ප්‍රදේශයේ අධික ලෙස පැවති සුරාසුල් වලට විරෝධය පෑම නිසා ඔහු ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වී ඇති අතර දේශපාලනයට පැමිණීමද තැබෑරුම් වැසීමේ ජන්ද පොරොන්දුවක් සමඟ සිදුවී ඇත.(සුචරිත ව්‍යාපාරයේ නිර්මාතෘ ප්‍රේමදාස මහතා කිසිදිනෙක මත්පැන් පානය කොට ඇති බවට තොරතුරු නැති නමුත් තැබෑරුම් වැසීමට ජන්දය ඉල්ලූ ඔහු පසු කලෙක තම හිතවතුන්ට තැබෑරුම් ඇරීමට අවසර දී තිබීම හාස්‍යයට කරුණකි.)
  ප්‍රේමදාස මහතාගේ දිවියේ වැදගත් සංධිස්ථාන
 *  1950 දී එක්සත් ජාතික පක්‍ෂයට එකතු වීම.
 *  1967 දී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා වීම හා "ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව" පිහිටුවීම
 * 1978 දී ජේ.ආර් ජයවර්ධන රජයේ අගමැති වරයා වීම
 * 1989 ජනවාරි 2 වැනි දින නිදහස් ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වීම
 * 1993 මැයි 1 දින එල්ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීම.

  ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රය දෙස නැවත යොමු වෙමු.

1924 ජුනි 23 පාන්දර 3.27 ට ප්‍රේමදාස මහතා ඉපදී ඇත්තේ මේෂ වෘෂභ ලග්න මායිමකදීය.(දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙකු ලග්න මායිම් අවස්ථාවල ඉපදී ඇත.) බොහෝ ජ්‍යොතිෂ මෘදුකාංග වල මේ වේලාවට වෘෂභ ලග්නය යෙදුනත් පුරුෂ උපතකට වෘෂභ ලග්නයේ මුල් ස්ත්‍රී නවාංශකය නොගැනීමේ පැරණි සිද්ධාන්තය අනුව සලකා ප්‍රේමදාස මහතා මේෂ ලග්නයේ ධනු නවාංශකයෙන් ඉපදී ඇති බව සලකා ඇත.



               පුවපුටුප නැකත දෙවන පාදය
  ගුරු මහ දශා ශේෂය වර්ෂ 11 මාස 09 දින 18යි

ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇති බලවත් ග්‍රහ යෝග
    * හත් වැන්නේ ශනි උච්ච යෙදී ඇති බලවත් "සස" නම් පංච මහා පුරුෂ යෝගය
    * රවිගෙන් 12 වැන්නේ බුධ පිහිටමෙන් "වොෂි" යෝගය
    * සදු හා කුජ 11 වැන්නේ යෝගවී "චන්ද්‍ර මංගල " යෝගය
    * සදු හා ගුරු කේන්ද්‍රගත වීමෙන් යෙදන "ගජ කේෂරී" යෝගය
    * සියළුම ග්‍රහයන් (රාහු කේතු හැර) රාශි 5ක තැන්පත් වී යෙදෙන "පාශ" යෝගය
    * සදුගෙන් 10 වැන්නේ ගුරු පිහිටීමෙන් යෙදෙන "අමලා" යෝගය
    * රවි,සදු,කුජ එකිනෙකා ත්‍රිකෝණගත වීමෙන් යෙදන "ත්‍රිලෝචන" යෝගය
    * මීට අමතරව රාජ යෝග දෙකක් රාජ සම්බන්ධ යෝග  2ක් විපරිත රාජ යෝග දෙකක් යෝගදා හා මහා යෝගදා යෝග දෙක බැගින් ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ පිහිටා ඇත.           


 ප්‍රේමදාස මහතාගේ යෝග කාරක ගුරු ග්‍රහයා උපතේදී අටවැන්නේ සිටීමත් එම ගුරු මහ දශාව වයස අවු 12 පමණ වන තුරු තිබීම මහු කුඩා කාලයේ තරමක් දුක් පීඩා විදි අයකු බව පෙන්නුම් කරයි.නමුත් මෙම ගුරු ග්‍රහයාම ජීවිතයේ අඩිතාලම නැංවීමට උපකාරී වී ඇත.රාහු පස් වැන්නේ තැන්පත් වීම හා වයස අවු 12 පමණ සිට ඉදිරියට වසර හත හමාරක් ශනි මහ දශාව සමඟ ශනිගේ ලග්න ඒරාශ්ඨක අපලය ලැබීම ඔහුගේ අධ්‍යාපනයටත් සෞඛ්‍ය තත්ත්වයටත් අයහපත් අයුරින් බලපා ඇත.නමුත් වයස අවු 20 දී පමණ ශනි ඒරාශ්ඨකය ගෙවීමත් සමඟ උපතේදී උච්චව සස යෝග බලයෙන් සිටින සෙනසුරුගේ බලය ඉස්මතුවී ඇත.ප්‍රේමදාස මහතාගේ හිරිමල් විය ගැන විස්ත දන්නා අය පවසන ආකාරයට ඔහු වටා හොද තරුණ සේනා බලයක් තිබූ බවයි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ තරුණයන් ඉන් මුදවාගෙන සමාජ සේවා කටයුතු වලට යොමු කරවීමේ අමුතු බලයක් ප්‍රේමදාස තරුණයා සතු විය.දෙමාපියන්ද මෙනදසාම ප්‍රේමදාසව ප්‍රිය කලේය.කෙසෙල්වත්ත ප්‍රදේශයේ සුරාසැල් වලට තරුණයන් ඇබ්බැහි වීම වැලැක්වීමට කටයුතු කිරීම නිසා සුරාසැල් හිමියන්ට  ප්‍රේමදාසව සතුරකු මෙන් විය.කෙසේ හෝ පංච මහා පුරුෂ යෝගවලින් සේනාබලය හොදින් ලබාදෙන "සස" යෝගයේ බලය ශනි මහ දශව සමඟම ප්‍රේමදාසට හොදින් ඵල දුන්නේය.
      ප්‍රේමදාස මහතා දේශපාලනයට පිවිසීමද ශනි මහ දශාවේදීම සිදුවී ඇත.එක්සත් ජාතික පක්‍ෂයට ඔහු බැදෙන විට වයස අවු 26කි.ඔහුගේ ආරම්භක ඡන්ද පොරොන්දුව වූයේ කෙසෙල්වත්ත ප්‍රදේශයට පිළලයක් බදු සුරාසැල් අඩු කොට තරුණ පරපුර මත් රකුසාගෙන් ආරක්‍ෂා කිරීමයි.ඒ කාලයේ හැටියට එය අමුතු මෙන්ම වටිනා ඡන්ද පොරොන්දුවක් විය.එසේ අඩිතාලම වැටුණු ඔහුගේ දේශපාලන ගමන ක්‍රමයෙන් පුළුල් වන්නට විය.
  ප්‍රේමදාස මහතාගේ වික්‍රමස්ථානාධිපති මෙන්ම හය අධිපතියා වූ බුධ ග්‍රහයාගේ මහ දශාව වයස අවු 31 -47 අතර විය.උපතේදී බුධ ග්‍රහයා සිකුරු සමඟ බලවත් පරිවර්තනයකින් දෙවැන්නේ සිටී.එමෙන්ම මෙම බුධ මහ දශාවේ වැඩි කාලයක් ශනි ඒරාශ්ඨක අපල නැති කාලයක් විය.විවාහයද මෙම බුධ මහ දශාවේදී සිදුවී ඇත.හත්වැන්නේ සස යෝගය ඇත්තවුන් විවාහයෙන් පසු තත්ත්වයෙන් බලයෙන් වර්ධනය වන බව පැවසෙන ජ්‍යොතිෂ සිද්ධාන්තය පසක් කරමින් විවාහයත් සමඟ ප්‍රේමදාස මහතා තවත් බලවත් විය.1967 වසරේදී ඩඩ්ලි සේනානයක ආණ්ඩුවේ ප්‍රවෘත්ති ඇමතිවරයා බවට පත්විය.
                                  ප්‍රේමදාස මහතාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී බලපෑම් රාශියක් සිදුවූයේ 1978 -1993 අතර කාලසීමාවේදීය.උපතේදී ඉතා තීරණාත්මක පිහිටීමක සිටි සිකුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වන විටම 1978 දී ඔහු ජේ.ආර්. ජයවර්ධන රජයේ අගමැති වරයා බවට පත්විය.1989 දී දෙවන විධායක ජනාධිපතිවරයා බවට පත්වන විට  සිකුරු මහ දශාවේ රාහු අතුරු දශාව ගතකරමින් ඇත.නමුත් ජනපතිවීමත් සමඟ එතෙක් සාමකාමී සැහැල්ලු දිවියක් ගතකල ඔහුට මහා අවුල් ජාලාවකට මුහුණ දීමට සිදුවිය.සිකුරු ග්‍රහයා උපතේදී වික්‍රමස්ථානයේ වුවත් හය අධිපති බුධගේ රාශියක තැන්පත් වීම හා සිකුරු සතුරුස්ථානාධිපති බුධ සමඟ පරිවර්තනය වී තිබීම සිකුරු මහ දශාව තුලදීම ජීවිත හානිය සිදුවීමට තරම් බලපා ඇත.
    ප්‍රේමදාස මහතා පිළිබද අසා ඇති තෙරතුරු අනුව ඔහු ඉතා කඩිසර හා නිරෝගී පුද්ගලයකු විය.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම සහ 10 ,11 අධිපති ශනි හත්වැන්නේ උච්ච හා දිග්බලයෙන් සිටීම දුප්පත් පීඩිත මිනිසුන් නිසා හා බස්නාහිර දිශාවෙන් වාසනාව ප්‍රසිද්ධිය ලබාදුනි.දුප්පත් මිනිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල රාජ්‍ය නායකයින්ගේ ලේඛනයක් සකස් කල විට එහි ඉදිරියෙන්ම සටහන් වන්නේ ප්‍රේමදාස මහතාගේ නාමයයි.ලග්නාධිපති අඟහරු හයවැන්න දැකීම ඔහු සතුවූ තවත් විශේෂ ලක්‍ෂණයක් පිළිඹිබු කරයි.පීඩිත මිනිසුන් වෙනුවෙන් සානුකම්පාවක් තිබූ ඔහු විප්ලවවාදීන් හා සමාජවාදීන් බැහැර කලේය. මෙවැනි පුද්ගලයන් මෙන්ම තමාට විරුද්ධ වන අය මර්දනය කිරීමේදී ප්‍රේමදාස මහතා ඉතා අමානුෂික හා රළු පිළිවෙත් අනුගමනය කල බව රහසක් නෙවීය.ඔහු සෑම විටෙම ප්‍රදර්ශනය කලේ ලංකාව වැනි රටකට සමාජවාදී ක්‍රමයකින් දියුණු විය නොහැකි බවය.තමාගේ පාලන කාලය තුල දැඩි මාධ්‍ය මර්ධන පිළිවෙතක් අනුගමනය කල ප්‍රේමදාස මහතාගේ එම ක්‍රියා එදා පාසැල් සිසුන්ව සිටි අපද බැහැර කල නමුත් අද කාලයේ ඇතැම් මාධ්‍ය ක්‍රියා කරන ආකාරය දුටු විට ප්‍රේමදාස ක්‍රමය එදාට වඩා අදට ගැලපෙන්නාසේ පෙනේ.(ආණ්ඩුවේ මාධ්‍ය නම් එදාත් අදත් එක හා සමානය.)
  තමා මුහුණ දුන් බරපතළ ප්‍රශ්ණ හමුවේ වුවද තමාගේ පාලන කාලය තුලදී රටේ සංවර්ධන කටයුතු හොදින් පවත්වා ගෙන යාමට ප්‍රේමදාස මහතා සමත් විය.එදා සිටි දැඩි ප්‍රේමදාස විරෝධීන් පවා අද පවසන්නේ "ප්‍රේමදාස උන්නැහේ තව අවුරුද්දක් ජීවත් වුනානම් අපි කෝච්චියෙන් කතරගම යනවා" වැනි වදන්ය.
  පේමදාස මහතාට ඉතා තදින් සතුරු කරදර එල්ල වූ අවස්ථාවක් ලෙස "දෝෂාභියෝගය" එල්ල වූ අවස්ථාව නම් කල හැකිය.මෙම අවස්ථාවේදී ඔහු ගතකලේ සිකුරු මහ දශාවයි.මේ වන විට ශනි ගෝචර ගමනින් එතුමාගේ උපතේදී සදු පිහිටි රාශිය වූ කුම්භ රාශියට ලඟා වෙමින් තිබුනි.දෝෂාභියෝගයෙන් ජයගත්තත් ඔහුට රහස් කුමන්ත්‍රණ විරුද්ධකම් වලට නින්දා අපහාස වලට ලක් වීමට සිදු විය. චන්ද්‍ර ඒර්ශ්ඨකයකදී පුද්ගලයකු විදින මානසික පීඩාව කෙබදුද යන්න මෙහි උච්චතම අවස්ථාවකදී ඔහු විසින් කිරුළුපන රැලියකදී පැවසූ "මා ඝාතනය කරන්න.ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා." යන ප්‍රකාශයෙන් පැහැදිළිවේ.1993 මාර්තු 5 වැනි දින ශනි කුම්භ රාශියට(ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයේ සදු සිටින රාශිය) සංක්‍රමණය වෙමින් චන්ද්‍ර ඒරාශ්ඨක අපලයේ වැඩිම පීඩනය දියත් කළේය.හරියටම එම ශනි මාරුවෙන් මාසයකුත් දින 26 කට පසු එනම් 1993 මැයි 1 දින මැයි පෙළපාලියකට සහභාගී වෙමින් සිටියදී ඔහුව ඝාතනය වූයේ නොසිතූ අයුරිනි.
    ප්‍රේමදාස මහතා මෙරට පාලනය කල බොහෝ ජන නායකයන් මෙන් ජ්‍යොතිෂය ආදී පාරම්පරික ශාස්ත්‍ර ක්‍රම පිළිබදව විශ්වාසයක් තබා සිටි අයකු විය.එදා මාධ්‍ය වල තිබූ ඉතා තදින් දේශපාලඥයන්ගේ චරිත ඝාතනය කිරීමේ පිළිකුල් ස්වභාවය නිසා ඔහුගේ ජ්‍යොතිෂ හා ආගමික පිළිපැදීම් උවමනාවට වඩා හාස්‍යයට උපහාසයට ලක් කොට තිබීමක් දැකිය හැකි විය.එවැනි අවස්ථා කීපයක් පහත සැකෙවින් දැක්වේ.
   * වරක් ප්‍රේමදාස මහතා කතරගම දේවාලයට ගිය අවස්ථාවක "කතරගම දෙවියන්ගේ රුව සලකුණු කරන ලද තිරයට එහා පසින් ඇත්තේ කුමක්ද යන්න (කතරගම දෙවි රූපයක්ද පිළිමයක්ද හෝ වෙනත් යමක්ද යන්න)දැක බලා ගැනීමේ බලවත් ආශාවක් පහළ වී ඇත.තමාට එම තිරය පිටුපස ඇත්තේ කුමක්ද යන්න පෙන්වන ලෙස ප්‍රථාන කපු මහතාගෙන් අවසර ඉල්ලීය.කපු මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ප්‍රේමදාස මහතා තදින් කෝපාවිශ්ඨ වූ බවට මාධ්‍ය වාර්තා පලවී තිබුණි.
   * ප්‍රේමදාස මහතාගේ අවසන් කාල සීමාවේදී ඔහු තමාගේ ශනි ඒරාශ්ඨක අපල මිදීමට කල්ලු මලයාල ශාස්ත්‍ර ක්‍රම භාවිතා කල බවත් එවැනි මලයාලම් ගුරු උපදේශයක් අනුව කන්‍යාවියන් සත් දෙනෙකු ලවා කිරිකළ හතක් නෑම සිදු කිරීම(එක් මාධ්‍ය පුවත්පතක් මෙය වාර්තා කොට තිබුනේ අදාළ කිරිකළ නෑම කිරීම සිදුකලේ හෙළුවැල්ලෙන් හිදිමින් යනුවෙනි.)
   
  මාධ්‍ය වාර්තාවල මෙලෙස සදහන් වුවත් ඔහු ජ්‍යොතිෂය පිළිපැදීමේදී මෙවැනි ක්‍රියා මෙලෙසම සිදුකලායැයි ඉතා නිවැරදි තොරතුරු නැත.එවැනි තොරතුරු කටකතාවන් ස්වරූපයෙන් ඇත.(කටකතා වැනි එවැනි තොරතුරු කිහිපයක් ලිපියට එක්කිරීම ගැන පාඨකයන්ගෙන් සමාව අයදිමි.)
  ප්‍රේමදාස මහතා ස්වකීය ජීවන තොරතුරු විමසීමට ඉන්දියාවට ගොස් "නාඩි වාක්‍ය" ඇසූ බවට සත්‍ය තොරතුරු ඇත.ඒ බව ඔහු විසින්ම සදහන් කොට ඇත.නාඩි වාක්‍ය අසන තැනට සාමන්‍ය පුද්ගලයකු ලෙස තමා ගිය බවත් එහි සිටි ඉන්දියානුවන් කිසිවෙකුට තමාව හදුනා ගත නොහැකි වූ බවත් නාඩි තල්පත කියවීමේදී තමාගේ නම කතා කලේ "ප්‍රේමදාස්" ලෙස බවත් ඔහු විස්තර කර තිබුණි.ඔහුම පවසන ආකාරයට නාඩි වාක්‍යයෙන් කියවුනු ජීවන තොරතුරු සත්‍ය වී ඇත.නමුත් තමාගේ  විවාහය ,මරණය සිදුවන ආකාරය හෝ ආයුෂ පිළිබදව නාඩි වාක්‍යයෙන් පැහැදිලි කිරීමක් නොවුනු බව ඔහු පවසා තිබුනි.

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9

                  
කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප 
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
  *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට

 " කාලය පරම සත්‍යයකි.එය වෙනත් කිසිවක් සමඟ සම්බන්ධව නොපවතී.එහි පැවැත්මට වෙනත් කිසිවක ආධාරයක් උවමනා නොවේ.අවකාශයද මෙවැනිම ආකරයකි.පරම අවකාශය එහිම ස්වභාවයෙන්ම මිස වෙනත් කිසිදු බාහිරත්වයක් සමඟ සම්බන්ධ නොවේ.අවකාශය සෑම විටම ඒකාකාරව හා නිශ්චලව පවතී."

    නිව්ටන් විසදන් ඉදිරිපත් කල "ගුරුත්වාකර්ෂණය පිළදබද සාර්වත්‍ර නියමය" හා "චලිතය පිළිබද නියම" ඉදිරිපත් වී ඇත්තේ මෙම කාල අවකාශ නිරපේක්‍ෂ සංකල්පය ඇසුරෙනි.කාලය අවකාශය පිළිබද මෙම සංකල්පයෙන් බැහැර වන විට මෙම සාර්වත්‍ර නියම හා චලිත නියම බිද වැටේ.කාලය අවකාශය පිළදබද නිරපේක්‍ෂ මතය අනුව බලන විට
    1)  කාලය හා අවකාශය යනු මිනිසාගෙන් පරිභාහිරව පවත්නා දෙයකි.
    2) කාලය සම්පූර්ණයෙන් නිරපේක්‍ෂය.මිනිස් සිතුවිලි සංවේදන හෝ ක්‍රියාකාරකම් වලින් ස්වායක්තව මෙම කාලය දතීතයේ සිට අනාගතයට විහදේ.(ගලායන ගඟක්  ඉදිරියට ගමන් කරන ඊතලයක් මෙන්) වස්තූන්ගේ චලනය සිදුවන්නේ මෙම නිරපේක්‍ෂ කාලය තුළය.
    3) කාලය මෙන්ම අවකාශයද නිරපේක්‍ෂය.මෙම අවකාශය තුල වස්තූන්(ඝන,දුව,වායු) විසිරී ඇත.මෙම අවකාශයේ දිග පළළ නිශ්චිතය.නිරීක්‍ෂකයකු සිටියද නොසිටියද එය එම නිභ්චිත තත්ත්වයේම ඇත.
    4) වස්තූන්ගේ චලනයට හා වෙනස් වීමට බලපාන විවිධ හේතූන් ඇත.ඒවාද නිරපේක්‍ෂය.ඒ නිරපේක්‍ෂ සිද්ධාන්ත විද්‍යාවෙන් හා ගණිතයෙන් අවබෝධ කර ගත හැක.
    5)විශ්වයත් පරමානු ලෝකයත් යාන්ත්‍රික ක්‍රියාවලියක් හා බැදී ඇත.මෙම යාන්ත්‍රණයට අවශ්‍ය ආරම්භක චලනය ලබා දුන්නේ දෙවියන් වහන්සේ විසිනි.
   ලෙස නිව්ටන් අදහස් පල කලේය.
 නිව්ටෝනියානු යාන්ත්‍රිකයට පලමු ප්‍රහාරය එල්ල වූයේ මයිකල්සන් මෝලිගේ ඊතර් මාධ්‍ය පර්යේෂණයත් සමඟය.මාධ්‍යයක් තුලදී වස්තුවක චලිතය දිශානුරූපීව ඒකාකාරී නොවන බව මෙම පරීක්‍ෂණයත් සමඟ සාධක ලැබුනි.

 කාලය හා අවකාශය පිළිබද අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයෙන් දැක්වෙන සංකල්පය

  * සාපේක්‍ෂතාවාදය අනුව විශ්වයේ සියළු සංසිද්ධි නිරපේක්‍ෂ නොවේ.එනම් ස්වයං සංසිද්ධි කිසිවක් නැත.සියල්ල පැවතීම ක්‍රියාත්මක වීම අනොන්‍ය සාපේක්‍ෂතාව මත රදා පවතී.ඒ අනුව "දිග පලල ,වම දකුණ,රැ දවල්,ලොකු පොඩි ආදී වචන හා එම වචන වලින් විස්තර කෙරෙන තත්ත්වයන්ද සාපේක්‍ෂය.අවකාශය මෙන්ම කාලයද සාපේක්‍ෂය.කාලය හා අවකාශය ඒ ඒ නිරීක්‍ෂකයාට අනුව සාපේක්‍ෂවේ
  * අයින්ස්ටයින් මතය අනුව නිරපේක්‍ෂ ලෙස සැලකිය හැක්කේ  අවකාශ කාල පද්ධතියක් පමණි.නමුත් වස්තුවක සිට තවත් වස්තුවකට ඇති සබදතාව තවත් මානයක මත රදා පවතී.ඒ අනුව දිග,පළල,උස ත්‍රිමාණයට අමතරව කාලයද සම්බන්ධ වූ චතුර් මානයක් නිර්මාණයවේ.දිග පලල හා උස මගින් අවකාශය තීරණය වන විට කාලය විසින් එය පවත්නා අවස්ථාව නිරූපනයවේ.මෙම කාල අවකාශ සන්නතිය මගින් සියල්ල නියෝජනයවේ.


 කාලය හා අවකාශය පිළිබද ක්වොන්ටම් වාදයෙන් දැක්වෙන සංකල්පය.
     * ක්වොන්ටම් වාදය අනුව ශක්තිය "ක්වොන්ටීකරණය" වී ඇත.එනම් ශක්තිය පිටවන්නේ "කුට්ටි කුට්ටි" වශයෙනි.මෙම කොටස්(කුට්ටි) පෝටෝන් ලෙස හැදිනවේ.ඒ අනුව අවකාශය මෙම ක්වොන්ටම්කරණය වූ ශක්ති පුංජ වලින් පිරී ඇත.ඉලෙක්ට්‍රෝනයක කාලය සමඟ පිහිටීම ඛන්ඩාංක ගත කිරීම කළ නොහැකි පරිදි මෙම "ශක්ති පුංජ" කාලය තුල ක්‍රියාත්මක වන ආකාරය ඉන්ද්‍රිය ඝොචර අයුරින් විස්තර කළ නොහැකිය.මේ අනුව ක්වොන්ටම් විද්‍යාව තුල ස්ථාවර අවකාශ කාල සංකල්පයක් නැත.ඒ ඒ අවස්ථාවට හා නිරීක්‍ෂකයාට අනුව අවකාශ කාලය සාපේක්‍ෂව නිර්මානය වේ. උදාහරණයකට විකිරණ ශීලි ද්‍රව්‍යයකින් විකිරණ පිටවීම සලකන්න ඔබ මෙය නිරීක්‍ෂණය කිරීමට යාමද විකිරණ පිටවීමේ  සීඝ්‍රතාව ත්‍රීව්‍ර හෝ මන්දනය වීමට හේතු විය හැකිය.

Monday, December 12, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8

    කාලය සාපේක්‍ෂද එසේත් නැත්නම් නිරපේක්‍ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්‍ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්‍ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.කිසියම් මොහොතකදී ඈත අවකාශයේ සිදුවන තාරුකාවක පිපිරී විනාශ වීමක් සෞර ග්‍රහ මණ්ඩල දෙකක වූ ග්‍රහලෝක දෙකකට දර්ශනය වීම සිදුවීම අනුව කාලයේ නිරපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.මේ මොහොතේ (2011 දෙසැම්බර් 13 යැයි සිතන්න) සිදුවන තාරුකාවේ පිපිරීම ඊට ආලෝක වර්ෂ 10 ක් ඈතින් ඇති ග්‍රහ ලොවකට පෙනෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මසදීය.නමුත් පිපිරුම වූ තැනට ආලෝක වර්ෂ 25ක් ඈතින් පිහිටි ග්‍රහ ලොවකට දර්ශනය වන්නේ 2036 වසරේ දෙසැම්බර් මස දිනකදීය.

     කාලය මැනීමට අප එදිනෙදා භාවිතා කරන කුඩාම ඒකකය වූ "තත්පරය" පිළිබද වූ සරල අර්ථ දැක්වීම් කීපයක් සලකා බලමු.
    * දිනක කාලය සදහා වෙන්වූ පැය 24 ක කාල සීමාවෙන් 3600 න් එක් කොටසක් තත්පරයකි.
       මෙම අර්ථ දැක්වීම සැලකූ විට ඒ හා බැදී ඇති දිනය හෙවත් පැය 24 කාලය කෙබදුද යන්නද වටහාගෙන තිබිය යුතුය.එයද සරලව ගත්විට පෘථිවිය තම අක්‍ෂ වටා පරිභ්‍රමණය වීමට ගතවන කාලය ලෙස මෙම "දිනය" හෙවත් පැය 24 කාලය තීරණය කල හැකිය.නමුත් එහිදීද ගැටළුවක් මතුවේ.එනම් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමණ කාලය සෑම විටම පැය 24 ක කාලයට සමාන නොවීමය.
    * ඔරලෝසු බට්ටාගේ මූලධර්මය සලකමින් "තත්පරය" සදහා අර්ථයක් ලබා ගැනීමටද උත්සාහ කරමු.

    සරල අවලම්භය 

              

පරිමන්දිත නොමැති බව සහ කුඩා විස්තාර උපකල්පනය කරමින් සරළ අවලම්භයක චලිතය විස්තර කරන අවකල්‍ය සමීකරණය

        මෙම සමීකරණයේ විසඳුම           

                          මගින් ලැබේ.    මෙහි  ටීටා 0යනු අවලම්භය දෝලනයවන විශාල ම කෝණයයි. ආවර්ත කාලය යනු පුර්ණ දෝලනයක් සිදුවීම සඳහා ගතවන කාලයයි. එය 2pi යන්න ඉහත කොසයින සමීකරණය තුළ වූ කාලය සමග ගුණ කරන කොටස 13func.png මගින් බෙදීමෙන් ලැබේ.        

         මෙම සරල අවලම්භ මූලධර්මය අනුව පෘථිවි ගුරුත්වය යටතේ දෝලනය වන දිග  මීටර 

g / 4Pi2                      

වූ තන්තුවකින් එල්ලා ඇති සරල අවලම්භයක දෝලන කාලය තත්පරයකි.

  මෙහි  g = ගුරුත්වජ නියතය        

 මෙම අර්ථදැක්වීම් සදහා යොදා ගෙන ඇති භොතික සංසිද්ධීන් සලකා බැලීමේදී ඒවායේ නැවත නැවත සිදුවීමක් හෙවත් චක්‍රීය බවක් ගැබ්වී ඇත.(පෘථිවියේ අක්‍ෂීය චලිතය ,සරල අවලම්භ චලිතය.) එමෙන්ම ඒසදහා අවකාශයේ බැදීමක්ද ඇත.    
  * මීලඟට අපි "තත්පරය" සදහා වූ අන්තර්ජාතික අර්ථ දැක්වීම සලකා බලමු.        
  "නිරපේක්‍ෂ උෂ්නත්වයේ හා භූම් අවස්ථාවේ පිහිටි සීසියම් 133 සමස්ථානිකයේ අධිසූක්ෂම ශක්ති මට්ටම් අතර සංක්‍රමණයට අනුරූප විකිරණයේ  හරියටම කම්පන 9192631770 කට ගත වන කාලයයි."               
         මෙම අර්ථ දැක්වීම සදහා යොදාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම වාගේ විවික්ත රාශී පද්ධතියකි.සීසියම් 133  අධි සූක්‍ෂම ශක්ති මට්ටම් හා හරියටම කම්පන වාර ගනන විවික්ත සංඛ්‍යා සමඟ බැදී ඇති අයුරින් මෙම අර්ථ දැක්වීම තෝරා ඇත.මෙමගින් අර්ථ දැක්වෙන තත්ත්පරයේ චක්‍රීය බවට වඩා රේඛීයබවක්දක්නටඇත. -----------------------------------------------------------------------------------------------------------------------------------      
 මා ඉතා කුඩා කාලයේ සිටම පියාගෙන් නිතර ඇසූ ප්‍රශ්නයක් විය.කලින් කලට ඇතිවූ බලවත් සැකය නිසා මෙය විටින් විට ඇසූ නමුත් ඒ සෑම විටම පියාගෙන් ලැබුනේ එකම ආකාරයේ පිළිතුරකි.       "තාත්තේ මේ දැන් ග්‍රහ පිහිටීමට සමාන ආකාරයට ග්‍රහ පිහිටීම් ඇතිවන අවස්ථාවක් ආයෙත් කවදාවත් එන්නේ නැද්ද?"        "නැහැ මේ වෙලාවෙ ග්‍රහ පිහිටීමට සමාන අවස්ථාවක් ආයේ කවදාවත් එන්නේ නැහැ.චුට්ටක් හරි වෙනසක් තියෙනවාමයි."      පසු කලෙක පාසැලේදී හා විශ්ව විද්‍යාලයේ ගනිත විද්‍යා දැනුම ලබන විට කුඩා කාලයේ සිට මගේ සිත පෙලූ මෙම නැවත පැමිනීමේ ගැටළුව වරින් වර සලකා බැලුවෙමි.ජ්‍යොතිෂයේදී ග්‍රහයාගේ පෘථිවියට ඇති දුර හා එහි ත්‍රිමාණ පිහිටීම වෙනුවට ග්‍රහයාගේ කෝණික විස්ථාපනය පමනක් සැලකීමේ සිද්ධාන්ත ක්‍රමය අනුව සලකා බලන විට මෙම සිතුවිල්ලේ යම් බුද්ධි ඝෝචර බවක් ඇත.පෘථිවිය වටා අහස් ගෝලය බෙදා ඇති අංශක 360 වෘත්තාකාර ආකෘතියේ කලා විකලා හා එහි සූක්‍ෂම අවස්ථා සැලකු විට ග්‍රහයා පිහිටි අංශකය සදහා අනන්ත පිහිටීම් සංඛ්‍යාවක් ලැබේ.නමුත් කලා විකලා වැනි සියුම් තත්ත්ව නොසලකා එක් අංශකයකය බැගින් සැලකූ විට ග්‍රහයා පිහිටිය හැක්කේ ස්ථාන 360 කය (අංශක 360 තුල) මෙය හරියට වෘථිවිය වටා අහස් ගෝලයේ පිහිටි පුටු 360 කින් සමන්විත වට මේසයක් වැනිය.දැනට ප්‍රධාන වශයෙන් සලකා බලන ග්‍රහයන් නව දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු) දෙනා වාඩි කරවිය හැකි ආකර ගනනේ විශාල සංඛ්‍යාවක් වුවත් ගිණිය හැකි ගනනකි.රවි බුධ ග්‍රහයන් දෙදෙනා අතර උපරිම පරතරය අංශක 30 ක් වීම නිසා ඔවුන් දෙදෙනා වාඩි විය යුත්තේ යාබද දෙපස පුටු 58 (29x2) ක් තුලය.එමෙන්ම රාහු කොීු ග්‍රහයන් අතර පරතරය සෑම විටම අංශක 180ක් නිසා ඔවුන් දෙදෙනා වාඩි විය යුත්තේ මුහුණට මුහුණලාය.මේ අනුව වාඩි වන ආකාර ගනන තවත් සීමිතවේ.කෙසේ හෝ වේවා මෙම වාඩි වීමේ ක්‍රම ගනන (360 P 9 )  (Definition: nPr(n,r) = n! / (n-r)! ,  n! = 1x2x3x...x(n-1)xn) අගයට වඩා අඩු අගයකි.
     මෙය ඉතා විශාල සංඛ්‍යාවක් වුවත් ගැනිය හැකිය.කලා හා විකලා ආදී ඉතා සූක්‍ෂම ස්ථාන සැලකූ විට ආකාර අනන්ත සංඛ්‍යාවක් ලැබේ.ඒ අනුව යම් මොහොතක සියුම් ග්‍රහ පිහිටීමට 100%ක් සමාන අවස්ථාවක් නැවත එලබීම ගැන සිතන්නටවත් බැරිය.සූර්යයාගේ ඉන්ධන අවසන්වී "රතු යෝධයකු" බවට පත්වීමට ගතවන කාලය ලෙස විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ තව වසර බිලියන 5ක් බවයි.ඒ අනුව සෞරග්‍රහ මණ්ඩලයේ ආයුෂ කාලය තුලදී එක් ග්‍රහ පිහිටීමකට 100% ක් සමාන අවස්ථාවක් නැවත එළබීමක් අනුමාන කල නොහැකිය.    පෘථිවිය වටා ග්‍රහ පිහිටීම සලකා බැලූ විට කාල අවකාශ භෞතික සිද්ධාන්තීය චකීය තත්ත්වයක් ඇතත් ප්‍රායෝගික  චක්‍රීය බවක් දක්නට නැත.නමුත් කාලය හෝ වෙනත් භෞතික රාශියක් චක්‍රීය වශයෙන් සලකා බැලෙන ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රම පූර්වාචාරීන් දක්වා ඇත්ද?ඒවා අදට වලංගු තාවක් තිබේද?මෙහි ඉදිරි "කාලය අවකාශය හා ජ්‍යොතිෂය" ලිපි ඒ හා බැදේ.
                                       මතු සම්බන්ධයි
----------------------------------------------------------------------------------------------------------------------------
  

      

Saturday, December 10, 2011

සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම)

 සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.


1) සුනඵා යෝගය
       යෙදන ආකාරය
                  රවි,රාහු,කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දෙවැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                බුද්ධිමත් ධනවත් අයකුය.තම මතය මූලික කොට කටයුතු කරයි.තමා විසින් උපයා ගත් දේපළය.පාලකයෙකු වැනි තත්ත්වයට පත්වේ.
    
          සදුගෙන් දෙවැන්න් යෙදන ග්‍රහයා අනුව ප්‍රතිඵල විවිධාකාරවේ.
         * සදුගෙන් දෙකේ කුජ නම් බලවත් එඩිතර අයෙකි.නපුරුය.කිපෙන සුළුය.බිය නොහදුනයි.ධනවත්ය.
          උදා - ගාමිණී ෆොන්සේකා(1936.03.21 ධනු ලග්නය)
                  මාග්‍රට් තැචර් (1925.10.13 තුලා ලග්නය
                  ජෝසප් ස්ටාලින් (1879 දෙසැම්බර් 21  තුලා ලග්නය)

         * සදුගෙන් දෙවැන්නේ බුධ නම් කළාකාමී,ධර්මධර නීතිධර අනුන් කථාවෙන් අවනත කරන බුද්ධිමතෙකි.
          උදා-  ගුණදාස කපුගේ
                  ඒබ්‍රහන් ලින්කන්(1809 පෙබරවාරි 12 කුම්භ ලග්නය)
                  කාල් මාක්ස් (1818 මැයි 5 කුම්භ ලග්නය)
                  වල්පොල රාහුල හදමි. (1907 මැයි 9 ධනු ලග්නය)
                  මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
  
        * සදුගෙන් දෙවැන්නේ ගුරුනම් සෑම අංශයකින්ම දැනුම ඇත්තෙකි.සමෘද්ධිමත්ය.ප්‍රධ්නියෙකි.කීර්තිධරයෙකි.
           උදා - සචින් තන්දුල්කාර්(1973.4.24 වෘෂභ ලග්නය) 
                    ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5  මේෂ ලග්නය )
                   ගාමිණී දිසානායක (1942 මාර්තු 20 තුලා ලග්නය)
                   ටී.බී ඉලංගරත්න (1913.02.27  මීන ලග්නය)
                   ඒ.ඊ. ගුණසිංහ (1891 මැයි 01  මිථුන ලග්නය)
                 
         * සදුගෙන් දෙවැන්නේ සිකුරු(ශුක්‍ර) සිටි විට වික්‍රමාන්විත ශූර වීර අයෙකි.ඉඩකඩම් හිමි ධනවතෙකි.
             උදා - ලාල් බහදූර් ශාස්ත්‍රී (1904.10.09 වෘෂභ ලග්නය)
                     මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් (1861.05.07 මීන ලග්නය)
                     ජීවන් කුමාරතුංග ( 1958.11.07 මිථුන ලග්නය)



         * සදුගෙන් දෙකේ ශනි සිටින විට සැමගෙන් ගරු බුහුමන් සැලකිලි ලබන්නෙකි.ධනවත්ය.බුද්ධාිමත්ය.
            උදා - වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා (1876.07.09 මිථුන ලග්නය)
                    ෂාරුක් ඛාන් (1965.11.02 වෘශ්චික ලග්නය)
                    ඩී.බී.ජයතිලක (1868.02.03 කන්‍යා ලග්නය)
                    ශ්‍රී ජවහර්ලාල් නේරු (1889.11.14  කටක ලග්නය)
                    විශාරද නන්දා මාලනී (  මීන ලග්නය )

  2) අනඵා යෝගය
         යෙදන ආකාරය
                     රවි,රාහු කේතු හැර වෙනත් ග්‍රහයකු සදුගෙන් දොලොස්වැන්නේ පිහිටීමයි.
         පොදු විපාක
                     මනා පෙනුම ඇත.කීර්තිමත්ය.ආචාරසම්පන්න ත්‍යාගශීලී ආත්ම ගරුත්වය ඇති අයෙකි.ඇදුම් පැලදඑම් විලාසිතා මෙන්ම ඉදුරන් පිනවීමේ කැමැත්ත සහිතය.නිරුත්සාහයෙන් හම්භ වන ධනය සහිතය.

  සදුගෙන් දෙදෙලාස්වැන්නේ වූ ග්‍රහයා අනුව මෙහිද විපාක විවිධාකාරවේ.

  * සදුගෙන් දොලහේ කුජ නම් අහංකාර රණකාමී අයෙකි.නිර්භීතය,කෝප ගනී.කැරලි නායකයෙකු වන්නට ඉඩ තිබේ.
        උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                 එඩී ජයමාන්න (1915.2.15 තුලා ලග්නය)
                 සනත් ජයසූරිය(1969.6.30 කුම්භ ලග්නය

  * සදුගෙන් දෙලහේ බුධ  නම් කලා,සාහිත්‍ය හැකියාවන් ඇත.කතාවෙහි දක්‍ෂවේ.උගත්ය.ප්‍රසිද්ධය, රාජ ගෞරව ලබයි.
         උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)

  * සදුගෙන් දෙලොස් වැන්නේ ගුරු නම් රාජ්‍ය ගෞරව ලබන බුද්ධිමත්ව උනන්දුවෙන් කටයුතු කරනඅවංක බව නිසා අනුන්ගෙන් ගෞරව ලබන ධනවත් අයෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ(1913.6.21 කන්‍යා ලග්නය)
                  ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
                  මා ඕ සේ තුං (1893.12.26 මකර ලග්නය)

  * සදුගෙන් දොලහේ සිකුරු නම් තරුණ ලදුන්ගේ සිත් ගන්නෙකි.පභු සම්පත් හිමියෙකි.
          උදා-   කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
                   ඉන්දිරා ගාන්ධි(1917.11.19 කටක ලග්නය)
                  

   * සදුගෙන් දොලොස් වැන්නේ ශනි නම් පිනට ලැදි නායකයෙකි.වචනයට බොහෝ දෙනා ප්‍රිය කරයි.අයහපත් ස්ත්‍රියකට සම්බන්ධ විය හැකි බව කියයි.
      උදා - සූර සරදියෙල් (1835.11.21 මේෂ ලග්නය)
              කමල් අද්දරආරච්චි (1962.02.5 තුලා ලග්නය)
              බෙනාසීර් බූතෝ (1953.6.21 ධනු ලග්නය)
              ඩයනා කුමරිය (1961.7.1 වෘශ්චික ලග්නය)
             


  (ඉහත අනඵා යෝගයේ සදුගෙන් 12 වැන්නේ ග්‍රහ පිහිටීම් සියල්ලටම උදාහරණයක් ලෙස කමල් අද්දරආරච්චි දක්වා ඇත්තේ ඔහුගේ කේන්ද්‍රයේ සදුගෙන් 12 වැන්නේ ඉහත ග්‍රහයන් පස්දෙනාම සිටින බැවිනි.)

 3) ධුරාධුර යෝගය
     යෙදන ආකාරය 
             සදුගෙන් දෙපස රාශිවල රවි,රාහු කේතු හැර අන්‍ය ග්‍රහයන් සිටීම
     පොදු විපාක
         ජීවිතයේ සතුටට හේතුවන දෑ ඒ ඒ අවස්ථාවන්හිදී මැනවින් අත්විදියි.(නිසිකලට විවාහය,රැකියාව ධනය දියුණුව සැලසීම) සමෘද්ධිමත්ය,ධනය,යාන වාහන ගේදොර ඉඩකඩම් හිමිවේ.විශ්වාසදායි දැසි දසුන් ලබයි.)

   උදා මහා කවි විලියම් ෂේක්ස්පියර්(1564 අප්‍රේල් 23 ධනු ලග්නය)
         එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක(1899 ජනවාරි 8 කුම්භ ලග්නය)
         ෂාරුක් ඛාන් (1965.11.2 වෘශ්චික ලග්නය )
         ලෙස්ටර් ජේම්ස් පීරිස්(1919.4.5 මේෂ ලග්නය )

 4) කේමද්‍රැම යෝගය
      යෙදෙන ආකාරය
              සදුගෙන් දෙපස රාශිවල කිසිදු ග්‍රහයකු නොමැති වීමයි.(රවි රාහු කේතුද ඇතුළුව)

     පොදු විපාක
            දිළිදුවේ.දුක්ඛිත දිවියකි.කලත්‍ර,පුත්‍ර මෙන්ම ධන සම්පතද හීනය.තම උපන් බිමන් පිටමං කරවයි.අනුන්ට බැලමෙහෙවර කරමින් කල්ගත කිරීමට සිදුවේ.අපවිත්‍ර අශේභණ ගති සිරිත් ඇත.නැනවතුන්ට සිල්වතුන්ට අපහාස කරයි.හොර මැර වංචා කපටිකම් කරන්නෙකි.
     විශේෂ සටහන
            * චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත රාශියක වැඩි ග්‍රහයන් සිටීම, ලග්නයෙන් කේන්ද්‍රස්ථානයක(4 වැන්න විශේෂයි.) වැඩි ග්‍රහයන් ප්‍රමාණයක් පිහිටීම කේමද්‍රැම යෝගයේ විෂ අඩුකර එහි අසුභ ඵල ඉස්මතු වීම යටපත් කරයි.